Saturday 27 December 2014

උපාය මාර්ගික සැලසුම්කරණය

01 උපාය මාර්ගික සැලසුම්කරණය

උපාය මාර්ගික සැලසුම්කරණය යනු සංවිධානයකට එහි අරමුණු ලගාකරගැනිමට හැකිවන පරිදි විවිධ ශ්‍රිතමය තීරණ සැලසුම්කිරිම ක්‍රියාත්මක කිරිම හා අගය කරනු ලබන විද්‍යාව ලෙස කොඩ් ඩේවිඩ් නිර්වචනය කර ඇත. ඒ අනුව උපාය මාර්ගික කළමනාකරණය කළමනාකරණය අලෙවිකරණය මුල්‍ය ගිණුම්කරණ නිෂ්පාදන මෙහෙයුම් පර්යේෂණ හා සංවර්ධන මානව සම්පත් තොරතුරු පද්ධති වැනි ශ්‍රිතයක් ඒකාබද්ධ කිරිම සිදුකරයි.
උපාය මාර්ගික සංවර්ධනය හදුනා ගැනිමේදි ගෙරි ජොන්සන් සහ කෙවාන් ස්බොල්ස්ගේ නිර්වචනය ද වැදගත්වේ. සංවිධානයක් එහි උපායමාර්ගික තත්වයන්උපාය මාර්ගික තෝරාගැනිමට සහ උපාය මාර්ගික ක්‍රියාවට නැංවිම අවබෝධකරගැනිම උපාය මාර්ගික කළමනාකරණය ලෙස හදුන්වා දි ඇත.

2. උපාය මාර්ගික කළමනාකරණයේ මුලික සංකල්ප

උපාය මාර්ගක කළමනාකරණයේ මුලික සංකල්ප කිහිපයකි එනම්

උපාය මාර්ගඥයින්
සංවිධානයක ඉහලම තලයේ නියෝජනය මේ නමින් හැදින්වේ. ආයතනයක සාමාන්‍යාධිකාරි, ප්‍රධාන විධායක නිලධාරින් ආදිය මිට උදාහරණ වේ. මොවුන් ආයතනයට අවශ්‍ය තොරතුරු විශ්ලේෂණය කිරිම තොරතුරු රැස්කිරිම තොරතුරු සංවිධානය කිරිම සිදුකරයි. නව ප්‍රවණතා හදුනාගැනිම පුරෝකථන හා පුරෝකථන ආකෘතින් දියුණුකිරිම මොවුන්ගේ කාර්යභාරය වේ.
දැක්ම හා මෙහෙවර
ආයතනයක් අනාගතයේ ලගාවිමට අපේක්ෂාකරන තත්ත්වය දැක්ම ලෙස හැදින්විය හැක.උදාහරණ ලෙස වානිජ බැංකු අතර, ප්‍රමුඛත්වය විම මහජන බැංකුවේ දැක්ම වේ.
සංවිධානයක මෙහෙවර යනු වෙනත් සමාන සංවිධානවලින් එම සංවිධානය වෙන්කොට හදුනාගැනිමටඋපකාරවන එම සංවිධානයේ මුලික කාර්යය භාරය වේ.
බාහිර අවස්ථාවන් සහ තර්ජන
ආයතනයකට පාලනය කල නොහැකි නමුත් උපාය මාර්ගික සැලසුම්කරණයේ මුලික සංකල්පයකි  බාහිර අවස්ථාවන් හා තර්ජන.         රාජ්‍ය ප්‍රතිපත්ති බදු ව්‍යුහය මානව ආකල්ප තාක්ෂණය ජනගහනය ආදිය මිට උදාහරණ වේ. ආයතනයකට පාලනය කල නොහැකි වුවද බාහිර අවසථාවන්ගෙන්  උපරිම ප්‍ර යෝජන ගැනිමෙන් බාහිර  තර්ජන   අවම කර ගැනිමෙන් උපාය මාර්ගික කළමනාකරණයේ පියවරකි. 

