Showing posts with label විගණනය හා බැදුණු නීතිය. Show all posts
Showing posts with label විගණනය හා බැදුණු නීතිය. Show all posts

Saturday, 27 December 2014

අවදානම් විශ්ලේෂණය පිලිබද විගණන පටිපාටි විගණන ප්‍රමිතිය (ශ්‍රි ලංකා විගණන ප්‍රමිත 330) සමුපකාර සමිති විගණනයේදි යොදාගත හැකි ආකාරය

අවදානම් විශ්ලේෂණය පිලිබද විගණන පටිපාටි විගණන ප්‍රමිතිය සමුපකාර සමිති විගණනයේදි යොදාගත හැකි ආකාරය

1. අවදානම් විශ්ලේෂණය පිලිබද විගණන ප්‍රමිතිය

සමුපාකාර සමිතිවල විගණනය පිලිබදව දක්වා ඇති නීතිමය මුලාශ්‍රය වන්නේ 1972 අංක 05 දරණ සමුපකාර සමිති පනතයි. එම පනතේ V111 පරිච්ඡේදයේ 44 වන වගන්තියේ සමුපකාර සමිතිවල විගණනය සිදුකිරිම පිලිබදව දක්වා ඇත. සමුපකාර සමිති විගණනය සමුපකාර නීතිය අනුව සිදුකලද විගණනය සම්බන්ධයෙන් නිකුත් කර ඇති ශ්‍රි ලංකා විගණන ප්‍රමිත අනුගමනය කිරිමට සමුපකාර සමිති විගණනවරුන්ට බාධාවක් නොමැත. සමුපකාර සමිතිවල විගණනය සිදුකිරිමේදි ශ්‍රි ලංකා විගණන ප්‍රමිත අනුගමනය කිරිමෙන්හා එම ප්‍රමිත වල මගපෙන්විම මත සිදුකිරිමෙන් ප්‍රශස්ථ විගණනයක් සිදුකිරිමට හැකියාව ලැබේ. ශ්‍රි ලංකා විගණන ප්‍රමිත අනුගමනය කිරිමෙන් හා එහි මග පෙන්විම් පිලිපැදිමෙන් විගණකවරයාට විගණනය සම්බන්ධයෙන් ඇති අවධානම් තත්වයක්ද මගහරවා ගත හැකිය. අවදානම් විශ්ලේෂණය සම්බන්ධයෙන් ද සමුපකාර චින්තනයේදි විගණන ප්‍රමිත උපයෝි කර ගත හැකිය. ඒ සදහා ශ්‍රි ලංකා විගණන ප්‍රමිත 330 ප්‍රමිතිය භාවිතා කල හැක. මෙම ප්‍රමිතිය හදුන්වන්නේතක්සේරු කරනලද අවදානමක ප්‍රතිචාර දැක්විම සදහා විගණනක්‍රියාකාරකම් යනුවෙනි.
තක්සේරු කරන ලද අවදානමක ප්‍රතිචාර දැක්විම යන විගණන ප්‍රමිත 330 අරමුණ වන්නේ සමස්ථ මුල්‍ය ප්‍රකාශන මට්ටමේදි හා සැදහුම් මට්ටමේදි අවදානම් වලට ප්‍රතිචාර දැක්විමටත් විගණන ක්‍රියාපටිපාටි සැලසුම් කිරිමටත් අදාලව මග පෙන්විමක් සැපයිමයි.
සමුපකාර සමිතිවල විගණනයේදි විගණකවරයාට විගණනය සම්බන්ධයෙන් දැරිය යුතු විගණන අවදානම් අවම කරගැනිමට මෙම ප්‍රමිතිය භාවිතා කල හැකිය.

මෙම ප්‍රමිතියේ මගපෙන්විම් 2 කි.
1.සමස්ථ ප්‍රතිචාර
2.සැදහුම් මට්ටම

1. සමස්ථ ප්‍රතිචාර
මුල්‍ය ප්‍රකාශනවල මුල්‍ය ප්‍රකාශන මට්ටමේදි ප්‍රමානාත්මක සාවද්‍ය ප්‍රකාශ පැවතිමේ අවධානමට ප්‍රතිචාර දැක්විම සදහා විගණන ක්‍රියාපටිපාටිය සමස්ථ ප්‍රතිචාර ලෙස හැදින්විය හැකිය.
මේ යටතේ සමුපකාර සමිති විගණකවරයා කටයුතු කල යුත්තේ මුල්‍ය ප්‍රකාශන සකස්කිරිමේදි ප්‍රමානාත්මක සාවද්‍ය ප්‍රකාශ පැවතිදැයි පරික්ෂා කිරිමයි.එනම් සමුපකාර සමිතියේ අවසන් ගිනුම් සකස්කර ඉදිරිපත් කිරිමේදි එම අවසන් ගිනුම්වල සාවද්‍ය ප්‍රකාශ පැවතිමේ අවධානමක් පවති.වැරදි සංකල්ප ඉදිරිපත් කිරිමේ සිට සමුපකාර සමිතියේ කටයුතු සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශ අවසන් ගිණුම් හරහා ඉදිරිපත් විය හැකිය.
මුල්‍ය ප්‍රකාශන වල මුල්‍ය ප්‍රකාශන මට්ටමේදි සාවද්‍ය ප්‍රකාශ පැවතිමේ අවධානමට ප්‍රතිචාර දැක්විම සදහා විගණකවරයාට අනුගමනය කල හැකි පියවරයන් කිහිපයකි. එනම්

1.වෘත්තිය විමර්ශනත්වය පවත්වාගෙනයාම
2.පලපුරුද්දෙන් වැඩි සහායකයින් යෙදවිම
3.විශේෂඥයින්ගේ වැඩ ප්‍ර යෝජනයට ගැනිම
4.අධික්ෂණය වැඩිකිරිම
5.විගණන පටිපාටින් ක්‍රියාත්මක කිරිමේදි පුරෝකථනය කල නොහැකි අකාරයට කටයුතු කිරිම


