Wednesday 25 March 2015

පාසල් සමුපකාර සමිති ක්‍රමයෙන් තරුණයන් යහපාලනයට ස්‌ථාපිත කිරීම

පාසල් සමුපකාර සමිති ක්‍රමයෙන්
තරුණයන් යහපාලනයට ස්‌ථාපිත කිරීම

http://www.divaina.com/2015/03/14/feature02.html ( උපුටා පළකිරිමකි.)


දැනට අධ්‍යාපනය වෙළෙඳ ව්‍යාපාරයක්‌ කරගෙන විවිධාකාර සමාජ විෂමතා සහ ආර්ථික පීඩන දෙමවුපියන් හා සිසුන් මත පටවා ඇති වර්තමාන සූරාකෑමේ රටාව වෙනස්‌ කර අතීතයේ මේ රටේ පැවතියාක්‌ මෙන්ම බොහෝ දියුණු රටවල අදත් පවතින ආකාරයට යෝග්‍ය අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක්‌ මත මෙහෙයවන අධ්‍යාපනය ගෞරවනීය තත්ත්වයට පත්කිරීම යුගයේ අවශ්‍යතාවයක්‌ වී ඇත. මතට තිත තබා චාරිත්‍ර වාරිත්‍ර ගරු කරන සමාජයක්‌ ගොඩනැගීමට පාසල් සමුපකාර සමිති කදිම මාවතක්‌ වනු ඇත.

නව පාසල් සමුපකාර සමිතිවල ව්‍යqහය පහතින් දක්‌වමි. මෙම වැඩපිළිවෙළ රිචඩ් පතිරණ ඇමැතිතුමා අධ්‍යාපන ඇමැතිව සිටි 1995/1996 වකවානුව තුළ මා අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වශයෙන් සේවය කළ කාලය තුළදී නියාමක ව්‍යාපෘතියක්‌ ලෙස තෝරාගත් ජාතික පාසල් කීපයක ක්‍රියාත්මක කරන ලදී. සමුපකාර ප්‍රතිපත්ති මත හැඩ ගැසුණු සහජීවන රටාව කාවැදුණු විනීත තරුණ පිරිසක්‌ ගොඩනැඟීමත් මෙම සමුපකාර ක්‍රමය නිසා දෙමවුපියනට ආර්ථික හා මානසික වශයෙන් විශාල අස්‌වැසිල්ලක්‌ ලැබීමත් ධනවාදී ක්‍රමයේ සූරාකෑමෙන් දරු පරපුර බේරාගැනීමත් අපේක්‍ෂිත යහපත් අරමුණු වේ. අදත් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ක්‍රියාත්මක වන පාසල් සමුපකාර සමිතිය මේ පිළිබඳ වැදගත් අත්දැකීමකි.

නව පාසල් සමුපකාර සමිති ව්‍යqහය - ප්‍රධාන අංශ

1. පාරිභෝගික අංශය

2. ඉතුරුම් අංශය

3. වෘත්තීය පුහුණු අධ්‍යාපන සහායක අංශය

4. රැකියා තොරතුරු මධ්‍යස්‌ථානය

5. උපදේශන සේවා අංශය

අපේක්‍ෂිත විශේෂිත අරමුණු

(01) පාරිභෝගික අංශය

i. සිසුන්ට අවශ්‍ය සියලුම ලිපිද්‍රව්‍ය, පොත්පත් සහන මිලට සැපයීම.

ii. පාසල් සිසුන්ගේ නිල ඇඳුම් සහන මිලට මසාදීම.

iii. පාසල් බෑග්, සපත්තු, තොප්පි, කුඩ යනාදිය සහන මිලට සැපයීම.

vi. පාසල් භෝජනාගාරය පාසල් ගෘහ විද්‍යා අංශයේ ද සහායෙන් සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන යැම හා කිරි සහ වෙනත් කෑම වර්ග සහන මිලට පිරිසිදුව සැපයීම.

(02) ඉතුරුම් අංශය

වාණිජ බැංකු වල මාර්ගෝපදේශකත්වය යටතේ කුඩා කාලයේ සිටම ළමයින් ඉතුරුම් කිරීමට හුරුකිරීම සහ බැංකු ක්‍රමය යටතේ වියදම් පියවීමට පුරුදු කිරීම.

(03) වෘත්තීය පුහුණු සහ අධ්‍යාපන සහායක අංශ

සිසු දරුවන්ගේ කුසලතාව අනුව තාක්‍ෂණික දැනුම ලබාදීම තුළින් විවිධ වෘත්තීන් සඳහා පුහුණු කිරීම සඳහා අදාළ අමාත්‍යාංශවල සහාය හා මඟපෙන්වීම ලබාගත හැක. එමෙන්ම පාසල් නිවාඩු කාලවලදී දරුවන් නිකරුණේ කාලය ගෙවීම වෙනුවට පාසල් භූමිය තුළම මෙවැනි පුහුණුවීම් ලබා දිය හැක.

