Monday 22 December 2014

සමුපකාර සමිති පනතේ සහ සමුපකාර රීතිමාලාවේ විධිවිධාන අනුව සමුපකාර රෙජිස්ට්‍රාර්වරයාට පැවරි ඇති අභිමතානු සාරි බලය

සමුපකාර සමිති පනතේ සහ සමුපකාර රීතිමාලාවේ විධිවිධාන අනුව සමුපකාර රෙජිස්ට්‍රාර්වරයාට පැවරි ඇති අභිමතානු සාරි බලය
1.සමුපකාර නීතිය යනු
(1)       ශ්‍රි ලංකාවේ සමුපකාර සමිති සදහා වලංගු නිතිය වන්නේ 1993 අංක 32 දරණ සමුපකාර සහ සංශෝධන පනතින් හා 1992 අංක 11 දරණ සමුපකාර සමිති සංශෝධිත පනතින් සංශෝධන වි ඇති 1972 අංක 5 දරණ සමුපකාර සමිති පනතයි. මෙය සමුපකාර සමිති වලට අදාල මුලිකම නිතිය වන අතර 1988 දි සිදුකල 13 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව පිහිටවු පලාතසභා විසින් පනවා ඇති ප්‍රඥප්තිද සමුපකාර නිතිය වශයෙන් සැලකේ.ඌව පලාතේ ක්‍රියාත්මක කරනුයේ 2011 අංක 03 දරණ ඌව පලාත්සමුපකාර සමිති ප්‍රඥප්තියයි. මේ අනුව පලාත් ප්‍රඥප්ති  පිහිටුවා ඇති පළාත්සභාවල පළාත් ප්‍රඥප්ති අනුව සමිති පරිපාලනය සිදුකරයි.
(2)       එසේම 1972 අංක 05 දරණ සමුපකාර සමිති පනතින් විෂයභාර අමාත්‍යවරයාට පැවරි තිබෙන බලතල අනුව ගැසට් කරන ලද 1974.01.10 දිනැති ගැසට් පත්‍ර යෙන් ප්‍රකාශිත 93/05 දරණ රිතිමාලාව හෝ ඒඒ පලාත්සභා ප්‍රඥප්ති අනුව ඒ ඒ පලාත් සභාවල විෂය භාර අමාත්‍යවරයා විසින් ගැසට් කරන ලද රිතිමාලා උදාහරන ලෙස අංක 1724/21 හා 2011 සැපතැම්බර් 23 වන දින ඌව පලාත් සමුපකාර සමිති රිතිමාලාව
(3)       සමුපකාර සමිති පනත හෝ ප්‍රඥප්ති හෝ ප්‍රඥප්ති මගින් පනවන ලද අනු නීති එනම් සමුපකාර සමිති කොමසාරිස් වරයාගේ චක්‍ර ලේඛණ ආදිය
(4)       ලියාපදිංචි කරන ලද සමුපකාර සමිති විසින් සම්මත කරන ලද අතුරු ව්‍යවස්ථා
ඉහත සදහන් මුලාශ්‍ර සමුපකාර නීතිය ලෙස හැදින්විය හැක.
2.සමුපකාර නීතිය අනුව රෙජිස්ට්‍රාර්වරයා හදුන්වා දිම
සමුපකාර සමිති රෙජිස්ට්‍රාර්වරයා යන්න 1972 අංක 05 දරණ සමුපකාර සමිති ප්‍රඥපතියේ 2(1)වගන්තියේ දක්වා ඇත. ඒ අනුව ශ්‍රි ලංකාව සදහා හෝ එහි යම් කොටසක් සදහා සමුපකාර සමිති රෙජිස්ට්‍රාර්වරයෙකු හා අවශ්‍ය යැයි විය හැකි යම් නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ සහකාර රෙජිස්ට්‍රාර්වරුන් ගණනක් පත්කලහැකිය.
ඌව පලාත් සමුපකාර ප්‍රඥප්තියෙන් සමුපකාර රෙජිස්ට්‍රාර්වරයා හදුන්වා දි ඇත්තෙ 3 වන වගන්තියෙන් වේ. එහි  04 වන වගන්තියෙන් රෙජිස්ට්‍රාර්වරයාගේ කාර්ය්‍යභාරය ද දක්වා ඇත.
එසේම 1972 අංක 05 දරණ පනතින් 2(3) වගන්තිය අනුව රෙජිස්ට්‍රාර් සතු බලතල සමුපකාර සංවර්ධන කොමසාරිස් වෙත පවරා ඇත. එසේවුවද ඌව පලාත් ප්‍රඥප්තියේ 5(2) වගන්තියෙන් දක්වා ඇත්තේ ද රෙජිස්ට්‍රාර්වරයාගේ බලය කොමසාරිස්වරයාට පවරා ඇත


