Thursday 25 December 2014

සණසට නව ප්‍රධානියෙක්! සණස දැක්ම හා මෙහෙවරට අනුගත විමට නොහැකි වාණිජ බැංකු කරුවෝ සණස හැර යති

සණසට නව ප්‍රධානියෙක්! සණස දැක්ම හා මෙහෙවරට අනුගත විමට නොහැකි වාණිජ බැංකු කරුවෝ සණස හැර යති

උපුටා පල කිරිමකි. මුල් ලිපිය සදහා
http://www.randora.lk/index.php/markets/corporate-news-announcements/item/2423-sanasa-bank
සණසට නව ප්‍රධානියෙක්! සණස දැක්ම හා මෙහෙවරට අනුගත විමට නොහැකි වාණිජ බැංකු කරුවෝ සණස හැර යති.
ශ්‍රී ලංකාවේ සියවසකටත් වඩා පැරණි  සකසුරුවම් හා ණය ගනුදෙනු පිළිබඳ සමූපකාර සමිති (සණස) ව්‍යාපාරයේ මුදුන් මට්ටමේ මුල්‍ය ආයතනය වු සණස සංවර්ධන බැංකුවේ නව ප්‍රධාන විධායක ලෙස බැංකු අංශයේ 30 වසරක අත්දැකිම් ඇති නිමල් සී හපුආරච්චි මහතා මෙම 08 දා සිට පත් විමට නියමිත බව කොළඹ කොටස් වෙළෙඳ පොළ නිවේදනය කරයි.  
හපුආරච්චි මහතා ලංකා බැංකුවේ හා හැටන් නැෂනල් බැංකුවේ 30 වසරක බැංකු අත්දැකිම් ලද්දෙකු වන අතර ක්ෂුද්‍ර මුල්‍ය සේවා විෂයෙහි ප්‍රවීණයකු බවද සදහන්ය.
වත්මන් ප්‍රධාන විධායක එම්.ටි ගල්ගමුව මහතා ස්වකිය ධුරයට මෙම 07 දා සමු දිමට නියමිතව ඇත.
පසුගිය දිනවල සණස සංවර්ධන බැංකුව අභ්‍යන්තරයේ  සේවක කැළඹ්ම් උත්සන්නව පැවති අතර එහි අතුරු ප්‍රතිඵලයන් වශයෙන් එහි ප්‍රධාන විධායකව සිට් නිමල් ජේ මාමඩුව(වත්මන් HDFC ප්‍රධාන විධායක) ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ස්වකිය සේවයන්ට සමු දුන්හ.
අදාල තත්ත්වයන් සමනය වු පසු එහි කළමනාකරණ නායකත්වය භාර ගත් එම්.ටි ගල්ගමුව මහතාද දෙවසරකට අඩු කාලයක් තුල මේ අනුව ස්වකිය ධුරයට සමු දි ඇත.
හෙතෙම වාණිජ බැංකු අංශයේ භාණ්ඩාගාර අංශයේ ප්‍රවීණයකු වි සිටියේය.
මෙම තත්ත්වය විමර්ශණය කරන සණස අභ්‍යන්තර සේවකයින් රන්දොරට පෙන්වා දුන්නේ මේ බොහෝ විධායකයින් වාණිජ බැංකු ලාභ උපරිම කිරිමේ  මානසිකත්වයක් ඇතිව කටයුතු කළ පුද්ගලයින් වු බැවින් ඔවුන්ට ග්‍රාමිය ජනතාව වෙනුවෙන් කේන්ද්‍රගතව ක්ෂුද්‍ර මුල්‍ය කරන අශයේ බහුතර සේවය සලසන  සණස දැක්ම හා මෙහෙවරට අනුගත විමට නොහැකි වි ඇති බවයි.
සණස සංවර්ධන බැංකුව යනු මෙම සාපේක්ෂව දුප්පත් අහිංසක මෙම සණස සමිති සාමාජිකයින්ගේ බහුතර ප්‍රාග්ධන දායකත්වයෙන් ගොඩ නැගුණු බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වන අතර එය වත්මනෙහි කොළඹ කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත වද ඇත.
සණස නායක පොඩ් අප්පුහාම් කිරිවණ්දෙණිය මහතා සර්වෝදය ව්‍යාපාරය අත්හැර අභාවයට යම්න් තිබු මෙරට සණස ව්‍යාපාරයේ නායකත්වය භාර ගෙන එයට  නව පණක් දිමට 1970 දශකයේ අඟ සිට පුරෝගාම් ස්වේච්ඡා මෙහෙවරක නිරත වේ. මෙවැනි පුරෝගාමි ජනකාන්ත නායකයෙකුගේ ඇවෑමෙන් ඔහුගේ  දියණිය වන සාපේක්ෂව අඩු බැංකු අත්දැකිම් ඇති සාමදානි  කිරිවන්දෙණිය මෙම බැංකුවේ සභාපතිත්වය භාර ගැනිමත් සමගම විවිධ සේවක නැගිට්ම් පසුගිය කාලයේ මෙම බැංකුව අභ්‍යන්තරයේ දක්නට විය.
මේ වන විට රක්ෂණ,වත්කම් කළමනාකරණ,ඉදිකිරිම්,මුද්‍රණ,මාධ්‍ය ආදි විවිධ අංශ කෙරෙහි සණස ව්‍යාප්තව ඇත.සණස නායක උපන්ගම වන කෑගල්ලේ හෙට්ටිපොළ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ අනුමැතිය ඇති සණස විශ්ව විද්‍යාලයක්ද පසුගියදා පිහිටුවිණි.
කෙසේවෙතත්,මධ්‍යෂ්ථ විචාරකයින් පෙන්වා දෙන්නේ සණස බැංකුවේ දැක්ම හා මෙහෙවර කොතරම් අග්‍රගන්‍ය වුවද පවත්නා තරඟකාරි බැංකු වතාවරණය හමුවේ ස්වකිය වෙළෙඳ පොළ පංගුව රැක ගැනිම සදහා සණසට දැඩ් තරඟයක් දිමට නම් එහි කළමණාකාරිත්වය ශක්තිමත් කරමින් නව්‍යතා ප්‍රගුණ කළ යුතු බවයි.

No comments:

Post a Comment