(04) අධ්‍යාපන සහායක අංශය හා රැකියා තොරතුරු සැපයීම.

* දැනට පෞද්ගලික අංශයේ ඒකාධිකාරයක්‌ව පවතින අතිරේක ඉගැන්වීම්, සම්මන්ත්‍රණ හා වැඩමුළු සමුපකාර සමිතිය මගින් පාසල් භූමියේම කරගෙන යැම තුළින් දරුවන් විවිධ තැරැව්කරුවන්ගෙන් සහ මාර්ග අනතුරුවලින් බේරා ගැනීම.

* අතිරේක පරිගණක පුහුණුව ලබාදීම හා ඉන්ටනෙට්‌ ඊමේල් භාවිතයට සිසුන් හුරු පුරුදු කිරීම.

* සංගීත, නැටුම් වැනි අතිරේක පුහුණු පංති සහන මිලට පැවැත්වීම.

* ළමයින්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් හඳුනාගෙන ඒවා වැඩි දියුණු කර ගැනීමට පහසුකම් සැලසීම.

ෆ ඵලදායිතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා තරග පැවැත්වීම.

* ඓතිහාසික වැදගත්කමකින් යුක්‌ත හා දර්ශනීය ස්‌ථාන නැරඹීමට මගපෙන්වීමක්‌ ඇති සංචාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ තරුණ පෙළට විදේශ භාෂා පංති පැවැත්වීම.

* සාරධර්ම හා චාරිත්‍ර වාරිත්‍ර පවත්වාගෙන යැම සඳහා දරුවන් හුරුපුරුදු කිරීම.

* රජයේ ප්‍රතිපත්ති හා විවිධ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වලින් ඉටුවන සේවා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

* රජයේ සහ පෞද්ගලික අංශවල රැකියා අවශ්‍යතා සඳහා කුසලතා ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රිsයාත්මක කිරීම.

* උසස්‌ අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය සඳහා දේශීය හා විදේශීය වශයෙන් විවෘතව ඇති අවස්‌ථා ගැන තරුණ ශිෂ්‍යයන් දැනුවත් කිරීම හා එම ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීම.

* තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, ජාතික ආධුනිකත්ව මණ්‌ඩලය, ජාතික තරුණ සේවා සභාව සහ වෘත්තීය පුහුණු අධිකාරිය, කාර්මික විද්‍යාලය වැනි වෘත්තීය නිපුණත්වයට අදාළ ආයතන හා කාර්යභාරය ගැන සිසුන් දැනුවත් කිරීම හා අවශ්‍ය අවස්‌ථාවල සම්බන්ධීකරණය කිරීම.

(05) උපදේශන සේවා අංශය

විවිධ ආර්ථික, සමාජයීය සහ අධ්‍යාපනික පීඩාවන් හේතුකොට ගෙන සිසු දරුවන් තුළ ඇතිවන මානසික ආතතිය සංසිඳවීම සඳහා සිසු දරුවන්ගේ විශ්වාසය දිනාගත් මැනවින් පුහුණු කරන ලද උපදේශන සේවා අංශයක්‌ සෑම ද්විතීයික පාසලකම ආරම්භ කිරීම අත්‍යවශ්‍ය බව නිරතුරුව අසන්නට ලැබෙන සිසුන්ගේ සිය දිවි නසාගැනීම් වලින් පැහැදිලිව පෙනේ. මේ කාර්යය සඳහා ආගමික නායකයන්ගේ දායකත්වයද ලබා ගැනීම විශ්වාසය තහවුරු වීමට පාදක වේ. ඔස්‌ටේ්‍රලියාව වැනි දියුණු රටවල සිසු උපදේශන සේවාව සිසුන්ට ඉතාම සමීපව ක්‍රියාත්මක වනු මා දැක ඇත. ශ්‍රී ලංකාවේද මෙම සහන වැඩ පිළිවෙළ තවදුරටත් ප්‍රමාද නොවී ක්‍රියාත්මක කිරීම පිළිබඳව අධ්‍යාපන බලධාරීන්ගේ අවධානයට යොමු කරමි.

(06) මුදුන් මට්‌ටමේ උපදේශක මණ්‌ඩලයක්‌ පත්කිරීම.