අභ්‍යන්තර ශක්තින් සහ දුර්වලතා
ආයතනයකට පාලනය කල හැකි සාධක අභ්‍යන්තර ශක්තින් හා දුර්වලතා ලෙස හැදින්විය හැක. ආයතනයක සේවකයින් ආයතනයකට ශක්තියක් වන අතර නුපුහුණු සේවකයින් දුර්වලතාවයකි.ආයතනයේ ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් අභ්‍යන්තර ශක්තින් හදුනාගැනිමත් ඒවා වැඩි දියුණුකිරිමත් උපාය මාර්ගික කළමනාකරණයේදි සිදකල යුතුයි.එසේම අභ්‍යන්තර දුර්වලතා ඉවත් කරමින් සැලසුම් සකස්කිරිම ද උපායමාර්ගික කළමනාකරණයේ පියවරකි.
දිගුකාලින අරමුණ
සංවිධානයක් විසින් තම මෙහෙවර ප්‍රතිපත්තිය අනුව ලගාකරගැනිම අපේක්ෂා කරන නිශ්චිත ප්‍රතිඵලය සංවිධානයේ අරමුණු නිර්වචනය කෙරේ.මෙහිදි වසරකට වැඩි කාලයකදි ලගාකරගැනිමට බලාපොරාත්තු වන තත්වය දිගුකාලින අරමුණු ලෙස හදුනාගැනේ. 
උපාය මාර්ග
සංවිධානයක දිගුකාලින අරමුණු ලගාකරගැනිම සදහා භාවිතා කරනු ලබන උපාය මාර්ග ලෙස හැදින්වේ.
මෙලෙස උපාය මාර්ගික සැලසුම් කරණයක අවශ්‍යතාව ඇතිවිමට මුලික වශයෙන් බලපානු ලැබුවේ පහත සදහන්  ගැටලුවට සාර්ථක ලෙස මුහුනදිම සදහා සාමාන්‍ය සැලසුම්කරණය ප්‍රමාණවත් නොවිම නිසාය.

3.උපාය මාර්ගගත සැලසුම්කරණය හා සමුපකාර සමිතියක සංවර්ධන සැලැස්ම සකස්කිරිම අතර වෙනස්කම්

සමුපකාර සමිතියක සංවර්ධන සැලැස්ම සකස්කිරිම නීතිමය අවශ්‍යතාවයකි. සමුපකාර නීතියෙන් දක්වා ඇති පරිදි සෑම මුදල් වර්ෂයක් සදහාම සංවර්ධන සැලසුම් සකස්කල යුතුයි. මේ නිසා නිතිමය අවශ්‍යතාවයක් සපුරාලිම සදහා සමුපකාර සමිතිවල සංවර්ධන සැලසුම් සකස්කරනු ලබයි.
උපක්‍රමික සැලසුම්කරණයේදි උපක්‍රමික නිශ්ඨාවන් අරමුණු පරමාර්ථ ස්ථාපිත කිරිම සහ ඒවා ඉටුකරගැනිමට අදාල සැලසුම්සකස් කිරිමේ දි මතුවන ගැටලු විසදිමේ ක්‍රියාවලියකි. එහෙත් පෙර කි පරිදි සමුපකාර සමිතියක සැලසුම් යනු නිතිමය අවශ්‍යතාවයක් සපුරාලිම සදහා යොදාගන්නා මෙවලමක්  පමණි.
උපක්‍රමික සැලසුම්කරණයට අදාලව මට්ටම් තුනක් සම්බන්ධව කටයුතු කල යුතුයි.