3. අභිමතානුසාරිබලය යනු
පරිපාලන බලධාරියෙකුට ස්වකිය සේවය මහජනතාව වෙත ලබාදිමේදි ස්වකිය කාර්යයන් ඉටුකිරිමේදි  අභිමතානුසාරිබලය භාවිතා කිරිමට නිති මගින් විධිවිධාන සලසා ඇත. අභිමතානුසාරිබලය යනු ස්වකිය රාජකාරි ඉටුකිරිමේදි පරිපාලන බලධාරියාට ස්වකිය අභිමතය (මතය) පරිදි කටයුතු කිරිමට ලබා දි ඇති බලයයි.
සියලුම පරිපාලන බලධාරින්ට අභිමතානුසාරිබලය ලබාදි නොමැති අතර  අභිමතානුසාරිබලය භාවිත කල හැක්කේ ඒ සදහා නිතියෙන් ප්‍රතිපාදන සලසා ඇති බලධාරින්ට පමනි.ඕනෑම පරිපාලන බලධාරියෙකුට ස්විකය අභිමතානුසාරිබලය පාවිච්චි කිරිමට නම් කරුණු 09 සම්පුර්ණ කල යුතුයි එම කරුණු 09 පහත දක්වා ඇත.
(1) පරිපාලන අධිකාරියට අභිමතානුසාරිබලය ව්‍යවස්ථා මගින් පවරා තිබිම
(2)නිගමන සාක්ෂි වලින් සාධනය වි තිබේද
(3) ව්‍යවස්ථාවේ නියමයන් ඉටුකර තිබේද
(4)පරිපාලන බලධරයාගේ ක්‍රියාව කොතෙක් දුරට සාධාරණද
(5)කරුණු නිවැරදිව සලකාබැලිම හා බැහැරකිරිම කර ඇත්ද
(6)අසත්භාවයෙන් කටයුතු කර ඇත්ද
(7)වැරදියට වටහාගෙන තිබේද
(8)පුර්ණ නිගමන හා තිරනවලට රැදිතිබිම
(9)බාහිර බලපෑම්  මත  කටයුතු  කර තිබේද
පරිපාලන බලධාරින් තම අභිමතානුසාරිබලය පාවිච්චි කිරිමේදි මින් එක් කරුණක් හෝ කඩකර තිබුනහොත් එය අභිමතානුසාරිබලය අයුතු ලෙස භාවිතා කිරිමකි. 