විදුහල්පතිතුමාගේ නායකත්වයෙන් පත් කරන මෙම මණ්‌ඩලයට සමුපකාර ක්‍රමය පිළිබඳ දැනුමක්‌ ඇති ස්‌වේච්ඡා නිලධාරීන්, දිස්‌ත්‍රික්‌කයේ සමුපකාර සංවර්ධන උපකොමසාරිස්‌ හෝ නියෝජිතයෙක්‌, ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයෙක්‌, වාණිජ විෂය භාර ගුරුතුමා, ගෘහවිද්‍යා භාර ගුරුතුමා, ශිෂ්‍ය නායකයන් යනාදී අය ඇතුළත් කළ හැක.

මැලේසියාවේ ආදර්ශවත් පාසල් සමුපකාර සමිති ව්‍යාපාරය

යෝජිත පාසල් සමුපකාර වැඩපිළිවෙළට කදිම මඟ පෙන්වීමකි. සෑම ද්විතීයික පාසලකටම පාසල් සමුපකාර පිහිටු විය යුතුය යන්න මැලේසියානු රජයේ ප්‍රතිපත්තිය වී ඇති අතර එම සමුපකාර බදුවලින් නිදහස්‌ කර ඇත. 2010 දී ජාතික පාසල් සමුපකාර දිනයක්‌ද ප්‍රකාශයට පත් කළ අතර තේමාව වූයේ ද "නිර්මාණශීලිත්වය සහ නව සොයා ගැනීම් පාසල් සමුපකාර බලගන්වයි" යන්නයි.

මෙම වගකීම පවරා ඇති ගුරුවරයා තරුණ සිත්වල තමා ගැන විශ්වසනීයත්වය ගොඩනැගීම අවශ්‍යවේ. ආචාර ධර්ම හා ව්‍යාපාර මූලධර්මවලට අනුව සමුපකාර කළමනාකරණ තීරණ ගැනීමේ දී සැලකිලිමත් වීමට ශිෂ්‍යයන්ට මඟ පෙන්වීම වැදගත් වේ.

(1) මැලේසියානු පාසල් සමුපකාරවල ක්‍රියාකාරිත්වය

1) සමුපකාරයට අවශ්‍ය භාණ්‌ඩ මිලදී ගැනීමට කමිටුවක්‌ පිහිටුවා අඛණ්‌ඩ වාර්තාකරණයක්‌ තබා ගැනීම.

2) මූල්‍ය කළමනාකරණය පිළිබඳව ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් දැනුවත් කිරීම, ගිණුම් වාර්තා සහ ව්‍යාපාර වාර්තා ක්‍රමවත්ව තබා ගැනීම.

3) තොග කළමනාකරණ සහ භාණ්‌ඩ ප්‍රදර්ශන නිසි පරිදි ඉටුවීම.

4) පාසල් සමුපකාරවල ලාභ සංචිත අරමුදලක්‌ තබා ගැනීම.

5) ලාබ ප්‍රතිදාන දීම වෙනුවට එවලේම වට්‌ටම් දීම.

(2) මැලේසියානු පාසල් සමුපකාර මොඩලය වෙනත් රටවල් ආදර්ශයට ගැනීම

දකුණු කොරියාව, ඉන්දියාව, ජපානය, µSජි, සිංගප්පූරුව වැනි රටවල් මැලේසියාවේ මැනවින් පාලනය වන පාසල් සමුපකාර නැරඹීමට තම නියෝජිත කණ්‌ඩායම් යවා ඇත. තවද "පාසල් සමුපකාර සංචාරක වැඩසටහනක්‌" සඳහා ඉරානය මැලේසියානු රජය සමඟ අවබෝධතා ගිවිසුමකට ද එළැඹ ඇත. මෙම ලිපිය ලියන මටද මැලේසියාවේ සාර්ථක පාසල් සමුපකාර සමිතියක්‌ නැරඹීමට ද අවස්‌ථාව ලැබිණි. වාණිජ විෂය භාර ගුරුවරයා මෙය කැපවීමෙන් මෙහෙයවීමත්, පාසල් දරුවන්ගේ සියලුම අධ්‍යාපන අවශ්‍යතා පාසල් භූමිය තුළදීම සමුපකාර මගින් ඉටුකරන ආකාරයත් දැක ගතිමි.

ජනාධිපති තුමනි, අධ්‍යාපන ඇමැතිතුමනි, යහපාලන සංකල්පය තරුණ පරපුර තුළ පෝෂණය කරමින් ආර්ථික හා සමාජයීය වශයෙන් අස්‌ වැසිල්ලක්‌ සිසු දරුවන්ටත් දෙමවුපියන්ටත් ලබා දීමට මෙම යෝජිත පාසල් සමුපකාර ක්‍රමය කාලෝචිත ප්‍රජාතන්ත්‍රවාදී මාවතකි.

පද්මා ඩී. ජයවීර

http://www.divaina.com/2015/03/14/feature02.html

No comments:

Post a Comment