1.සංයුක්ත සැලසුම්
2.ව්‍යපාරික සැලසුම්
3.ක්‍රියාකාරි සැලසුම්

මේ යටතේ සංයුක්ත සැලසුම් යනු ආයතනයේ හෝ ව්‍යාපාරයේ හෝ සමස්ථයක් ලෙස ව්‍යවසායකත්වය දරණ කටයුත්ත හදුනාගැනිමක් ඒවා ඉටුකරගන්නා ආකාරයට අදාල තිරණ ඇතුලත් සැලැස්ම සංයුක්ත සැලසුමකි. ව්‍යපාරික සැලසුම් යනු කිසියම් නිශ්චිත ව්‍යාපාරික කටයුත්තකට අදාල උපක්‍රමයක් ඇතුලත් සැලැස්ම මින් අදහස් වේ. ව්‍යාපාර ඒකක කිහිපයක් වු විට එකිනෙක අවශ්‍යතා සදහා වෙන වෙනම සැලසුම් සකස්කල යතුයි.

ක්‍රියාකාරි සැලැස්ම යනු සමානුපාතික හා ව්‍යාපාරික උපක්‍රමයන්ට අදාලව සැලසුම් ක්‍රියාත්මක කිරිමේදි ආයතනික සම්පත් කාර්යක්ෂමව හා සඵලදායක ලෙස යොදාගන්නා සැලැස්ම වේ.

නමුත් සමුපකාර සමිතියක සවර්ධනය සැලැස්ම කොතෙක්  දුරට මෙම පියවරගත් අනුගමනය කරන්නේද යන්න ගැටලුවකි. සමුපකාර සමිතිවල සැලැස්ම සකස්කිරිමේදි පෙර වර්ෂයේ සැලැස්මට 5% හෝ 10% ප්‍රතිශතයක් එකතුකර අගයන් යෙදිම දැකිය හැකිය.මෙහි ප්‍රතිඵලය වන්නේ සමුපකාර සමිතිවල සැලැස්ම හා ප්‍රගතිය අතර ඉතා විශාල පරතරයක් පිහිටිමයි. විශේෂයෙන්ම පාරිභෝගික අංශයෙන් ලංකාවේම සමුපකාර ව්‍යාපාරයේ පාඩුවට පවත්වාගෙන යයි. මෙසේවිමට හේතුව සමුපකාර සමිති සංයුතික සැලසුම් ව්‍යපාරික සැලැස්ම හා ක්‍රියාකාරි සැලසුම් යන මට්ටම් තුනේ පියවරක් අනුගමනය නොකිරිමයි.

එසේම උපාය මාර්ගික සැලසුම් සකස්කිරිමේදි අනුගමනය කල යුතු පියවරයන් කිහිපයකි.

1.සංවිධානයේ අභ්‍යන්තර බාහිර පරිසරය විගහ කිරිම

පෙර සදහන් කල පරිදි ආයතනයක් උපාය මාර්ගික සැලසුම් සකස්කිරිමේදි අභ්‍යන්තර හා බාහිර පරිසර විග්‍රහය සිදුකල යුතුයි.බාහිර පරිසරයේ ඇති දේශපාලනික ආර්ථික තාක්ෂණතා නිර්මානික සංස්කෘතික බලපෑම හදුනාගැනිමෙන් අභ්‍යන්තර පාරිසරික බාධක වන කළමනාකරණය උනන්දුවක් දක්වන පාර්ශවයන් සංවිධාන ව්‍යුහය, ප්‍රතිපත්ති, නිතිරිති ක්‍රියාමාර් වැනිදේ උපක්‍රමික සැලසුම් සකස් කරන්නේද විග්‍රහ කල යුතුයි.
සමුපකාර සමිති තම සැලසුම් සකස්කිරිමේදි මෙම අභ්‍යන්තර හා බාහිර පරිසරය ව්‍රිග්‍රහ කිරිම නොකරයිතම සමුපකාර සංවිධානයට බාහිරින් එල්ලවන තර්ජන හා ඒවා ජයගැනිමට අභ්‍යන්තරයේ ඇති ශක්තින් හදුනාගෙන නොමැත.මේනිසා සමුපකාර සමිතිවල සැලසුම් සංඛ්‍යාලේඛන වලට පමනක් සිමාවි ඇත. වර්තමානයේ සමුපකාර සමිති සතු ඉන්ධන පිරවුම් හල් සදහා රජය බලපත්‍ර ලබාදිමයි. මේ නිසා ඌව පලාතේ සමුපකාර ඉන්ධන පිරවුම්හල් වලට දැඩි තර්ජනයක් එල්ලවේ. එසේවුවත් සියලුම සමුපකාර සමිති තම සැලසුම් සකස් කිරිමේදි මෙම බාහිර තර්ජනය හදුනානොගත්තා සේම ඊට මුහුන දිමට අභ්‍යන්තර ශක්තින්ද හදුනාගෙන නොමැත.එසේම කෝප්සිටි ජාලයට හා තරගකරන සුපිරි වෙලදසැල් ජාලයද මිට උදාහරනයකි.