වෘත්තිය විමර්ශන බව පවත්වාගෙන යාම
වෘත්තිය විමර්ශනබව පවත්වාගෙනය යාම යනුවෙන් හදුන්වන්නේ සමුපකාර සමිති විගණකවරයා විගණනයේදි සිදුකරන පරික්ෂාවන් විමර්ශනාත්මකව සිදුකල යුතු බවයි. එනම් පරික්ෂාකිරිමේ සියල්ල හුදෙක් ඇගයිමක් හෝ සංසන්දනාත්මක බව උදෙසා පරික්ෂා කිරිමට වඩා විමර්ශනාත්මකව පරික්ෂා කල යුතු බවයි. විශ්ලේෂණයේදි අපේක්ෂා නොකල අවස්ථාවලදි අඩුපාඩු හදුනාගතහැකිවේ.

පලපුරුද්දෙන් වැඩි සහායකයින්  යෙදවිම
අවදානම් විශ්ලේෂණය පිලිබදව සමුපකාර සමිති විගණකවරයා කටයුතු කිරිමේදි තම විගණනය සදහා පලපුරුද්දෙන් වැඩි සහායකයින් යෙදවිම කල යුතුයි. නවක හා පුහුනුවන සහායකයින් යෙදවිම තුලින් විගණකවරයාට සමුපකාර සමිතියේ අවදානම් විශ්ලේෂණය පිලිබදව අවධානය යොමුකරනවිට වැඩ සහායකයින්ට විගණනය පිලිබදව දැනුම ලබාදිමට සිදුවේ.
පලපුරුද්දෙන් වැඩි සහායකයින් යෙදවිම තුලින් සහායකයින්ගේ දැනුම හා වෘත්තිය පරිචය තුලින් අවදානම් පිලබදව විශ්ලේෂණය කිරිම සිදුකරයි. විගණකවරයාට  ද සහාය විගණකවරුන් සම්බන්ධයෙන් අවධානය යොමුකිරිම වෙනුවට විගණනයේ කටයුතු ද සම්බන්ධයෙන් අවධානය යොමුකල හැකිය.

විශේෂ දක්ෂතා සහිත සහායකයින් යෙදවිම
සමුපකාර සමිතිය යනු විවිධ අවශ්‍යයන් හි සමන්විත ව්‍යාපර විශේෂයකි. විශේෂයෙන්ම ඇතැම් විවිධ සේවා සමුපකාර සමිතිවල ඇති විශේෂ අවසන් විගණනය සිදුකිරිමේදි ඒ පිලිබදව දැනුමක් ඇති අය යොදවා ගැනිම සුදුසුය.උදාහරනයක් ලෙස විමෝල් පවත්වාගෙන  සමුපකාර සමිති නිෂ්පාදන කටයුතු සිදුකරන සමිති දැක්විය හැකිය. මෙවැනි සමුපකාර සමිතිවල විගණකවරයාට මුහුනදිමට සිදුවන විගණන අවධානම සම්බන්ධයෙන් ගත හැකි පියවරක් වන්නේ ඒ පිලිබදව දක්ෂතා ඇති අය සහායකයින් ලෙස යොදාගැනිමයි.

විශේෂඥයින්ගේ වැඩ ප්‍ර යේජනයට ගැනිම
සමුපකාර සමිතිවල විගණනය සිදුකිරිමේදි අවදානම් විශ්ලේෂණය පිලිබදව විගණන ප්‍රමිතිය භාවිතාකිරිමේදි සමුපකාර සමිති විගණකවරයාට සිදුකලහැකි කාර්යයක් වන්නේ විශේෂඥයින්ගේ වැඩ ප්‍ර යෝජනයට ගැනිමයි.
සමුපකාර සමිතියේ කටයුතු ද සම්බන්ධයෙන් විගණකවරයාට වැටහිමක් නොමැතිනම් ඒ පිලිබදව විශේෂඥයින්ගේ සහාය ලබාගත හැකිය.උදාහරන ලෙස ගොඩනැගිල්ලක් ඉදිකිරිම සම්බන්ධයෙන්  අවධානමකදි ඒ පිලිබදව පලපුරුදු ඉංජිනේරුවරයෙකුගේ සහාය ලබාගත හැකිය.

අධික්ෂණය වැඩිකිරිම
මුල්‍ය ප්‍රකාශන මට්ටමේදි ප්‍රමානාත්මක හා වැය ප්‍රකාශ පැවතිමේ අවධානමට ප්‍රතිචාර දැක්විම සදහා විගණන ක්‍රියාපටිපාටි අනුගමනය කිරිමේදි අනුගමනය කල හැකි පියවරකි. විගණකවරයාගේ අධික්ෂණය වැඩිකිරිම තමා යටතේ සිටින සහායකයින්ගේ වැඩ ගැන අධික්ෂණය වැඩකිරිම තුලින් විගණනය අවධානම අඩුකිරිමට කටයුතු කල හැකිය.

