Thursday 25 December 2014

විශ්වයේ ආසියාතිකයා හෙවත් පී.ඒ. කිරිවන්දෙණිය නම් වන ඔහු...

විශ්වයේ ආසියාතිකයා හෙවත් පී.ඒ. කිරිවන්දෙණිය නම් වන ඔහු...

උපුටා පල කිරිමකි. මුල් ලිපිය සදහා 

සණස යන නාමය පිළිබඳ අද වන විට නොදන්නා කෙනකු නොමැති තරම්. ‘සණස’ එතරම් මෙරට ජනජීවිතය හා සමීප ළෙන්ගතුකමක් ගොඩනඟා ගත් ආයතනයක්.‘සණස’ ව්‍යාපාරයේ නායක විශ්ව ප්‍රසාදිනි ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා විසින් ලක්‍ෂ ගණනක් වූ අහිංසක ශ්‍රී ලාංකේය ජනතාවගේ ජීවන මට්ටම උසස් කිරීම සඳහා ආරම්භ කරන ලද ප්‍රජා මූල්‍ය සංවිධානයක් වන ‘සණස’ අද වන විට ශ්‍රී ලංකාව පුරා ගනුදෙනුකරුවන් තිස්ලක්‍ෂයක්, සාමාජිකයන් දසලක්‍ෂයක්, ප්‍රාථමික සණස සමිති 8,424ක්, ‘සණස’ ද්වීතියික සංගම් 39ක්, ‘සණස මහා සංගමය’ නමින් මුදුන් මට්ටමේ ජාතික සංවිධානයක් හා ‘සණස සංවර්ධන බැංකුව, සණස රක්‍ෂණ සමාගම, සණස ඉංජිනේරු හා සංවර්ධන සමාගම, සණස නිෂ්පාදන හා පාරිභෝගික සංවිධානය, සණස කැම්පස් ලිමිටඩ්, සණස මුද්‍රණ සමාගම, සණස ආරක්‍ෂක සමාගම, සණස මීඩියා නෙට්වර්ක්, සණස ට්‍රැවල්ස් ලිමිටඩ්’ ආදී වශයෙන් 13කින්ද සමන්විත වේ.
සණස යන නාමය පිළිබඳ අද වන විට නොදන්නා කෙනකු නොමැති තරම්. ‘සණස’ එතරම් මෙරට ජනජීවිතය හා සමීප ළෙන්ගතුකමක් ගොඩනඟා ගත් ආයතනයක්.
‘සණස’ ව්‍යාපාරයේ නායක විශ්ව ප්‍රසාදිනි ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා විසින් ලක්‍ෂ ගණනක් වූ අහිංසක ශ්‍රී ලාංකේය ජනතාවගේ ජීවන මට්ටම උසස් කිරීම සඳහා ආරම්භ කරන ලද ප්‍රජා මූල්‍ය සංවිධානයක් වන ‘සණස’ අද වන විට ශ්‍රී ලංකාව පුරා ගනුදෙනුකරුවන් තිස්ලක්‍ෂයක්, සාමාජිකයන් දසලක්‍ෂයක්, ප්‍රාථමික සණස සමිති 8,424ක්, ‘සණස’ ද්වීතියික සංගම් 39ක්, ‘සණස මහා සංගමය’ නමින් මුදුන් මට්ටමේ ජාතික සංවිධානයක් හා ‘සණස සංවර්ධන බැංකුව, සණස රක්‍ෂණ සමාගම, සණස ඉංජිනේරු හා සංවර්ධන සමාගම, සණස නිෂ්පාදන හා පාරිභෝගික සංවිධානය, සණස කැම්පස් ලිමිටඩ්, සණස මුද්‍රණ සමාගම, සණස ආරක්‍ෂක සමාගම, සණස මීඩියා නෙට්වර්ක්, සණස ට්‍රැවල්ස් ලිමිටඩ්’ ආදී වශයෙන් 13කින්ද සමන්විත වේ.