02. සමස්ථ කාර්යභාරය සමාලෝචනය

ඉහත පියවරයේදි හදුනාගත් පාරිසරික තත්වයන්ට අදාලව සංවිධානයක දැනටමත් කාර්යභාරය තෝරාගෙන ඇති ක්ෂේත්‍රයන්හි නිගමනය හා එය ප්‍රකාශ කරන දිගුකාලිනව දර්ශනය (දැක්ම/දෘෂ්ඨිය) නිෂ්ඨාව  (මෙහෙවර) අරමුණු මොනවාද යන්න හදුනාගැනිමත් එසේ තෝරාගැනිමෙන් සිදුකර නොමැතිනම් පරිසරයට අනුව එසේ සිදුකිරිම මිට යඅත්ය.
සමුපකාර සමිතිවල අනාගත ඉලක්කයන් කෙරෙහි දක්වා ඇත්තේ අඩු සැලකිල්ලකි බොහෝ සමුපකාර සමිති තම සංවිධානයට අදාලව මෙහෙවරත් හා දර්ශනයන් සකස්කර ඇතත් එය දිගුකාලින අරමුණු වලින් සුසැදි තත්වයක් නොවේ. එසේ වර්තමාන පාරිසරික තත්වයන් විග්‍රහ කිරිමකින් තොරව සකස්කර ඇත.
3.ශදු අත විග්‍රහය
සමුපකාර සමිති මෙහිදි සලකා බැලිය යුත්තේ දැනටමත් පිහිටුවා  ගෙන තිබෙන සංවිධානයේ දිගුකාලින දෘෂ්ඨිය නිෂ්ඨාව හා අරමුණු වැනි කාර්යභාරය සදහා පරිසරයේ කුමන වාසිදායක තත්වයන් පවතිද කුමන අවාසිදායක තත්වයන් පවතිද යන්න හා තර්ජනයන් පවතිද යන්න විග්‍රහ  කිරිමයි. එසේ හදුනාගත් අවස්ථාවන් වලට හා තර්ජනයන්ට මුහුණු දිමට ආයතනයේ           ඇති ශක්තින් හා දුෂ්කරතාවයන් හදුනාගැනිමත් හදුනාත් ශක්තින් වර්ධනය කිරිම සදහාත්  දුෂ්කරතාවයන් අවම කිරිම සදහා සැලසුම් සකස්කල යුතුයි.
මෙහිදි සැලසුම් සකස්කිරිමේදි නිශ්චිතව තමන් ලගාවිය යුතු ඉලක්කය දැක්විය යුතුයි.උදාහරන ලෙස ග්‍රාමිය බැංකුවේ තැන්පත් වර්ධනය  6% ක් සිදුකිරිම. 

