Monday 22 December 2014

සමුපකාර ගීතය.................ප‍්‍රබන්ධය කළේ සරණගුප්ත අමරසිංහ මහතාය. තනු නිර්මාණය කරන ලද්දේ ජේ. කේ. සෙබස්තියන් පෙරේරා මහතාය

සමුපකාර ව්‍යපාරයේ අභිමානය ලොවට කියන අපේ සමුපකාර ගීතය. ( සමුපකාර ගීතයේ පසු බිම - සි.ස මොරවක් කොරලයේ තේ නිපදවන්නන්ගේ සමුපකාර සමිතිය කොටපොල.) මේ විඩියෝව නිර්මානය සි.ස මොරවක් කොරලයේ තේ නිපදවන්නන්ගේ සමුපකාර සමිතිය කොටපොල විසින් සිදුකර ඇත. ඒ පිලිබදව ඌවේ අපි ඔවුන්හට ස්තුතිය පිරිනමමු.

සමුපකාර ගීතය ( Cooperative Song )


මහජන දියුණුව සැලසෙන්නේ
පදනම සහයෝගය වෙමිනේ
සමගි බලේ // / යොදවමිනේ
සිරිලක නිදහස රැුකදෙන්නේ
ජය වේවා සිරිදේවා - සමුපකාරය පැතිරේවා

උස්මිටිකම් අමතක කරදා
දුර හැර ආගම් කුල බේදා
අලස නොවී /// දිරිය යොදා
ලක්මව සුරකිමු අපි සැමදා
ජයවේවා - සිරිදේවා - සමුපකාරය පැතිරේවා

තම තමනට දෙන ආධාරේ
විලස ගැනේ සම උපකාරේ
දිළිඳු දනා /// පෙළ අතරේ
සේවය වෙයි සිරිලක් අඹරේ
ජය වේවා - සිරිදේවා - සමුපකාරය පැතිරේවා

සිය රට ගොඩමඩ ගොවිතැනෙහි
වෙළහෙළදාමෙහි අත්තමෙහි
දියුණුවටා /// මතු දිනෙහි
පිහිටයි සමුපකාරයෙහි
ජය වේවා - සිරිදේවා - සමුපකාරය පැතිරේවා

ජාතික ධනය ද සුදුසු ලෙසේ
පොදු ජනයා හට බෙදන ලෙසේ
සමවාසී /// ලැබෙන ලෙසේ
සමුපකාරයෙන් ඉඩ සැලසේ
ජය වේවා - සිරිදේවා - සමුපකාරය පැතිරේවා

සමුපකාරය බලය යොදා
රට තොට උවදුරු නැති කරදා
අසරණයා // දුකින් මුදා
සැමටම සුබසෙත කරමු උදා
ජය වේවා - සිරිදේවා සමුපකාරය පැතිරේවා

සමුපකාර ගීතය ප‍්‍රබන්ධය කළේ සරණගුප්ත අමරසිංහ මහතාය.
සමුපකාර ගීතයේ තනු නිර්මාණය කරන ලද්දේ
ජේ. කේ. සෙබස්තියන් පෙරේරා මහතාය

No comments:

Post a Comment