පැරැණි කන්ද උඩරට රාජධානියේ හතර කෝරලයට අයත් වූ වර්තමාන කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සුන්දර ගැමි ගම්මානයක් වූ ‘කිරිවන්දෙණිය’ ග්‍රාමයේ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා උපත ලබා ඇත්තේ කේ.ජී. කිරිබණ්ඩා සහ සුමනාවෝ රන්මැණිකේ යන දෙපළගේ පස්දෙනකුගෙන් යුත් පවුලේ තුන්වැනියා ලෙසය. අටවැනි පන්තිය දක්වා පන්ති පැවැති මුවපිටිය විද්‍යාලය නම් ගමේ පාසලේ මූලික අධ්‍යාපනය ලැබූ ඔහු ඉන් පසුව රඹුක්කන සුජාතා විද්‍යාලයේත්, අනතුරුව දැලිවල මහා විද්‍යාලයේත් අධ්‍යාපනය ලබා 1962 වර්ෂයේදී විදේ‍යාදය විශ්වවිද්‍යාලයේ (වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) උපාධිධරයකු බවට පත්විය. ඉන් අනතුරුව පිරිවෙන් ගුරුවරයකු, රජයේ පාසල් ගුරුවරයකු වශයෙන් වසර කීපයක් සේවයේ යෙදුණු ඔහු එයින් සමුගෙන රටේ විවිධ ස්වේච්ඡා සංවිධාන හා එක්වෙමින් විවිධ ප්‍රජා වැඩසටහන් සඳහා සම්බන්ධවෙමින් අහිංසක දිළිඳු ජනතාවගේ ඕනෑ එපාකම් සොයා බලමින් ඔවුන්ගේ ජීවන මට්ටම් උසස් කිරීමේ මහා අභියෝගය භාරගත්තේය. ඒ සඳහා ඔහුට එවකට විශාල ශක්තියක් දුන්නේ ගැමියන් සමඟ කටයුතු කිරීමේදී ඔහු හඳුනාගත් ගැමියන් විඳි අනේකවිධ පීඩා හා ගැමියන්ට බලපෑ පීඩාකාරී ආර්ථික තත්ත්වයන් සහ විදේශ සංචාරවලදී ඔහු ලද විවිධ වූ අත්දැකීම් හා ඔහු වටා ගොඩනැඟුණු විදේශ සම්බන්ධතාය.
කිරිවන්දෙණිය මහතා විසින් ‘සණස’ නමින් ලෝකයේම ගෞරවයට පාත්‍ර වූ වැඩසටහන ආරම්භ කරන ලද්දේ ලංකාවේ හුදෙකලාව පැවැති ණය දෙන සමිති ව්‍යාපාරයට ඒකාබද්ධතාවක් ලබාදෙමිනි. ඒ සඳහා ඔහු ප්‍රථමයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ‘වල්ගම’ නම් ග්‍රාමයේ පිහිටි වල්ගම ණය දෙන සමිතිය කේන්ද්‍ර කර ගත්තේය. ඒ 1978 වර්ෂයේදීය. ඔහු විසින් එම වල්ගම ණයදෙන සමිතිය කේන්ද්‍ර ගත කරගනිමින් කෑගල්ල දිස්ත්‍රික්කයේ ණය දෙන සමිතිවල නායකයන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලද දෙදින සම්මේලනයේදී එතෙක් රටපුරා ක්‍රියාත්මකව තිබූ ණය දෙන සමිති ‘සණස’ නමින් ඒකාබද්ධ ජාලයකට සම්බන්ධ කෙරිණි. සියලු ණයදෙන සමිති වෙනුවෙන් පොදු වැඩපිළිවෙළක් එහිදී හඳුන්වා දෙන ලදී. ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික් සණස සමිති ඒකාබද්ධව බිහිකළ කෑගල්ල දිස්ත්‍රික් සණස සමිති සංගමයේ ආරම්භක සභාපති ධුරයට ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා නිතරගයෙන් තේරී පත්විය. ඉන් අනතුරුව ඔහුගේ මූලිකත්වයෙන් මුළු ලංකාවේම සණස සමිති ඒකාබද්ධ කර ජාතික මට්ටමේ සංගමයක් ‘ශ්‍රී ලංකාවේ සණස මහා සංගමය’ නමින් බිහිකර ගැනීමටද ඔහුට සහ ඔහුගේ කණ්ඩායමට හැකිවිය. ‘සණස’ දිනෙන් දින ශක්තිමත් වීමට හා ව්‍යාප්ත වීමට හේතු වූ ප්‍රධානතම සාධකය වූයේ ආචාර්ය කිරිවන්දෙණිය මහතා විසින් තම සාමාජිකයන්, අනුගාමිකයන් සඳහා නිරන්තරව ලබාදෙන ලද අධ්‍යාපනය හා පුහුණුවයි. ඔහු අන් සැමට වඩා එය අනාගත ආයෝජනයක් බවත් දීර්ඝ වැඩපිළිවෙළක ශක්තියේ පදනම බවත් හොඳින් දැන සිටියේය.
ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා විසින් පළමුව ආරම්භ කරන ලද්දේ කෑගල්ල, පරගම්මන ප්‍රදේශයේ සණස ව්‍යාපාරය සඳහා මිලදී ගත් අක්කර පනහකට වැඩි ඉඩමක අධ්‍යාපන පීඨයකි. එය ආරම්භයේදී පොල් අතුවලින් සකස් වුණු මඩුවක් වූ අතර බොහෝ දෙනෙක් එය සමච්චලයට ලක් කළහ. එහෙත් ඔහුගේ දීර්ඝ කාලීන දැක්ම අද යථාර්ථයක් බවට පත්වී තිබේ. එනම් එදා ඔහු පොල් අතු මඩුවකින් ආරම්භ කළ අධ්‍යාපන පීඨය අද ‘සණස කැම්පස් ලිමිටඩ්’ නමින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස රජයේ බලපත්‍රයක් ලබා උපාධි පාඨමාලා ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්ව පවතී.
‘සණස’ වැඩසටහන දිනෙන් දින ශක්තිමත් වෙද්දී ඔහු දුටු තවත් ප්‍රධානතම අඩුපාඩුවක් වූයේ නොසිතූ මොහොතක සිදුවන ගැමියන්ගේ අභාවයකදී ඔවුන්ගේ පවුල් ඒකකය පත්වන අසරණභාවයයි. සණස තුළින් ඒ සඳහා විසඳුමක් ඉදිරිපත් කිරීමට ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා මුල් වූ අතර ඒ සඳහා ඔහු විසින් මරණාධාර සමිති කිහිපයක සාමාජිකයන් පිරිසක් ගොනුකර ගනිමින් සමස්ත ලංකා අනේ‍යාන්‍යා ආරක්‍ෂක සංවිධානය බිහිකරන ලදී. ආරම්භයේදී එහි එක් අයකුගේ මාසික රක්‍ෂණ වාරිකය රු. 5/-ක් විය. 1991 වර්ෂයේදී ආරම්භ කරන ලද එකී කුඩා සංවිධානය 2013 වර්ෂයේදී ‘සී/ස සණස රක්‍ෂණ සමාගම’ නමින් ශ්‍රී ලාංකේය රක්‍ෂණ වෙළෙඳපොළ තුළ අභිමානවත් දේශීය රක්‍ෂණ සමාගමක් ලෙස දස වසරක් සම්පූර්ණ කර තිබේ. මේ වන විට රු. මිලියන 1200ක වත්කමක් සහිත  සණස රක්‍ෂණ සමාගම දේශීය හා ජාත්‍යන්තර සම්මාන රැසක්ද දිනාගෙන සිටින සමාගමකි. ශ්‍රී ලංකා ජාතික කෘෂි ව්‍යාපාර කවුන්සිලය හා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය එක්ව සංවිධානය කෙරුණු කෘෂිකර්ම ක්‍ෂේත්‍රයේ උන්නතිය සඳහා දායක වූ පාර්ශ්වකරුවන් ඇගයීමේ 2012 සම්මාන උළෙලේදී ගොවි ප්‍රජාව වෙත නව රක්‍ෂණ ක්‍රමවේද හා සංකල්ප හඳුන්වා දීම හා රක්‍ෂණය සඳහා නව තාක්‍ෂණය භාවිත වෙනුවෙන් සණස රක්‍ෂණ සමාගමට සේවා ඇගයීමේ අංශයේ රිදී සම්මානය හිමිවූ අතර, පසුගියදා 2013 වර්ෂය වෙනුවෙන් එහි රන් සම්මානයද හිමිවිය.
