Showing posts with label කෘෂිකාර්මික සමුපකාර සමිති. Show all posts
Showing posts with label කෘෂිකාර්මික සමුපකාර සමිති. Show all posts

Monday, 22 December 2014

සි.ස දිවුලපැලැස්ස දේදුණු කෘෂිකාර්මික සමුපකාර සමිතිය. හාඩ්වෙයාර් අංශය

සි.ස දිවුලපැලැස්ස දේදුණු කෘෂිකාර්මික සමුපකාර සමිතිය. හාඩ්වෙයාර් අංශය

2006 දි රුපියල් ලක්ෂ තුනක වත්තම් වලින් ආරම්භ කල සි.ස දිවුලපැලැස්ස දේදුණු කෘෂිකාර්මික සමුපකාර සම්තිය මේ වන විට අත්පත් කරගෙන ඇති විජයග්‍රහනයන් බොහොය. ඌව පළාතේ විවිධ සේවා සමුපකාර සමිති සියල්ල නාගරිකව ස්ථාන ගතවුවත් එම සමිති තම සාමාජිකයින්ට හාඩ්වෙයාර් උපකරණ සැපයිම කොතරම් දුරට සිදු කරයිද? 2013 වර්ෂයේ රුපියල් මිලියන 10.1 වෙළද පිරිවැටුමක් සහිත මෙම හාඩිවෙයාර් අංශය සි.ස දිවුලපැලැස්ස දේදුණු කෘෂිකාර්මික සමුපකාර සම්තියට පමණක් නොව ලාංකික සමුපකාර ව්‍යපාරයටම අභිමානයකි. මෙම අංශය රු ලක්ෂ 05 ආයොජනයකින් 2008 ආරම්භ කරන ලද අතර 2014 වර්ෂයේ ඉලක්කගත වෙලද පිරිවැටුම මිලියන 11 කි. පාරිභෝගික අංශ පාඩු නිසා කළමණාකරුවන්ට සින්න කරන විවිධ සේවා සමුපකාර සමිති පාලකයින්ද රජයෙන් ආධාර ලබා දි ඇතත් පාඩුවට පවත්වාගෙන යන කොප් සිටි කළමණාකාරිත්වයන්ද තේරුම්ගත යුතු දෙයක් ඇත. එනම් තාමත් සමුපකාරයට පුළුවන් යන්නය.. තව නොබො දිනකින් සහල් පිටි නිෂ්පාදනය කර සි.ස දිවුලපැලැස්ස දේදුණු කෘෂිකාර්මික සමුපකාර සම්තිය නමින් වෙළද පොළට නිතුක් කරනු ඇත. දිවුල පැලැස්ස නම් සුන්දර ගම් පියසේ ගොවින්ගේ සහල් වලින් නිපදවෙන සහල් පිටිවලින් ලංකාවේ හතර කොන නිවෙස්වල රස භොජුන් පිසිනු ඇත. සමුපකාරය පවතින තුරු මේ උතුම් මිනිසුන්ගේ අභිමානය පවතිවි. ලාංකික සමුපකාරයේ දිණමිනක ලෙස දසත එළිය කරාවි