විගණන පටිපාටින් ක්‍රියාත්මක කිරිමේදි පුරෝකථනය කල නොහැකි ආකාරයට කටයුතු කිරිම

සමුපකාර සමිතිවල විගණනය සිදුකිරිමේදි විණන පටිපාටින් ක්‍රියාත්මක කිරිමේදි පුරෝකථනය කල නොහැකි ආකාරයට කටයුතු කල යුතුයි. මෙහිදි පුරෝකථනයකල හැකි ආකාරය යනු විණනවරයා විසින් සිදුකරනු ලබන කාර්යයන් සමුපකාර සමිතියේ බලධාරින්ට පුරෝකථනය (නිගමනය)කල නොහැකි ආකාරයට සිදුකිරිමයි එනම් විගණනවරුන්ගේ තහවුරු පරික්ෂා කිරිම් තුලින් අනාවරනය කරගත් ඌනතාවයන් පිලිබදව තහවුරු කරගැනිමට අවශ්‍ය වුවහොත් එය සිදුකරන ආකාරය සමුපකාර සමිතියේ බලධාරින්ට උපලේඛනය කල නොහැකි ආකාරයට සිදුකල යුතුයි. උදාහරන ලෙස ග්‍රාමිය බැංකුවේ කලපසු ණය පරික්ෂාවේදි සමුපකාර සේවකයන්ගේ ණය පිලිබදව අවධානය යොමුකල යුතු යැයි හැගේනම් එය බලධාරින්ට හා සේවකයින්ට නොදැනෙන ලෙස සිදුකල යුතුයි.

(2) සැදහුම් මට්ටම
          මෙයින් අදහස් වන්නේ ප්‍රමානාත්මක සාවද්‍ය ප්‍රකාශ පැවතිමේ අවධානමට ප්‍රතිචාර දැක්විමයි. එනම් සැදහුම් මට්ටමේදි විගණකවරයාට ප්‍රමානාත්මක සාවද්‍ය ප්‍රකාශ පැවතිමේ අවධානයට මුහුනදිමට සිදුවේ.


අවදානම් විශ්ලේෂණය පිලිබද විගණක පටිපාටින් විගණන ප්‍රමිතිය සමුපකාර සමිතිවල  විගණනයේදි යොදාගැනිම

අවදානම් විශ්ලේෂණය පිලිබද විගණක පටිපාටින් විගණන ප්‍රමිතිය සමුපකාර සමිතිවල විගණන ප්‍රමිතිය සමුපකාර සමිතිවල විගණනයේදි යොදාගැනිමේදි අවදානම් තක්සේරුව අනුව විගණනයට ඉටුකල හැකි ප්‍රධාන ප්‍රවේශ 2 කි.

තහවුරු පටිපාටි ප්‍රවේශය
සමුපකාර සමිතියේ අභ්‍යන්තර පාලනය ඵලදා යැයි විගණනයට අපේක්ෂා කල නොහැකිවිම එම පාලකයන් පිලිබදව විගණකවරයාට විශ්වාසය තැබිය නොහැක. ඒ නිසා විගණන සාක්ෂි ලබාගැනිමේ ක්‍රමයක් ලෙස විගණන තහවුරු ක්‍රියාපටිපාටි ප්‍ර වේශය ක්‍රියාත්මක කිරිමට විගණක තිරණය කරයි. එහිදි විගණකවරයා පුර්ණ තහවුරු ක්‍රියාපටිපාටි ඉටුකිරිම කල යුතුයි.

ඒකාබද්ධ ප්‍රවේශය
සමුපකාර සමිතියේ අභ්‍යන්තර පාලකයන් ඵලදායැයි විගණන විනිශ්චය කරන විමකදි එමපාලකයන් පරික්ෂාකොට විශ්වාසයක් පාලය මතතැබිය හැකිය. ඒ අනුව සාක්ෂි ලබාගැනිම සදහා පුර්ණ තහවුරුපටිපාටින් ඉටුකිරිමට අවශ්‍ය නොවන අතර ඒ වෙනුවට සිමිත තහවුරු පටිපාටින් ඉටුකිරිමට කරනු ඇත.එවැනි විටකදි තහවුරු පටිපාටින්ට සමගාමිව පාලන පරික්ෂා ද ඉටුකරනු ලබයි

Monday, 22 December 2014

විගණනවරයෙකු සේවාදායක ආයතනයක් සම්බන්ධයෙන් ඉටුකල යුතු වෘත්තිය ආචාරධර්ම හා ඔවුන් සතු නෛතික වගකිම

විගණනය පිළිබද උසස් ඩිප්ලෝමා පාඨමාලාව 2012-2013 ජාතික සමුපකාර සංවර්ධන ආයතනය සදහා කල විශය නිබන්දනයෙන් උපුටා ගත් කොටසකි.

විගණනවරයෙකු සේවාදායක ආයතනයක් සම්බන්ධයෙන් ඉටුකල යුතු වෘත්තිය ආචාරධර්ම හා ඔවුන් සතු නෛතික වගකිම

විගණනය  ආරම්භය විකාශණය
විගණනය යනු කවදා කොතැනකදි කුමන රටකදි ආරම්භවුවාදැයි සනාථ කිරිමට නමේ සාක්ෂි ලබා නොමැති වුවත් මානව පරිනාමයත් සමගම දියුණු වු විෂයක් ලෙස හැදින්විම වරදක් නොවේ. ඉතා පැරණි සමිජයේ සියලු සම්පත්වල හිමිකම පාලකයා සතුවු බැවින් ප්‍රාදේශිය වශයෙන් පත්කර තිබු  පත්කර තිබු නිලධාරින් තම තම පාලන ඒකක සම්බන්ධයෙන් තොරතුරු ප්‍රධානියාට ලබාදිම සිරිතක්ව පැවතුනි. එසේම නියමිත කාල වකවානුවලදි  ප්‍රාදේශිය පාලකයින් විසින් රජතුමා වෙත බදු ගෙවිම කරන ලදි. මෙසේ ලැබෙන   අය බදු බාරගැනිමට නිලධාරින් පත්කල අතර ඔවුන් විසින් රාජකිය භාණ්ඩාගාරය පිලිබදව විස්තර රජතුමා වෙත වාර්තා කිරිම සිදුකරන ලදි. මෙය විගණනය ලෙස අප හැදින්විමක් නොකල  පුරාන කාලයේ සිටම සම්පත් පරිහරනය පිලිබදව රාජ්‍ය ප්‍රධානියාට                තොරතුරු වාර්තා කිරිමට තිබු බව ඉන් සනාථ වේ.