එය රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මැතිතුමා සණස රක්‍ෂණ සමාගමට ලබාදුන් නායකත්වය උදෙසාම ලැබුණු ඇගයීමකි. එසේම ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පසුගිය මැයි මාසයේ 28 දින පැවැති බිස්නස් ඉනිෂියේටිව් ඩිරෙක්ෂන් ආයතනයේ ජාත්‍යන්තර සම්මාන උළෙලේදී දිගුකාලීන හා මනා තත්ත්ව පාලනයකින් යුක්තව ව්‍යාපාර දියුණු කිරීම හා නව නිපැයුම් මඟින් ව්‍යාපාර වර්ධනය කර ගැනීම සඳහා වූ ජාත්‍යන්තර ප්ලැටිනම් සම්මානයද සණස රක්‍ෂණ සමාගම වෙත හිමිවී ඇත. සණස රක්‍ෂණ සමාගම මේ වනවිට ලංකාව පුරා ශාඛා කාර්යාල 46ක් සහිතව ලක්‍ෂ සංඛ්‍යාත ගනුදෙනුකරුවන් ප්‍රමාණයක් සමඟ සාර්ථකව ක්‍රියාත්මක වේ.
රටක බැංකුවක් හැදීම සහ පවත්වාගෙන යෑම රටේ ඉතා හොඳ ආර්ථික පසුබිමක සිටින ව්‍යාපාරිකයන්ට යථාර්ථයක් වුවත් අතේ යහමින් මුදල් නැති අහිංසක මිනිසුන්ට සිහිනයක් පමණි. එසේ වුවත් ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා දසලක්‍ෂයක් වූ දුප්පත් ‘සණස’ සාමාජිකයන්ට බැංකුවක අයිතිය පවරා දුන්නේය. එබැවින් ඔහු විසින් ආරම්භ කරන ලද සණස සංවර්ධන බැංකුව ලංකාවේ වැඩිම කොටස්කරුවන් ප්‍රමාණයකින් ආරම්භ කරන ලද සහ ලංකාවේ මධ්‍යම පාන්තික හා පහළ මධ්‍යම පාන්තික ජනතාවට අයිතිය ඇතිව ආරම්භ කරන ලද ලංකාවේ එකම බැංකුව බවට පත්වී තිබේ. සණස සංවර්ධන බැංකුව මේ වන විට රටපුරාම ශාඛා කාර්යාල 82ක් සමඟ දේශීය හා විදේශීය සම්මාන ලබමින් සාර්ථකව ක්‍රියාත්මකව පවතී.
ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා තම ජීවිතයේ හොඳම කාලය අහිංසක ගැමි ජනතාව වෙනුවෙන් කැපකරද්දී එතුමාගේ ආදරණීය භාර්යාව බිසෝ මැණිකේ කිරිවන්දෙණිය මහත්මිය දරුවන් 5 දෙනකුගේ සියලු වගකීම්ද දරමින් ඔවුන්ගේ වියදම් සියල්ල තම රැකියාව වූ රජයේ ගුරු වෘත්තියෙන් ලද වැටුප සකසුරුවම් ලෙස පරිහරණය කරමින්ද සමාජ සේවා කටයුතුවලට සහභාගි වීමට ගමන් වියදම් සහ වෙනත් වියදම් සඳහා සුළු මුදලක්  තම ආදරණීය සැමියාට ලබාදෙමින්ද ඔහුගේ ගමනට යෝධ අත්වැලක් සැපයූවාය.