4. සමුපකාර රෙජිස්ට්‍රාර්වරයාට ලැබි ඇති අභිමතානුසාරි බලය
1.)  සමුපකාර සමිති ලියාපදිංචිය සම්බන්ධයෙන් අභිමතානුසාරිබලය 1972 අංක 05 දරණ සමුපකාර සමිති පනතේ 6 වන්තිය අනුව ලැබි ඇත.
මෙම වගන්තියෙන් දක්වා ඇත්තේ සමුපකාර රෙජිස්ට්‍රාර්වරයාට සමුපකාර සමිති පනතේ හා රිතිවලට විධානයන් අනුගමනය කර ඇත්තේ, ආර්ථික ශක්‍යතාවය හා යෝජිත අතුරු ව්‍යවස්ථාව පනතට හෝ රිතිවලට පටහැනි නොවන බවත් රෙජිස්ට්‍රාර්වරයා සෑහිමකට පත් වන්නේනම් පමනක් සමුපකාර සමිති ලියාපදිංචි කල හැකි බවයි.
මේ අනුව සමුපකාර සමිති ලියාපදිංචිය සිදුකිරිමහෝ නොකිරිම කොමසාරිස් වරයා ගේ අභිමතානුසාරි බලය මත සිදුකල හැකි අතර ලියාපදිංචිය ප්‍රතික්ෂේප කරන්නේ නම් එයට විරුද්ධව අදාල             විෂය භාර අමාත්‍යවරයාට යොමුකල හැකිය.
එසේම ලියාපදිංචි කිරිම සම්බන්ධව අභිමතානුසාරිබලය ඌව පලාත් සමුපකාර ප්‍රඥප්තියේ රෙජිස්ට්‍රාර්වරයාට පවරා ඇත්තේ  8(1) වගන්තියෙන් වේ.
එසේම ඌව පලාත් සමුපකාර ප්‍රඥප්තියේ 5(අ) වගන්තියෙන් යම්කිසි සමුපකාර සමිතියක හෝ සංගමයක හෝ මණ්ඩලයක ලියාපදිංචිය අලුත් කල යුතු බවට සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයාට විධානයක් නිකුත් කල හැකිය.
එහි (අ) වගන්තිය අනුව ඉහත විධානය කඩකරන සමිතිවල ලියාපදිංචිය අවලංගු කිරිමට කොමසාරිස්වරයාට අභිමතානුසාරිබලය පවරා ඇත.
එසේම ඌව පලාත් සමුපකාර ප්‍රඤප්තියේ 11.(4) වගන්තිය අනුව සමුපකාර සමිතිවල අතුරු ව්‍යවස්ථා සංශෝධනය කිරිමේ අභිමතානුසාරිබලය පවරා ඇත. සමුපකාර සංවර්ධන කොමසාරිස් වරයාට විධානයන් නිකුත් කල හැකිය.
එහි (ආ) වගන්තියට  අනුව ඉහත විධානය කඩකරන සමිතිවල ලියාපදිංචිය අවලංගු කිරිමට කොමසාරිස් වරයාට අභිමානුසාරි ලෙස පවරා ඇත. එසේම ඌව පලාත් සමුපකාර ප්‍රඥප්තියේ 11.(4) වගන්තිය අනුව සමුපකාර සමිති වල අතුරු ව්‍යවස්ථා සංශෝධනය කිරිමේ අභිමතානුසාරි බලය පවරා ඇත.
2.) 1972 අංක 05 දරණ සමුපකාර සමිති පනතේ 57(3) වගන්තිය අනුව සමුපකාර සමිති ඇවර කිරිමෙන් පිහිටුවන අතිරික්ත ආරවුල සම්බන්ධයෙන් අභිමතානුසාරි බලය පවරා ඇත.
 මේ වගන්තියෙන් කොමසාරිස්වරයාට අභිමතානුසාරි බලය පවරා ඇත්තෙ ඇවර කල සමුපකාර සමිතිවල අරමුදල් වියදම් කිරිමේ අභිමතානු සාරි බලය කොමාසාරිස්වරයාට පවරා ඇත.
3. ) 1972 අංක 05 දරණ සමුපකාර සමිති පනතේ 57(30 වගන්තිය අනුව සමුපකාර සමිති ඈවර  කිරිමෙන් පිහිටුවන අතිරික්ත ආරවුල සම්බන්ධයෙන් අභිමතානුසාරිබලය පවරා ඇත.
මේ වගන්තියෙන් කොමසාරිස්වරයාට අභිමතානුසාරිබලය පවරා ඇත්තේ ඈවර කල සමුපකාර සමිතිවල අරමුදල් වියදම් කිරිමේ අභිමතානුසාරිබලය කොමසාරිස්වරයාට පවරා ඇත.
4.) සමුපකාර සමිතිවල විභාගය හා පරික්ෂණය සම්බන්ධයෙන්  අභිමතානුසාරිබලය 1972 අංක05 දරණ සමුපකාර සමිති පනතේ 46 වගන්තිය ප්‍රකාරව රෙජිස්ට්‍රාර් වරයාට පවරා ඇත
මෙම වගන්තියෙන් දක්වන්නේ සමුපකාර සමිතිවල මුදල් තත්වය හා පොත්පත්වල තත්වය පිලිබදව පරික්ෂණයක් සිදුකිරිමට කොමසාරිස්වරයාට  අභිමතානුසාරිබලය ඇති බවයි. සමුපකාර සමිතිවල විභාගය හා පරික්ෂණය සම්බන්ධයෙන් අභිමතානුසාරිබලය  1972 අංක 05 දරණ සමුපකාර සමිති පනතේ 46 වගන්තියේ ප්‍රකාරව රෙජිස්ට්‍රාර්වරයා ට පවරා ඇත. මෙම වගන්තියෙන් දක්වන්නේ සමුපකාර සමිතිවල මුදල් තත්වය හා පොත්පත්වල තත්වය පිලිබදව පරක්ෂණයක් සිදුකිරිමට කොමසාරිස්වරයාට අභිමතානුසාරිබලය ඇතිබවයි.
මෙය ඌව පළාත් සමුපකාර ප්‍රඥප්තියෙන් කොමසාරිස්වරයාට පවරා ඇත්තේ 53 (ආ)  වගන්තියෙනි. ඒ අනුව මෙම පරික්ෂණය පැවැත්විම සම්බන්ධයෙන් සැහිමකට පවත්වන ආකාරයට කරුණු තිබිම මත පරික්ෂණයක් පැවැත්විමේ විධානයන් නිකුත් කිරිමට කොමසාරිස්වරයාට අභිමතානුසාරිබලය ඇති බවයි.
5.) 46 වගන්තිය ප්‍රකාරව විභාගය හා පරික්ෂාවනේ පසුව සමුපකාර සමිතියක් විසුරුවා හැරිමට සාමාජිකයන්ගේ 1/3 ඉල්ලිම් සම්බන්ධයෙන් 1972 අංක 05 දරණ සමුපකාර පනතේ 49(1) වගන්තිය අනුව කොමසාරිස් වරයාට  අභිමතානුසාරිබලය පවරා ඇත.
            මෙම වගන්තියෙන් රෙජිස්ට්‍රාර්වරයාට අභිමතානුසාරිබලය පවරා ඇත්තේ 46 වගන්තිය යටතේ විභාගයකින් පසුව සාමාජිකයින්  ¾ කොටසකගේ කැමැත්ත මත එය විසුරුවා හැරිමට  කරනු ලබන ඉල්ලිමක් සම්බන්ධයෙන් සමිතියේ                  කරුවන්ට විරෝධතා ඉදිරිපත් කිරිම අවස්ථාව ලබාදිමෙන් අනතුරුව ඒ සමිතිය විසුරුවා හැරිය යුතු යැයි අදහස් වන්නේ නම් එම සමිතියේ ලියාපදිංචිය අවලංගු කල හැකිය.
ඌව පලාත් සමුපකාර ප්‍රඥප්තියෙන් මෙම බලය ලබාදි ඇත්තේ 59 (1) වගන්තියෙන් වේ.