ක්‍රි.ව 1494 දි ඉතාලි ජාතික  ගණිතඥයෙකු වු ලූකා පැසියෝලි විසින් දිත්ව සටහන් න්‍යාය හා ගිණුම් නමැති සංකල්පය මෙන්ම ආකෘති ද ලොවට හදුන්වා දුන් අතර මේ සමගම ගිණුම්කරණය නමින් විෂයක් ලොවට බිහිවේ. ගිණුම්කරණය විෂයේ   ආභාෂය    විගණනය සදහා ලැබුනු  අතර ගිණුම්කරණයේ සංවර්ධනයත්  සමගම විගණනය ද සංවර්ධනය විය.
මුල් කාලයේ විගණනයේ කාර්යභාරය ඕනෑම සංවිධානයක ගිණුම්කරණයේ සාර්ථක අසාර්ථක භාවය පරික්ෂා කිරිමයි. නමුත් වර්ෂ 1700  වන විට ගිණුම්කරණය ස්වාධින විෂයක් ලෙස සංවර්ධනය විමත් සමගම සම්පත් පාලනය කරන විෂයක් විම නිසාත් එම පාලනය මූලික කරගෙන ගණකාධිකාරි නමින් නව වාත්තිකයන් බිහිවන්නට විය. මේ හේතුව නිසා පසුකාලිනව වරලත් ගණකාධිකාරි ආයතනය බිහිවිය එය විගණනයේ වැදගත් සන්ධිස්ථානයක් වේ. ඇමෙරිකානු සම්භවයක් සහිත රටවල ගිණුම්කරණය ව්‍යාප්ත විම්ත සමගම සම්පත් පාලන විෂයකට වඩා කළමනාකරුවන්ට තිරණ ගැනිම සදහා මග පෙන්වන ක්‍රමවේදයක් හෙවත් විඥ්ඥාපන පද්ධතියක් ලෙස විගණනය සංවර්ධනය විය. මේ වන විට විගණනය ඕනෑම සංවිධානයක යහ පාලනය තිරණය කරන ප්‍රධානතම සාධකය බවට පත්වි ඇත. මේ නිසා ලොව සෑම රාජ්‍යයක්ම පාහේ විගණනය යන විෂයට අවධානයක් යොමුකරයි.


ශ්‍රි ලංකාවේ විගණනය  සම්බන්ධයෙන් වු විධිවිධාන
ශ්‍රි ලංකාවේ රජයන් ද විගණනය යන විෂය පෝෂණය කිරිම සදහා විවිධ කර්තව්‍යයන් ඉටුකොට ඇත. මෙහිදි අතිශ්‍ය වැදගත් වන්නේ විගණන ප්‍රමිති හදුන්වා දිමයි. 1995 අංක 15 දරණ ශ්‍රි ලංකා ගිණුම්කරණය සදහා විගණන ප්‍රමුඛ පනත සම්මත කොට විගණනය සිදුකිරිම වඩාත් ක්‍රමානුකූල කර ඇත. ඒ අනුව 2010 දක්වා පැරණි විගණන ප්‍රමිත ක්‍රියාත්මක වු අතර 2010 වර්ෂයේ සිට නව විගණන ප්‍රමිත භාවිතා කෙරේ. මෙසේ විගණන ප්‍රමිත හදුන්වා දිමට මුලික හේතුවක් වන්නේ වඩාත් ගුණාත්මක නිමවුමක් ලබාගැනිම ඒකිය හා පොදු භාවිතය සදහාත්  සැසදිමේ පහසුව ලබාගැනිමත්ය. ඒ අනුව ශ්‍රි ලංකාවේ ගිණුම්කරණය හා විගණනය සදහා වෙන වෙනම ප්‍රමිත හදුන්වා දි  ඇත.
1995 අංක 15 දරණ පනත තුලින් ශ්‍රි ලංකාවේ ගිණුම් ප්‍රමිත සකස් කිරිම සදහා ගිණුම් ප්‍රමිත කමිටුව ද විගණන ප්‍රමිත සකස්කිරිම සදහා විගණන ප්‍රමිත කමිටුව ද ලෙස ව්‍යවස්ථාපිත කමිටු  දෙකක් පිහිටුවා ඇත. එම කමිටු දෙකෙන් සකස් කරන ප්‍රමිත එලි දැක්විමේ අධිකාරිය වරලත් ගණකාධිකාරි ආයතනයට පවරා දි ඇත. මේ  ප්‍රමිත වල කාලින යෝග්‍යතාවය තිරණය කිරිම සදහා වෙන වෙනම සමික්ෂණ මණ්ඩල දෙකක් පිහිටුවා ඇති අතර, වර්තමානය වන විට ශ්‍රි ලංකාවේ විගණන කාර්යයන් ජාත්‍යයන්තර ප්‍රමිතින්ට අනුරෑප වන සේ කටයුතු කිරිමට හැකිවන පරිදි විගණන ප්‍රමිත ඉදිරිපත් කොට ඇත.  ලංකාවේ විගණන ප්‍රමිත අංක 200 සිට 810 දක්වා නිකුත් කොට ඇත.
විගණන කාර්යයන් සම්බන්ධයෙන් නෛතික විධිවිධාන
පෞද්ගලික හෝ  සිමිත සමාගම් වල විගණකවරයා පත්කිරිම සම්බන්ධයෙන් වු නෛතික විධිවිධාන දක්වා ඇත්තේ 2007 අංක 7 දරණ සමාම් පනතේය. ඒ අනුව සෑම පුද්ගලික හෝ සිමිත සමාගමක් එහි පනතේ විධිවිධානයන්ට යටත්ව විගණකවරුන් පත්කල යුතුයි. මෙම පනතින් විගණකවරු පත්කිරිම අවස්ථා තුනක දි සිදුකල හැක.
1.         සාමාන්‍ය තත්වයකදි විගණකවරු පත්කිරිම
2.         අනියම් පුරප්පාඩු පිරවිම
3.         ප්‍රථම විගණක පත්කිරිම
සමුපකාර සමිතියක විගණකවරුන් පත්කිරිම
1992 අංක 11 හා 1983 අංක 32 දරණ සංශෝධන පනත් වලින් කියවෙන 1972 අංක 5 දරණ සමුපකාර සමිති පනතේ V111 වන පරිච්ඡේදයේ සමුපකාර සමිතිවල විගණන කටයුතු දක්වා ඇත. ඒ අනුව 44 හා 45 වගන්ති තුලින් විගණනය සම්බන්ධයෙන් කටයුතු ද 46 වගන්තිය තුල පරික්ෂණ සම්බන්ධව ද දක්වා ඇත. එසේම  1972 අංක 5 දරණ සමුපකාර සමිති පනතේ 44(1) වගන්තියට අනුව සෑම වර්ෂයකම විගණනය කල යුතු බව දක්වා ඇති අතර ඒ අනුව සෑම සමිතියක්ම ගණන් පරික්ෂා කිරිම සදහා රෙජිස්ට්‍රාර්වරයා විසින් විගණකවරයෙකු පත්කරනු ලබයි. මේ අනුව සමුපකාර සමිති විගණනය රෙජිස්ට්‍රාර්වරයාට පැවරි ඇති කාර්යයක් වේ.