(4) විකල්ප උපක්‍රමයන් දියුනුකිරිම

උපක්‍රමික සැලසුම් සකස්කිරිමේදි සංවර්ධන මට්ටම් තුනටම අදාලව එනම් සංයුක්ත ව්‍යාපාරික ක්‍රියාකාරි යන මට්ටම් තුනටම අදාලව විකල්ප දියුනුකල යුතුයි. එනම් මීට පෙර පියවරයන්ගෙන් හදුනාගත් ගැටලු වලට මුහුන දිමට හැකිවන පරිදි අදාල මට්ටම් වල සැලසුම්වල විකල්ප උපක්‍රමයන් දියුනු කල යුතුයි.
සමුපකාර සමිතියක් ස්වකිය සැලසුම් සකස්කිරිමේදි මෙමගින් විකල්ප උපක්‍රමයන් දියුනු කිරිමට උනන්දු නොවේ.මේ නිසා සමිතිවල සැලැස්ම අසාර්ථක වි ඇත. වර්තමානයේ   ඉන්ධන     වෙලදපල ප්‍රසාරනයක් සමග ඉන්ධන අංශ  විකල්ප උපක්‍රම දියුනුකිරිමේ අවශ්‍යතාව ඉතා තදින් දැනි ඇත එහෙත්කිසිදු සමුපකාර සමිතියක් මේ සදහා අවධානය යොමුකිරිම දැකිය නොහැක. 
තත්වය කොතෙක් දුරට වෙනස්වේද යන්න පිලිබදව කරනු ලබන උපකල්පනය මෙහිදි සිදුකල යුතුයි.පෙර හදුනාගත් පාරිසරික විග්‍රහයේ ආයතනයේ ශක්තින් හා දුර්වලතා බාහිර පරිසරයේ ඇතිවේ යැයි අදහස් කරනු ලබන අවස්ථාවන් මහා තර්ජනයක් මුහුනදිමට හැකිපරිදි ප්‍රරෝකථනයන් මෙහිදි සිදුකල යුතුයි.
උදාහරන ලෙස ග්‍රාමිය බැංකුවේ ණය පොලි ප්‍රතිශතය හා තරගකාරි ආයතනවල ණය පොලි ප්‍රතිශතයන් කෙසේවේද. තාක්ෂණයේ වෙනස්කම් කෙසේ සිදුවිය යුතුද තරගකරුවන් කෙසේ ප්‍රතිචාර දක්වයිද යන ගැටලුවලට පිලිතුරු සපයා ැනිම සැලසුම් සකස්කිරිමට පෙර අනිවාර්යයෙන්ම කල යුතුයි.
සමුපකාර සමිතියක් විසින් සැලසුම් සකස්කිරිමේදි මෙසේ කල්පිතයක් තිරණය කිරිම දැකිය නොහැක.

5.උපක්‍රමික පරමාර්ථ තීරණය කිරිම

දැනටමත් ස්ථාපිත කර තිබෙන දිගුකාලිනව දෘෂ්ඨිය නිෂ්ඨව හා අරමුණුවලට අදාල තත්වයන්ට අනුකුල වන ආකාරයෙන් හා අනාගත පාරිසරික තත්වයන්ට අනුකුල වන ආකාරයෙන් වඩාත් නිශ්චිතව විවිධ ඒකකවලට හා විවිධ කාලපරිච්ඡෙදයන් සම්බන්ධ අපේක්ෂිත ප්‍රතිඵලය සදහන්කිරිම මෙම අදියරයේදි සිදුවේ.
නමුත් සමුපකාර සමිති විසින් සැලසුම් සකස්කිරිමේදි මෙය සිදුකිරිම දැකිය නොහැක.
මෙම කරුණු 6කෙරෙහි අවධානය යොමු නොකිරිම නිසා සමුපකාර සමිතිවල ව්‍යාපෘති බහුතරයක් බිදවැටිමට ලක්වි ඇත.
සමුපකාර සමිතිවලට ඇති සම්පත් බොහොමයක් භාවිතයට නොහැක. එසේ සිදුකිරිමට හේතුව සමුපකාර සමිති සිය සැලසුම් නීතිමය අවශ්‍යතාව                       බේරිමට නිසා උපාය මාර්ගත සැලසුම් කරණයකට සැබවින්ම යොමු නොවිම නිසා සකස්කරනු ලබන සැලසුම් ඵලදායි නොතිබිමයි
සමුපකාර සමිතියක් සැලසුම් සකස් කිරිමේදි ඉහත පියවරයන් අනුගමනය නොකරන සේම සාමාන්‍ය සැලසුම්කරණයේ හා උපක්‍රමික සැලසුම් කරණයේ ඇති වෙනස්කම්ද හදුනාගෙන නොමැත. සාමාන්‍ය සැලසුම්කරණය හා උපාය මාර්ග සැලසුම්කරණය අතර වෙනස්කම් පිලිබදව අදහස් ඉදිරිපත් කරනු ලබන රොබට් එම් හෙයිස් හා ස්ටිවන් සි විල්රයිට් විසින් පහත වෙනස්කම් පෙන්වා  දි ඇත.
එ අනුව සමුපකාර සමිතියක සැලසුම් සකස් කිරිම හා උපාය මාර්ගික සැලසුම් සකස්කිරිම අතර වෙනස්කම් හදුනාගත හැකිය.

