Saturday 6 January 2018

සී/ස ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සමුපකාර සමිති සංගමය

සී/ස ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සමුපකාර සමිති සංගමය

හැඳින්වීම
සී/ස ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සමූපකාර සමිති සංගමය (නිස්කෝ) 1972 අංක 05 දරණ සමූපකාර පණත යටතේ 1981.01.01 දින ලියාපදිංචි කිරීමෙන් ආරම්භ කර ඇත. පළමුව මධ්‍යගත ආයතනයක් ලෙස කොළඹට පමණක් කේන්ද්‍රගතව පැවති නිස්කෝ ආයතනය 1986.01.01 දින සිට දිවයිනේ සියළුම දිස්ත්‍රික් අතර ඛෙදී යන පරිදි සාමාජික සමිති 25 කින් යුක්තව විමධ්‍යගත කෙරිණි.
ආයතනය පිහිටුවීමේ මූලික බලාපොරොත්තු වූයේ පාසල් හැරගිය රැකියා විරහිත තරුණ තරුණියන් ස්වයං රැකියාවලට යොමු කිරීම සහ එA සඳහා අවශ්‍ය පුහුණුව, ප්‍රාග්ධනය සහ අනෙකුත් සේවාවන් සැපයීමයි. මෙම මූලික අරමුණ සාක්ෂාත් කර ගැනීම මල්ඵල ගන්වමින් අද වන විට නිස්කෝ සාමාජික සාමාජිකාවන් සංඛ්‍යාව ලක‍ෂ 5 කට වැඩි ප්‍රමාණයක් දක්වා ව්‍යාප්ත වී ඇති අතර මින් 10% ක පමණ ප්‍රතිශතයකට ව්‍යාපාරය තුළින් තම තමන්ගේ ආර්ථීක තත්වය වැඩි දියුණු කර ගැනීම සඳහා ආධාර උපකාර ලැබී ඇත.


දැක්ම
"ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවගේ ආර්ථීක අස්ථාවරත්වය අවම කිරීමට මඟ පෙන්වමින් ව්‍යවසායක සංස්කෘතියක් රට තුල ගොඩනංවන පුරෝගාමී ආයතනයක් වීම".


මෙහෙවර
"උපරිම ඵලදායීතාවයකින් හා කාර්්‍යක‍ෂමතාවයකින් යුතුව දැනුම, ආකල්ප හා කුසලතා පරිපූර්ණ සේවක මණ්ඩලයකින් විවිධ උත්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් තරුණ ව්‍යවසායකයින්ට සේවා සැපයීම සඳහා තරුණ සමූපකාර ජාලය ගුණාත්මක, ප්‍රමාණාත්මක හා තිරසාර ලෙස සංවර්ධනය කිරීම අපගේ මෙහෙවරයි.
අරමුණු
  • සමූපකාර ප්‍රතිපත්ති වලට අනුව සාමාජිකයින්ගේ ආර්ථීක, අධ්‍යාපනික, සාමාජයීක, සංස්කෘතික හා ක්‍රීඩාමය අවශ්‍යතාවයන් සපුරා ලීම.
  • සාමාජිකයන් තුළ සකසුරුවම, අන්‍යොනයාධාරය සහ ආත්මාධාරය පිළිබඳ හැඟීම් සහ භාවිතයන් ප්‍රවර්ධනය කිරීම.
  • සමූපකාර නීතිය හා අතුරු ව්‍යවස්ථා නියමයන්ට අනුව විවිධ සංවර්ධන කාර්යන්හිදී තරුණ සේවා ප්‍රතිපත්ති සැකසීමේ හා ක්‍රියාත්මක කිරීමේදී සාමාජිකත්වය නියෝජනය කිරීම.


සමූපකාරයක් ලෙස ගොඩනැගීම කෙරෙහි බලපෑ සාධකයන්
  1. ස්වයං රැකියාලාභී තරුණ තරුණියන්ට සෘජුවම රාජ්‍ය මුදල් ප්‍රදානය කිරීම සඳහා තරුණ සේවා පනතින් ආවරණයක් නොතිබීම සහ රජයේ මුදල් රෙගුලාසී නිසා විවිධ වූ බාධාවන් පැවතීම.
  2. වෙනත් මූල්‍ය ආයතන වලින් තරුණ තරුණියන් හට ණය ලබාගැනීමට තිබූ පහත සඳහන් දුෂ්කරතා:
    • දැඩි ප්‍රතිපත්ති සහ බහුවිධ තොරතුරු
    • ඇපකරුවන්ගේ හිඟය හෝ ඇප පිළිබඳ ගැටළු
    • අවිශ්වාසය
    • ගතවන කාල සීමාව
  3. සමුපකාරය තරුණ තරුණියන් තීන්දු තීරණ ගන්නා ඔවුන් හිමිකරුවන් වූ ආයතනයක් නිසා එකිනෙකා කෙරෙහි ඇතිවන විශ්වාසය හා ලිහිල් ප්‍රතිපත්ති.
  4. ජාතික තරුණ සේවා සභාව කළ අධ්‍යයනයේදී වඩාම සුදුසු ක්‍රමය සමූපකාර ක්‍රමය බවට වූ නිර්දේශය.
  5. අධ්‍යයනය කල ආයතනයන්
    • ශ්‍රී ලංකාවේ පැවති සමූපකාර පරිසරය සහ සමූපකාර ක්‍රමය
    • කැනඩාවේ කෝට් සමූපකාර ව්‍යාපෘති ජාලය
    • මැලේසියාවේ කොඛෙයිනෝ සමූපකාර ව්‍යාපෘති ජාලය