විගණනවරයෙකු සේවාදායක ආයතනයක් සම්බන්ධයෙන් ඉටුකල යුතු වෘත්තිය ආචාරධර්ම හා ඔවුන් සතු නෛතික වගකිම

විගණකවරයෙකු සතු නෛතික වගකිම
සමුපකාර සමිතියක හො පුද්ගලික සමාගමක හො රාජ්‍ය ආයතනයක හො විගණකවරයෙකු ලෙස පත්ව යන විගණක වරයෙකුට සිය රාජකාරි සම්බන්දයෙන් සතු නෛතික වගකිම කොටස් දෙකක් යටතේ දැක්විය හැක.
1.අපරාධ නිතිය යටතේ ඇති වගකිම
2.සිවිල් නිතිය යටතේ ඇති වගකිම

1.අපරාධ නිතිය යටතේ ඇති වගකිම
සමුපකාර සමිතියක හෝ පෞද්ගලික පොදු සමාගමක හෝ රාජ්‍ය ආයතනයක හෝ විගණකවරයෙකු පත්විම් ලැබ කටයුතු කරනු පුද්ගලයෙකු හට ස්වකිය කාර්ය පටිපාටිය ඉටුකිරිමේදි අපරාධ නිතිය යටතේ බැදිමට යටත්වේ. අපරාධ නිතිය යටතේ විගණකවරු සතු වගකිම පහත දැ සම්බන්ධයෙන් පවති.
අ). ගිණුම් විකෘති කිරිම
මේ යටතේ ආයතනයේ ගිණුම්වල කරනු ලබන වෙනස්කම් දැක්වේ. සත්‍ය තත්වය වසන් කර ව්‍යාජ තොරතුරු දක්වන ගිණුම් වෙනස්කිරිම මිට අයත්වේ. උදාහරණ සමුපකාර සමිතියක ණය ලබාගත් ණය ලබාගත් සාමාජිකයෙකු ගේ ණය ශේෂයන් වෙනස්කර වෙනත් ණයකරුවෙකුට එය සලකුණු කිරිම දැක්විය හැක. විගනක වරයා විසින් ගිනුම් වෙනස් කිරිම මෙන්ම ගිනුම් වෙනස් කිරිමට වෙනත් අයෙකුට අනුබල දිමද  විගණක වරයා වගකිමට යටත්වන කරුණකි.
ආ) . රැවටිමේ අදහසින් යම් නිශ්චිත ද්‍රව්‍යාත්මක කරුණක් පිලිබදව නොමග යවන ව්‍යාජ හෝ මායාකාරි ප්‍රකාශයක්සිදු කිරිම
ව්‍යාපාරික කටයුත සම්බන්ධයෙන් කොටස්කරුවන් හා ණයහිමියන් රැවටිමේ අදහසින් යම් නිශ්චිත ද්‍රව්‍යාත්මක කරුණක් පිලිබදව නොමග යවන ව්‍යාජ හෝ මායාකාරි ප්‍රකාශයක් වැනි කරුණක් කිරිම විගණකවරුයෙකුට අපරාධ නිතිය යටතේ වගකිමට බැදෙන තත්වයකි. මේ යටතේ නොලද ලාභයක් පෙන්නුම්කිරිම උදාහරණ ලෙස දැක්විය හැක.
මේ යටතේ විගණකවරයාගේ නොසැලකිලිමත් බව සාක්ෂි සහිතව ඔප්පුකල හැකිනම් විගණකවරයාට එරෙහිව අධිකරණයේ අපරාධ නඩු පැවරිය හැක. ඒ අනුව නිලධාරින්ගේ හා පාලකයින්ගේ මුදල් අඩු බඩු අඩුවිම් ආදි සම්බන්ධයෙන් විගණකවරුන් නොසැලකිලිමත්ව කටයුතු කර තිබේනම් ඒ සම්බන්ධයෙන් විගණකවරයා අපරාධ නිතිය යටතේ වරදකරු වේ. මේ නිසා විගණකවරුන් තොග මුදල් සත්‍යාපනය කිරිමේ දි විගණන ප්‍රමිත හා ගිණුම් ප්‍රමිත වල මග පෙන්විම් අනුගමනය කිරිම කල යුතුය.