(7)විකල්ප ඇගයිම් හා තෝරාගැනිම

විකල්ප ඇගයිම් සහ ඒවා තෝරාගැනිම් කිරිමේදි සංවිධානයට අදාල අතිත උපක්‍රමයන් ඇගයිමක් දැනට හදුනාගත් උපක්‍රමවල සාර්ථකත්වය තක්සේරු කිරිමක් ලෙසද වේ.අතිත උපක්‍රම අසාර්ථක                   
මගින් විස්තර යෝ්‍ය මාවතට ආයතනය යොමුකිරිමේදි අවශ්‍යතාවයපෙන්නුම්කරයි. නමුත් සමුපකාර සමිතිවල පෙර උපක්‍රමයන් කොතෙක් අසාර්ථක වි තිබුනද එම උපක්‍රම යලි යලි භාවිත කිරිම දැකිය හැකිය. විශේෂයෙන්ම විදුලි බිල්පත් එකතුකිරිම මේ වන විට ග්‍රාමිය බැංකුවෙන් ගිලිහෙමින් පවති.
එහෙත් සමුපකාර සමිති විදුලිබිල් එකතු කිරිම සදහා විකල්ප ක්‍රමවේදයන් කරා යොමුකිරිම දැකිය හැක. උපක්‍රමික සැලසුම් කිරිමේදි විකල්ප ඇගයීම හා තෝරාගැනිම සිදුකිරිමේදි පහත සදහන් කරුණු සැලකිල්ලට ගත යුතුයි.

1.බාහිර බලවේගයන්ගෙන් විය හැකි වෙනස්කම්
2.ආයතනික අරමුනු හා පරමාර්ථ
3.ආයතනික සම්පත්
4.ආයතනික සංස්කෘතිය
5.වෙලඳපොල කොටස වර්ධනය
6.ක්‍රියාත්මක කිරිමට ඇති හැකියාව

