සමුපකාර කොඩිය (Cooperative Flag)
ජාත්‍යන්තර සමුපකාර සංධානයද පිළිගත් සමුපකාර ධජය
දේදුනු ධජය 1921 - 2001
සමුපකාර ව්‍යාපාරයේ ඉහළම ආයතනය වන්නේ 1895 දී පිහිටුවන ලද ජාත්‍යන්තර සමුපකාර සන්ධානයයි. ICA යනු ස්වාධීන රාජ්‍ය නොවන ආයතනයක් වන අතර එය ලොව පුරා සමුපකාරයන් නියෝජනය කරයි.1896 දී ජාත්‍යන්තර සමුපකාර සම්මේලනය (ICA II සම්මේලනයේදී යෝජනා කළද, 1921 දී ජාත්‍යන්තර සමුපකාර සන්ධානය දේදුන්නෙහි වර්ණ එක්සත්කම හා විවිධත්වයේ සංකේතයක් ලෙස ජාත්‍යන්තර සමුපකාර ධජය මත භාවිතා කිරීමට පටන් ගෙන ඇත.
ලෝක සමුපකාර නායකයින්ගේ සහභාගිත්වයෙන් 1921 වර්ෂයේ ජාත්‍යන්තර සමුපකාර සම්මේලනය ස්විට්සර්ලන්තයේ බාසල්හිදී රැස් වූ විට දේදුනු ධජය සමුපකාර නිලවශයෙන් පිළිගැනිමට ලක් විය..
1922 දී ජර්මනියේ එසෙන්හිදී,පැවැත්වු ජාත්‍යන්තර සමුපකාර සන්ධානයේ සම්මේලනයේදි (ICA) තීරණය කරන ලදුව 1923 ජූලි මාසයේදී පවත්වන ලද පළමු "සමුපකාර දිනය" සඳහා ජාත්‍යන්තර සමුපකාර සංකේතයක් සහ ධජයක් නිර්මාණය කරන ලදී. විවිධ මෝස්තර සමඟ අත්හදා බැලීම් වලින් පසුව , සුප්‍රසිද්ධ ප්‍රංශ සමුපකාරක මහාචාර්ය චාල්ස් ගයිඩ්, දේදුන්නෙහි වර්ණ හත ධජය සඳහා භාවිතා කිරීමට යෝජනා කළේය. පළමු සමුපකාර දේදුන්න ධජය 1924 දී නිම කරන ලද අතර එය 1925 දී ජාත්‍යන්තර සමුපකාර ව්‍යාපාරයේ නිල සංකේතයක් ලෙස සම්මත විය.
සර්වකාලීන හා සියළු ජාතීන් නියෝජනය කරන දේදුන්නේ පැහැය මෙම ධජයට ගෙන ඇත. සමුපකාර කොඩිය සෑම රටකටම එකසේ බලපවත්වයි. මෙයින් පිළිබිඹු කරන්නේ අනාගත මානව දයාවේ විශ්වාසනීයත්වය බව චාල්ස්ගයිඞ් මහතා ප‍්‍රකාශ කර ඇත.
සමුපකාර කොඩියේ සඳහන් වර්ණ 07 න් කියවෙන්නේ පහත සඳහන් අදහස්ය .
රතු පාට : උට්ඨාන වීර්ය රඹ පාට : හරි දැක්ම වෙනුවෙන් කැපවීම
කහ පාට : අභියෝගයන්ට ඥාණාන්විතව මුහුණ දීම.
කොල පාට : සමුපකාරක හරයන් මැනවින් අවබෝධ කර ගැනීම හා සාමාජිකත්ව වර්ධනය
ලා නිල් පාට : සමස්ථ මිනිස් වර්ගයාගේ එකමුතුකම හා සහජීවනය.
දම් පාට : මිත‍්‍රත්වය හා ප‍්‍රබෝධමත් බව.
2001 - 2012 ICA ධජය
2001 දී ICA (ජාත්‍යන්තර සමුපකාර සන්ධානය) සිය ධජය වෙනස් කිරීමට තීරණය කළේය. 1923 සිට පිලිගත් ශඩ්වර්ණ ( දේදුනු වර්ණ) සමුපකාර කොඩිය සමුපකාර නොවන කණ්ඩායම් ගණනාවක් විසින් එය භාවිතා කිරීම ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාකූලත්වයට හේතු විය. සමුපකාර ව්‍යපාරයේ අනන්‍යතාව වඩාත් හොදින් ශාක්ෂාත් කර ගැනිම සඳහා ජාත්‍යන්තර සමුපකාර සංධානය විසින් සාම්ප්‍රදායික දේදුන්න ධජය වෙනුවට 2001 අප්‍රේල් මාසයේ සිට ICA සිය නිල ලාංඡනය සහිත ධජය භාවිතයට ගන්නා ලදි.
සම්භාව්‍ය 7-තීරු සමුපකාර දේදුන්න ධජය 1925 දී සම්මත කර ගත් නමුත් 1980 සහ 1990 දශකය තුළ "දේදුන්න කොඩි" ලොව පුරා ජනප්‍රිය විය. උදාහරණයක් ලෙස දකුණු ඇමරිකාවේ භාවිතා කරන තීරු 6 කින් යුත් “සමලිංගික ධජය” හෝ “ඉන්කා කොඩි”. හා ඉතාලි පැසිෆිස්ට් කොඩි ද සඳහන් කළ හැකිය. සමුපකාර ධජය සහ අනෙකුත් "දේදුන්න ධජ" අතර ව්‍යාකූලතාවයන් වළක්වා ගැනීම සඳහා සිය ධජය වෙනස් කිරීමට ICA තීරණය කළේය. නව ධජය සුදු ය, එහි ඇතුළත ICA ලාංඡනයක් ඇත. මෙම නව ජාත්‍යන්තර සමුපකාර ධජයේ දේදුන්න වර්ණ 6 කින් යුක්ත වේ. හත්වන වර්ණය දේදුන්නට පහළින් ඇති පෙළෙහි දිස්වේ. මෙම ධජය ශ්‍රි ලංකාව තුල භාවිතා වි නොමැත.
වර්ථමාන සමුපකාර ධජය 2012 සිට ....
එක්සත් ජාතීන් විසින් ප්‍රකාශයට පත් කරන ලද 2012 ජාත්‍යන්තර සමුපකාර වර්ෂය හේතුවෙන් COOP වචනයෙන් නව ලාංඡනයක් සහිත ධජයක් ජාත්‍යන්තර සමුපකාර සන්ධානය විසින් නිර්මාණය කරන ලදී. ඒ අනුව මේ වන විට දේදුනු වර්ණ කොඩිය වෙනුවට coop අක්ෂර සහිත මෙරුන් පැහැති කොඩිය සමුපකාර කොඩිය ලෙස ශ්‍රි ලංකාවේද පිළිගෙන ඇති අතර 2017 ජුලි පළමු සෙනසුරාදා පැවති ජාත්‍යන්තර සමුපකාර දිනයේ සිට නව කොඩිය ශ්‍රි ලංකාවේ භාවිතා වේ.
No comments:
Post a Comment