2.සිවිල් නිතිය යටතේ වගකිම
සිවිල් නිතිය යටතේ ඇති වගකිම පහත පරිදි දැක්විය හැක.
1.ගිවිසුම් කඩකිරිම් සම්බන්ධව ඇති වගකිම
විගණකවරයෙකු ස්වකිය කාර්යභාරය ඉටුකිරිම සදහා සේවා අපේක්ෂිත ආයතනය සමගම විගණන පත්විමේ ලිපියක් මගින් ගිවිසුමට එළඹේ. මෙම විගණන පත්විමේ ලිපියෙන් දෙපාර්ශවය අතර ඇති ඇතිවිය හැකි ගැටළු අවම කිරිම සදහා වගන්ති හා කොන්දේසි ඇතුලත් කෙරේ. මේ යටතේ
1.      විගණකවරයාගේ පාරිශ්‍රමිකය
2.      විගණන කාලය
3.      විගණනයේ අන්තර්ගත කරුණු
4.      විගණනයට ගතකරන දිනගණන
ආදිය පිලිබදව දෙපාර්ශවය ගිවිසුම්වලට එළඹේ. මේ යටතේ විගණකවරයෙකු විසින් තමන් පත්විමේ ලිපියෙන් භාරගනු ලබන කොන්දේසි ඉටුනොකර කටයුතු කරයිනම් සේවා අපේක්ෂිත ආයතනය විගණකවරයාට විරුද්ධව ගිවිසුම් කඩකිරිමේ චෝදනාව යටතේ නඩුපැවරිය හැක.

එසේ වුවද සමුපකාර නිතිය අනුව විගණකවරයා පත්කිරිම කොමසාරිස්වරයා විසින් පත්කරනු ලබන බැවින් මෙවැනි පත්විමේ ලිපියකට විගණකවරයා නොඑළඹේ. කොමසාරිස්වරයාගේ බලය පැවරුම් ලිපියේ දැක්වෙන නියෝග කඩකරනු ලබන විගණකවරුනට විරුද්ධව විනයානුකූලව කටයුතු කල හැකිය.


2 දිලිප්ත නිතිය යටතේ ඇති වගකිම

සිවිල් නිතිය යටතේ විගණකවරයා සම්බන්ධයෙන් බැදි පවතින නීතිමය තත්වයක් ලෙස දිලිප්ත නිතිය දැක්විය හැක. විගණකවරයා නිසි සැලකිල්ලෙන් කටයුතු කර නොමැති විටකදි දිලිප්ත නිතිය යටතේ වගකිමට බැඳේ.
මේ යටතේ
                 I.            පැමිණිලිකරුට විගණක  සැලකිලිමත්ව කටයුතු කිරිමේ යුතුකමින් බැදි සිටින බව
               II.            එම සැලකිලිමත් බව වගඋත්තරකරු උල්ලංගනය කර ඇති විටක
             III.            එම උල්ලංගනය හේතුවෙන් පැමිණිලිකරුට අලාභයක් සිදුකර ඇති බව
 නිතිය ඉදිරියේ ඔප්පු කර පෙන්විය යුතුය.

පැමිනිලිකරු විසින් නොසැලකිලිමත් බව ඔප්පු කිරිම මෙන්ම මේ නිසාම අලාභයක් සිදුවි ඇතිබව ඔප්පු කිරිම කල යුතුය. දිලිප්ත නිතිය යටතේ විගණකවරුන්ගේ වගකිම අනු කොටස් තුනකි.

1.ප්‍රත්‍යාකාරි වගකිම

මෙය විගණකවරයාගේ නොසැලකිලිමත් බව හා බැදුනු වගකිමකි. විගණන කාලය තුලදි විගණක හෝ විගණකවරයා විසින් ස්වකිය විගණක කටයුතු සදහා යොදාගනු ලබන සේවකයෙකු කරන වරදට  විගණකවරයා වගකිමට බැදෙන බව මින් අදහස් වේ. ඒ අනුව විගණනයකදි සහයට යොදාගන්නා සහයකයින් විසින් සිදු කරනු ලබන වැරදි සම්බන්දයෙන් විගණක වරයාට වගකිමක් ඇත. සැම විටම විගණක වරයා තම සහයක නිළධාරින්ගේ කටයුතු සම්බන්දයෙන් අධික්ෂණය කල යුතු අතර අවශ්‍ය උපදෙස් නිරතුරුව ලබා දිය යුතුය.
එසේම සහයක නිළධාරින් හට පවරා ඇති විෂයන් පිළිබදව විගණක වරයාද අවධානය යොමු කිරිම , විටින් විට ඒ ගැන පරික්ෂා කිරිමද සහයක නිළධාරින්ගේ වරදවල් මගරවා ගැනිමට හේතු වේ.

2.තෙවන පාර්ශවයට ඇති වගකිම

තෙවන පාර්ශවයක් විසින් විගණන වාර්තාව පදනම් කරගෙන තම ආර්ථික තිරණ ගනු ලබන්නේ නම් විගණන වාර්තාවේ තොරතුරු නිසා තෙවන පාර්ශවයට සිදුවන අලාභය සම්බන්ධයෙන් විගණක වගකිමට බැදෙන බව මින් අදහස් වේ. මෙහිදි තෙවන පාර්ශවය විසින් ඔප්පු කල යුතු කරුණු කිහිපයකි.
                   I.            තෙවන පාර්ශවය අදහස් කරන ගණදෙනුවේ ස්වභාවය
                 II.            විගණක වාර්තාව හෝ ප්‍රකාශයක් තෙවන පාර්ශවයට සෘජුව හෝ වක්‍රව දැනුම්දිම
               III.            තෙවන පාර්ශවය ගණුදෙනු කිරිම හෝ නොකිරිම සම්බන්ධයෙන් විගණන වාර්තාව මත විශ්වාසය තබන බව විගණකවරයා දැන සිටිය යුතුය.
යන කරුණු අධිකරණය තුලදි තෙවන පාර්ශවය ඔප්පු කල යුතුය.