6. ) එසේම 1992 අංක 11 දරණ සමුපකාර සමිති සංශෝධන පනතින් 1972 අංක 05 දරණ සමුපකාර සමිති පනතේ 60 ඇ වගන්තිය අනුව රාජ්‍ය අරමුදල් භාවිතා කරනු ලබන සමුපකාර සමිතියක කාරක සභාවට සාමාජිකයන් වශයෙන් යම් තැනැත්තන් සංඛ්‍යාවක් පත්කිරිමට වශයෙන් කොමසාරිස්වරයාගේ මතය වන         ඒ සදහා සමුපකාර පනතේ හෝ වෙනයම් පනතක කුමක් සදහන් වුවද එය නොසලකා හැර රෙජිස්ට්‍රාර්වරයාට    කාරක     සභාවට  සභිකයන් පත්කල හැකිය.
මෙම බලය ඌව පලාත් සමුපකාර ප්‍රඥප්තියේ ලබාදි ඇත්තේ  58(2) වගන්තියෙනි.

කෙසේ වෙතත් සමුපකාර රෙජිස්ට්‍රාර් වෙත ඉහතින් ලැබි ඇති අභිමතානුසාරිබලය භාවිතා කල හැක්කේ ඉහතින් සදහන් කලකරුණු 09 සම්පුර්ණ වන්නේ නම් පමනි 

No comments:

Post a Comment