සණස ව්‍යාපාරය මේ වන විට ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම ඇගයීමට පත්වූ කීර්තිමත් වැඩසටහනකි. ඒ බව තහවුරු කිරීමට අතිගරු ජනාධිපතිතුමා විසින් ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතාට මහජන බැංකුවේ සභාපති ධුරය පිරිනමනු ලැබීමත් ආසියානු ණය දෙන සමිති සම්මේලනයේ ලේකම් ධුරය, භාණ්ඩාගාරික ධුරය මෙන්ම සභාපති ධුරය එතුමාට ලැබීමත්, ලෝක ණයදෙන සමිති මහා සංගමයේ ආසියානු අධ්‍යක්‍ෂ ධුරය හිමිවීමත් ප්‍රධාන වශයෙන් කැපී පෙනේ. මෙහි සඳහන් වන්නේ ඔහුට හිමි වූ නිලතල, තනතුරු අතරින් ඉතා සුළු ප්‍රමාණයක් පමණි.
ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම සමුපකාරිකයෙකි. ඔහුගේ සෑම වචනයකම, සංකල්පයකම සමුපකාර ප්‍රතිපත්ති හා සමුපකාර සාරධර්ම පිරී ඉතිරී යයි. ඒ සඳහා එතුමට ලැබුණු හොඳම ඇගයීම වන්නේ ‘ආසියානු මහද්වීපයේ හොඳම සමුපකාරිකයා’ ලෙස හිමිවූ සම්මානයයි. තුන්කල් දුටු මහා ජනනායකයකු වූ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා සණස වැඩසටහන් තුළින් ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් 11,000කට රැකියා ලබාදී ඇත. මේසා විශාල මූල්‍ය සංවිධානයක නායකයා වෙමින් රුපියල් බිලියන ගණනක වත්කම් කළමනාකරණයට නායකත්වය ලබාදෙන ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතාගේ කීර්තිනාමය දසත පැතිරෙන්නේත් ඔහු ලෝකයේම  ජනතාවගේ ඇගයීමට ලක්ව ඇත්තේත් එකම එක් කරුණක් නිසා බව අපි සිතමු.
ඒ මෙතරම් විශාල වූ මූල්‍ය වත්කම් ප්‍රමාණයක් කළමනාකරණය කිරීමට මඟපෙන් වුවන්, නායකත්වය දැරුවත් ඔහුට අයිති, ඔහුට ගෙනයා හැකි කිසිවක් ඒ තුළ ඔහුට නොමැතිවීමයි. ඒ කිසිවකට කිසිදු අයිතියක් ඔහු සතු නොවීමයි. එසේ වුවත් ඔහු කිසිවකුට රැස් කරගැනීමට නොහැකි වූ මහා ධනයක සාඩම්බර හිමිකරුවෙකි. ඒ දස ලක්‍ෂ ගණනක මහා ජනතාවකගේ ආශීර්වාදය සහ තමන්ගේ ජීවන ගමන පිළිබඳ ඔහු තුළ ඇති තෘප්තියයි. සමුපකාර හරයන් සමඟ ලොවට සාර්ථක වැඩසටහනක් හඳුන්වා දුන් විශ්වයේ ආසියාතිකයා වන ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මැතිඳුනි නිදුක් නිරෝගී සැපය සමඟ තවත් බොහෝ කාලයක් ලොවට නායකත්වය දෙමින් දුප්පත් ජනතා සේවයට ඔබට ශක්තිය, ධෛර්යය ලැබේවා

ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මැතිඳුන්ගේ නිල වෙබ් අවකාශය 
http://www.kiri.lk

No comments:

Post a Comment