            මේ සදහා උදාහරන ලෙස කිසියම් සණස සමිතියක් විසින් සාමාජිකත්වය දරන සණස සංගමයක්  විසින් සණස සමිතිය පිළිබදව තිරණ ගැනිමට විගණන වාර්තාව උපයෝගි කරගනි. මෙහිදි විගණන වාර්තාවේ ප්‍රකාශිත කරුණු මත සණස සමිතියෙන් අයවිය යුතු මුදලක් කපා හැරිමට සණස සංගමය තිරණය කරනු ලබන අතර පසු කලකදි මේ තිරණය ගැනිමට හේතු වුයේ විගණක වරයා සණස සංගමය නොමගයැවිමේ හේතුවෙන්ම ව්‍යජ තොරතුරු විගණන වාර්තාවට ඇතුලත් කර ඇති බව  සනාථ වුයෙන් , සණස සංගමයට සිදුවු අලාභය විගණක වරයාගෙන් අයකරගැනිමට අධිකරණය යා හැකිය.

3.වංචා හා වැරදි වගකිම

විගණන වාර්තා සම්බන්ධව වංචා හා වැරදි සම්බන්ධයෙන් තම සේවා දායකයා දැනුවත් කිරිමට විගණකවරයා බැදි සිටින අතර සේවා දායකයා දැනුවත් නොකිරිම නිසා සිදුවන හානි සම්බන්ධයෙන් විගණකවරයා දිලිප්ත නිතිය යටතේ වගකිමට බැදේ.
අනාවරනය වන මුදල් අඩුවක් සම්බන්දයෙන් කළමනාකාරිත්වය දනුවත් නොකර සිටිම මිට උදාහරන වේ. ඇතැම් විගණක වරු සිය විගණනය සිදු කිරිමේදි අනාවරනය වන මුදල් අඩු සමිබන්දයෙන් කටයුතු කිරිමේ දි අදාල නිළධාරියාට අඩු මුදල සමිපුර්ණ කිරිමට උපදෙස් දි එය විගණන වාර්තාවට නොගනි.  මේ නිසා මෙම නිළදාරියා විගණනයෙන් පසුව ද නැවත ආයතනයේ මුදල් තම පරිහරනයට ගනි. මෙය කළමනාකරනයට පසුව අනාවරනය වුවහොත් විගණක වරයා සේවා දායකයා දැනුවත් නොකිරිම නිසා සිදුවු අලාභයක් සේ සලකා විගණක වරයාට එරෙහිව අධිකරනයේ පිහිට පැතිය හැකිය.

 විගණනවරයෙකු සේවාදායක ආයතනයක් සම්බන්ධයෙන් ඉටුකල යුතු වෘත්තිය ආචාරධර්ම

1                   ස්වාධිනත්වය
යම්කිසි ආයතනයක විගණනය සදහා විගණක නිලධාරියෙකු පත්කල විට අදාල ආයතනයේ කිසිම පාර්ශවයකට ගැති නොවි සිය රාජකාරි ඉටුකල යුතුවේ. මෙසේ ස්වාධිනව රාජකාරි ඉටුකිරිමට සිමා කෙරෙන සාධක කිහිපයකි

        i.            සේවාදායක ආයතනය සමග මුල්‍යමය ඇල්මක් තිබිම  -
මෙයින්  අදහස් වන්නේ විගණක වරයා කිසිදු අකාරයක මුල්‍යමය බැදිමක් නොතිබිය යුතු බවයි. ආයතනයෙන් දිරි දිමනා හා ප්‍රසාද දිමනා ලබා ගැනිම,  ද මෙම මුල්‍යමය ඇල්මට උදාහරනයකි. තමා විගණන පත්විම භාර ගැනිමේ ලිපියෙන් දක්වා ඇති පාරිශ්‍රමිකය හැර අන් මුදලක් අපෙක්ෂා නොකල යුතුය.
      ii.            වෙනත් පාර්ෂවයක් විසින් ආයතනයෙන් ලබා ගත් ණය සදහා ඇප විම හෝ විගණක වරයා විසින් ආයතනයෙන් ණය පහසුකම් ලබාගෙන නොතිබිම.
    iii.            සේවාදායක ආයතනය සමග සමිප ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යැම.
එනම් සේවාදායක ආයතනයේ සැපයුම් කරුවෙකු විම බෙදාහරින්නෙකු විම හො ව්‍යපාරයේ ව්‍යපාරික කටයුතුවලට බලපැම් කල හැකි විම විගණක වරයෙකුට ස්වකිය විගණනය ස්වාධිනව සිදු කිරිමට බාදා ගෙන දෙයි.
    iv.            අදාල ආයතනයේ නිත්‍යානුකූල අවසරක් නොමැතිව අධ්‍යක්ෂවරයෙකු හෝ විධායක නිළධාරියෙකු ලෙස කටයුතු කිරිම.
      v.            මැතක් වන තුරු සේවා දායක ආයතනයේ නිත්‍ය තනතුරක කටයුතු කර තිබිම.

ඉහත සාධක විගණක වරයාගේ ස්වාධිනත්වයට භාදාකරන සාධක වේ.