ආරම්භක වර්ෂය හා නෛතික පසුබිම
1972 අංක 5 දරණ සමූපකාර පණත යටතේ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත.
  • ලියාපදිංචි අංකය. : කො/2689
  • ආරම්භක වර්ෂය : 1981.01.01
  • විමධ්‍යගත කළ වර්ෂය : 1986.01.01


සාමාජික සමිති 25 ක් ලෙස විමධ්‍යගත කර එහි මව් සංවිධානය ලෙස ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සමූපකාර සමිති සංගමය ආරම්භ වී ඇත.


සංවිධාන ව්‍යුහය
15 දෙනෙකුට නොවැඩි අධ්‍යක‍ෂ මණ්ඩලයක් මඟින් පාලනය වන මහා සංගමය දිවයිනේ සියළුම දිස්ත්‍රික් නියෝජනය කරමින් පළාත් 9යෙන් ඡන්දයෙන් තේරී පත්වී එන අධ්‍යක‍සවරු 09 දෙනෙකුගේ සහ සමුපකාර සංවර්ධන කොමසාරිස් විසින් නම්කරනු ලබන 06 දෙනෙකුගෙන් සමන්විත වේ. එසේ නම්කරනු ලබන අය තරුණ සේවා කටයුතු සම්බන්ධ රජයේ දෙපාර්තමේන්තු අමාත්‍යංශ සහ ව්‍යවස්ථාපිත මණ්ඩල වල සේවයේ නියුක්ත නිලධාරීන් විය යුතුය. මෙහි සංගම් කාර්යාලය ජාතික තරුණ සේවා සභාවේ කාර්යාල භූමියේ පිහිටා ඇත.
01.
ජාතික:
සී/ස ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සමූපකාර සමිති සංගමය
02.
දිස්ත්‍රික්:
දිස්ත්‍රික් තරුණ සේවා සමූපකාර සමිති
දිස්ත්‍රික්කයට අදාළ සියළු ප්‍රාදේශීය කාරක සභා නියෝජිතයන්ගෙන් සැදුම්ලත් මහ සභාවකින් ඡන්දයෙන් තෝරා පත්කරගන්නා ප්‍රාදේශීය කාරක සභා නියෝජනය අනුව අධ්‍යක‍ෂ මණ්ඩලය පත් කෙරේ.
03.
ප්‍රාදේශීය: - ප්‍රාදේශීය කාරක සභා
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් තුළ සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ප්‍රාදේශීය මහසභාවක් ඇති අතර එහිදී තෝරා ගන්නා සභිකයින්ගෙන් යුත් මණ්ඩලයක් ඇත. එකී මණ්ඩලයේ ලේකම් ලෙස අදාල කොට්ඨාශයේ තරුණ සේවා නිලධාරී නිල බලයෙන් පත්වනු ඇත.
04.
ග්‍රාමීය :- සාමාජිකයන්/ ග්‍රාමීය සංවිධාන
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් තුළ පිහිටි ග්‍රාම නිලධාරී කොට්ඨාශයක් හෝ කිහිපයක් එAකාබද්ධ කොට සාදාගත් ග්‍රාමීය ඒකකයන් ක්‍රියාත්මක වනු ඇත.


ජාතික තරුණ සේවා සභාවේ හා නිස්කෝ ආයතනය අතර ඇති සම්බන්ධය
  • 1979 අංක 69 දරණ ජාතික තරුණ සේවා පනතේ අංක 04 සභාවේ අරමුණු යටතේ (ඊ) (ඒ) (ඹ්) සහ අංක 05 සභාවේ බලතල යටතේ (ඇ) අනුව අනුග්‍රහය ලබාදීමට සභාවට ඇති නෛතික බලය.
  • ආධාර ප්‍රදාන ලබාදෙන ආයතනයන්ට එකී ආධාර යටතේ ක්‍රියාත්මක සියළුම වැඩසටහන් විගණනය කිරීමට මණ්ඩලය විසින් බලය ලබාදීම.
  • දිස්ත්‍රික් සමිති සියල්ලේම සභාපති හා සාමාන්‍යාධිකාරීවරු ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් වීම.
  • අතුරු ව්‍යවස්ථාව අනුව ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක‍ෂ ජනරාල්/සභාපති නිස්කෝ සංගමයේද සභාපති වීම හේතු කොට ගෙන අධ්‍යක‍ෂ මණ්ඩලය විසින් ගන්නා ප්‍රතිපත්තිමය තීන්දු හා සැලසුම්ගත තීන්දු ක්‍රියාත්මක කිරීමේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම.

සම්බන්ධ විය හැකි ආකාරය
ලිපිනය
සී.ස ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සමුපකාර සමිති සංගමය.
අංක 65,
හයිලෙවල් පාර,

මහරගම.

No comments:

Post a Comment