4. සාමාන්‍ය සැලසුම් සකස් කිරිම හා උපාය මාර්ගික සැලසුම් සකස්කිරිම අතර වෙනස්කම්

(1)කාලය
සාමාන්‍ය සැලසුම්කරණයට වඩා වැඩි කාලයක් උපක්‍රමික සැලසුම් සකස්කිරිම සදහාත් ක්‍රියාත්මක කිරිම සදහාත් අවශ්‍ය වේ. එනමුත් සමපුකාර සමිති විසින් සැලසුම් සකසකිරිමට වර්ෂයකට සිමාකරනු ලබන අතර සකස්කිරිමද කෙටිකාලයක් තුල සිදුකරයි. මේ නිසා සැලසුම් සක්සිකිරිමට අදාලව අවශ්‍ය තොරතුරු ලබාගැනිම නියමිත පරිදි සිදුනොකරයි.
(2) බලපෑම  -
සාමාන්‍ය සැලසුම්  නොව උපක්‍රමික සැලසුම්වල ප්‍රථිපලය දිගුකාලයක් යන තෙක් අත්දැකිය නොහැක එසේ පුවත් අවසර ප්‍රතිඵලය ඉතා වැදගත් වේ.නමුත් සමුපකාර සමිති උපක්‍රමික සැලසුම් කරණයට යොමු කරන විට වර්ෂයක් වැනි කාලයක් තුල සිය සංවර්ධන සැලැස්මේ  ප්‍රගතිය අත්දකි. එහෙත් දිගුකාලින අරමුනු නොමැති නිසා මෙම ප්‍රගතිය සාර්ථක තත්වයක් නොවේ.
(3) ප්‍රයත්න සදහා යොදවන අවධානය
පුලුල් මට්ටමේ සිට පටු මට්ටම දක්වා එනම් ඉහල කලමනාකාරිත්වයේ සිට පහලට සේවකයා දක්වා සියලු දෙනා උපක්‍රමික සැලසුම්කරණයේදි අවධානය යොමුකරන අතර තනි තනි ක්‍රියාකාරකම් සදහා උපක්‍රමික සැලසුම්කරණයේදි අවධානය යොමු කෙරේ.
නමුත් සමුපකාර එහි තනිතනි මට්ටම් වලදි සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරිමට උනන්දුනොවේ.
උදාහරන ලෙස ප්‍රාදේශික කලමනාකරුවන් සමිතියේ සංවර්ධන සැලැස්මේ ඉලක්කයන් ලගාකරගැනිමට උනන්දු නොවේ.ඇතැම් විට සමිතියේ සංවර්ධන සැලැස්මේ ප්‍රාදේශික කළමනාකරුවන්ගේ දායකත්වය ලබාැනිම පිලිබදව විස්තර අඩංගු නොවේ.
සැලසුම් ඇගයිමේ ක්‍රමවේදයන් නොමැති නිසා සමිතියේ සංවර්ධන සැලැස්මේ ඉලක්කයන් හරවා යැමට සියලු පාර්ශවයන් උනන්දු නොවේ.
(4)  තීරනවල ස්වභාවය
විවිධ කළමනාකරණ  මට්ටම්වලදි ගනු ලබන තිරණ හා උපක්‍රම වෙනස් වුවත් ඒ ඒ එකිනෙකට හා එකිනෙක මට්ටම්වල ට උපකාරිවිම උපක්‍රමික සැලසුම් කරණ ලෙසද දැකිය හැක. නමුත් සමුපකාර සමිතිවල  තිරණැනිමට බොහෝවිට ඉහල කලමනාකරිත්වය විසින් ගනු ලබයි. පහල මට්ටම්වල තිරණ ක්‍රියාත්මක කිරිමට උනන්දු නොවේ.
මේ නිසා පහල මට්ටමේ නිලධාරින් සංවර්ධන සැලැස්ම සම්බන්ධයෙන් ගැටලු මතුවන විට ඉහල කලමනාකාරිත්වයේ තිරණ අපේක්ෂා වෙන්සිටි.

(5.) පැතිරිම හෝ ව්‍යාප්තිය
සමහර බෙදාහැරිමේ සිට දෛනිකව සිදුකරන රාජකාරි දක්වා සැම පරාසයක් සදහාම උපක්‍රමික සැලසුම් සකස්   කිරිම   සමුපකාර සමිති පිලබදව අවධානය යොමුකිරිම අවම මට්ටමක පවති. එනිසා සමිතියේ සම්පත් නිසිකලට නිසි තැනට නොලැබි යාම උත්සාහයකි.

සාර්ථක උපක්‍රමික සැලැස්ම්කරණය  අවසානයේ ආයතනික ගැටලු තුනකට පිලිතුරු ලබාගත හැකිය.
1.සංවිධානයක් ලෙස අප දැනට සිටින්නේ කොහේද
2සංවිධානයක් ලෙස අපට සිටිමට අවශ්‍ය කොහේද
3.අවශ්‍ය ස්ථානයට යන්නේ කෙසේද


අවාසනාවකට මෙන් සමුපකාර සමිතිවල සැලසුම් වලින් පිලිතුරු අපේක්ෂා කල නොහැක්කේ ද මේ ගැටලු තුනටමයි. 

No comments:

Post a Comment