            මේ නිසා සමුපකාර සමිතියක විගණක වරුන් පතකිරිමේදි එම සමිතිය භාරව සංවර්ධනනිළධාරි ලෙස ආසන්න වසර තුන තුල කටයුතු කර තිබෙනම් හො සමිතියේ සාමාජිකත්වය ලබා තිබේනම් හෝ සමුපකාර කොමසාරිස් වරයා ඹහුව විගණනයට පත් නොකරයි.
2.අවංක භාවය
 කිසියම් ආයතනයක විගණනයට පත්කරන පුද්ගලයා තමාගේ හෘද සාක්ෂියට එකගව කටයුතු කල යුතුය. තම සහතික කිරිමේ කාරයයන් සැමවිටම සාධාරනව සිදු කල යුතුය.  අනාවරනය වන විගණන ශාක්ෂි මත තම මතය හෘද සාක්ෂිය අනුව ඉදිරිපත් කල යුතුය.
විගණනයදි අනාවරනය වන  වංචා සම්බන්දයෙන් තම මතය හෘද සාක්ෂිය අනුවඉදිරිපත්කල යුතුය. මෙහිදි වංචාවට සම්බන්ද අයගෙන් වෙනත් වරප්‍රසාද ලබා ගැනිමට විගණක වරයා උත්සහ නොකල යුතුය.
3. විෂය මුලික බව
විගණකවරයා තම අරමුණට ලගාවිම සදහා අවශ්‍ය සියලුම කටයුතු ඉටුකල යුතුය. මේ සදහා විගණනයේ දි තමා අනුගමනය කල යුතු කාර්යයන් පිළිබදව මනා අවබෝධයක් විගණක වරයාට තිබිය යුතුය.
1.      විගණක වරයා තම මතය පලකිරිමට අවශ්‍ය ප්‍රමානවත් තොරතුරු පරික්ෂා කල යුතුය.
2.      විගණක වරයා තම මතය ස්වාධිනව ඉදිරිපත් කල යුතුය. එනම් අන් අයගේ බල පැම මත විගණන මතය ඉදිරිපත් නොකල යුතුය.
3.      විගණක වරයා සැම විටම අපක්ෂපාති හා සාධාරන විය යුතුය.
4.      විගණක වරයා කිසි විටකත් තම වාර්තාවේ ව්‍යජ තොරතුරු ඉදිරිපත් නොකල යුතුය.

4. වෘත්තිය නිපුනතාව සහ නිසි සැලකිල්ල
මින් අදහස් වන්නේ විගණන නිළදාරියාට තම රාජකාරි කටයුතු පිළිබදව  න්‍යායායාත්මක හා මනා කුසලතාවයක්ද මනා පරිචයක්ද වෘත්තිය කුසලතාවයන්ගෙන් යුක්ත පුද්ගලයෙකු විය යුතු බවයි. නිසි සැලකිල්ල යනු තම රාජකාරි ඉටු කිරිමේදි විගණකවරයා දැක්විය යුතු අවධානයේ ප්‍රමානයයි. විගණකවරයා සේවා සපයන ආයතනයේ කටයුතු පිළිබදව මනා දැනුවත් විය යුතුය. එසේම විගණන ප්‍රමිත හා ගිණුම් ප්‍රමිත පිළිබදව නිපුනතාවයෙන් යුක්ත විය යුතු අතර මේවා නිසි තැනදි භාවිතා කිරිමට දැන සිටිය යුතුය.
විවිධ සේවා සමුපකාර සමිතියක් විගණනය කිරිමේදි විවිධ අංශ පිළිබදව අවධානය යොමු කල යුතුය. බැංකු කටයුතු, ප්‍රවහන කටයුතු, බෙදාහැරිම් හා තොග රැස් කිරිම, සිල්ලර වෙලදාම , ඉන්දන වෙළදාම ආදි විවිධ අංශයන් ඇති බැවින් මේ අංශවල සිදුවන කටයුතු පිළිබදව න්‍යායායාත්මක හා මනා කුසලතාවයක්ද මනා පරිචයක්ද සහිත විය යුතුය.
5 රහස්‍යභාවය.
විගණක වරයා සිය රාජකාරි ඉටුකිරිමේ දි විවිධ පාර්ෂවයන්ගෙන් තොරතුරු ලබාගනි. මෙම තොරතුරු කිසි විටකත් බාහිර පාර්ෂවයන්ට සන්නිවේදනය නොකල යුතුය. විගණක වරයා තම වාර්තාවේ ඉදිරි පත් කරන මතය හැර විගණනයෙන් අනාවරනය වු තොරතුරු වෙනත් ආකාරයකින් හෙලි නොකල යුතු බව මින් අදහස්වේ.විශේෂයෙන් තෙවන පාර්ෂවයන් හට විගණණන තොරතුරු ඉදිරිපත් කිරිම කිසිසේහෙත්ම නොකල යුතුය.

6. වෘත්තිය හැසිරිම.
විගණන වෘත්තියේ යෙදෙන සැම විගණක වරයෙක්ම තම රාජකාරි ජිවිතයේදි හා පුද්ගලික ජිවිතයේදි මනා හැසිරිම මින් අදහස් කෙරේ. විහේසයෙන්ම පුද්ගලික ජිවිතයේදි නොමනා හැසිරිම නිසා විගණක වරයා පිලිබදව ඇති පිළිගැනිම අඩුවේ. නිතරම මත්පැන් පානයට හුරුවි සිටිම නොමනා හැසිරිමට උදාහරන වේ. එසේම විගණක වරයාගේ ඇදුම් ආදියද තම වෘත්තියට ගැලපෙන අයුරින් සකස්කර ගත යුතුය.
7. තාක්ෂණික ප්‍රමිතින්
ආයතනයක විගණන කටයුතු කරන විගණක වරයෙකු සිය කටයුතු කරගෙන යැමේදි   සහ කළමනාකාරිත්වයට උපදෙස් දිමේදි ක්ශේත්‍රයට අදාල ගිණුම් හා විගණන ප්‍රමිතින්ගේ අඩංගු වන්නා වු තොරතුරු පිළිපැදිමට සැම විටම බැදි සිටි. මින් අදහස් වන්නේ විගණක වරයා විගණන ප්‍රමිත හා ගිණුම් ප්‍රමිත පිළිබදව මනා දැණුමක් සහිත පුද්ගලයෙකු විය යුතු බවයි. කළමනාකාරිතවයට උපදෙස් දිමේ දි අදාල විෂය පිළිබදව මනාලෙස හැදැරිමෙන් අනතුරුව උපදෙස් දිය යුතුය.