Saturday 27 December 2014

අවදානම් විශ්ලේෂණය පිලිබද විගණන පටිපාටි විගණන ප්‍රමිතිය (ශ්‍රි ලංකා විගණන ප්‍රමිත 330) සමුපකාර සමිති විගණනයේදි යොදාගත හැකි ආකාරය

අවදානම් විශ්ලේෂණය පිලිබද විගණන පටිපාටි විගණන ප්‍රමිතිය සමුපකාර සමිති විගණනයේදි යොදාගත හැකි ආකාරය

1. අවදානම් විශ්ලේෂණය පිලිබද විගණන ප්‍රමිතිය

සමුපාකාර සමිතිවල විගණනය පිලිබදව දක්වා ඇති නීතිමය මුලාශ්‍රය වන්නේ 1972 අංක 05 දරණ සමුපකාර සමිති පනතයි. එම පනතේ V111 පරිච්ඡේදයේ 44 වන වගන්තියේ සමුපකාර සමිතිවල විගණනය සිදුකිරිම පිලිබදව දක්වා ඇත. සමුපකාර සමිති විගණනය සමුපකාර නීතිය අනුව සිදුකලද විගණනය සම්බන්ධයෙන් නිකුත් කර ඇති ශ්‍රි ලංකා විගණන ප්‍රමිත අනුගමනය කිරිමට සමුපකාර සමිති විගණනවරුන්ට බාධාවක් නොමැත. සමුපකාර සමිතිවල විගණනය සිදුකිරිමේදි ශ්‍රි ලංකා විගණන ප්‍රමිත අනුගමනය කිරිමෙන්හා එම ප්‍රමිත වල මගපෙන්විම මත සිදුකිරිමෙන් ප්‍රශස්ථ විගණනයක් සිදුකිරිමට හැකියාව ලැබේ. ශ්‍රි ලංකා විගණන ප්‍රමිත අනුගමනය කිරිමෙන් හා එහි මග පෙන්විම් පිලිපැදිමෙන් විගණකවරයාට විගණනය සම්බන්ධයෙන් ඇති අවධානම් තත්වයක්ද මගහරවා ගත හැකිය. අවදානම් විශ්ලේෂණය සම්බන්ධයෙන් ද සමුපකාර චින්තනයේදි විගණන ප්‍රමිත උපයෝි කර ගත හැකිය. ඒ සදහා ශ්‍රි ලංකා විගණන ප්‍රමිත 330 ප්‍රමිතිය භාවිතා කල හැක. මෙම ප්‍රමිතිය හදුන්වන්නේතක්සේරු කරනලද අවදානමක ප්‍රතිචාර දැක්විම සදහා විගණනක්‍රියාකාරකම් යනුවෙනි.
තක්සේරු කරන ලද අවදානමක ප්‍රතිචාර දැක්විම යන විගණන ප්‍රමිත 330 අරමුණ වන්නේ සමස්ථ මුල්‍ය ප්‍රකාශන මට්ටමේදි හා සැදහුම් මට්ටමේදි අවදානම් වලට ප්‍රතිචාර දැක්විමටත් විගණන ක්‍රියාපටිපාටි සැලසුම් කිරිමටත් අදාලව මග පෙන්විමක් සැපයිමයි.
සමුපකාර සමිතිවල විගණනයේදි විගණකවරයාට විගණනය සම්බන්ධයෙන් දැරිය යුතු විගණන අවදානම් අවම කරගැනිමට මෙම ප්‍රමිතිය භාවිතා කල හැකිය.

මෙම ප්‍රමිතියේ මගපෙන්විම් 2 කි.
1.සමස්ථ ප්‍රතිචාර
2.සැදහුම් මට්ටම

1. සමස්ථ ප්‍රතිචාර
මුල්‍ය ප්‍රකාශනවල මුල්‍ය ප්‍රකාශන මට්ටමේදි ප්‍රමානාත්මක සාවද්‍ය ප්‍රකාශ පැවතිමේ අවධානමට ප්‍රතිචාර දැක්විම සදහා විගණන ක්‍රියාපටිපාටිය සමස්ථ ප්‍රතිචාර ලෙස හැදින්විය හැකිය.
මේ යටතේ සමුපකාර සමිති විගණකවරයා කටයුතු කල යුත්තේ මුල්‍ය ප්‍රකාශන සකස්කිරිමේදි ප්‍රමානාත්මක සාවද්‍ය ප්‍රකාශ පැවතිදැයි පරික්ෂා කිරිමයි.එනම් සමුපකාර සමිතියේ අවසන් ගිනුම් සකස්කර ඉදිරිපත් කිරිමේදි එම අවසන් ගිනුම්වල සාවද්‍ය ප්‍රකාශ පැවතිමේ අවධානමක් පවති.වැරදි සංකල්ප ඉදිරිපත් කිරිමේ සිට සමුපකාර සමිතියේ කටයුතු සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශ අවසන් ගිණුම් හරහා ඉදිරිපත් විය හැකිය.
මුල්‍ය ප්‍රකාශන වල මුල්‍ය ප්‍රකාශන මට්ටමේදි සාවද්‍ය ප්‍රකාශ පැවතිමේ අවධානමට ප්‍රතිචාර දැක්විම සදහා විගණකවරයාට අනුගමනය කල හැකි පියවරයන් කිහිපයකි. එනම්

1.වෘත්තිය විමර්ශනත්වය පවත්වාගෙනයාම
2.පලපුරුද්දෙන් වැඩි සහායකයින් යෙදවිම
3.විශේෂඥයින්ගේ වැඩ ප්‍ර යෝජනයට ගැනිම
4.අධික්ෂණය වැඩිකිරිම
5.විගණන පටිපාටින් ක්‍රියාත්මක කිරිමේදි පුරෝකථනය කල නොහැකි අකාරයට කටයුතු කිරිම


වෘත්තිය විමර්ශන බව පවත්වාගෙන යාම
වෘත්තිය විමර්ශනබව පවත්වාගෙනය යාම යනුවෙන් හදුන්වන්නේ සමුපකාර සමිති විගණකවරයා විගණනයේදි සිදුකරන පරික්ෂාවන් විමර්ශනාත්මකව සිදුකල යුතු බවයි. එනම් පරික්ෂාකිරිමේ සියල්ල හුදෙක් ඇගයිමක් හෝ සංසන්දනාත්මක බව උදෙසා පරික්ෂා කිරිමට වඩා විමර්ශනාත්මකව පරික්ෂා කල යුතු බවයි. විශ්ලේෂණයේදි අපේක්ෂා නොකල අවස්ථාවලදි අඩුපාඩු හදුනාගතහැකිවේ.

පලපුරුද්දෙන් වැඩි සහායකයින්  යෙදවිම
අවදානම් විශ්ලේෂණය පිලිබදව සමුපකාර සමිති විගණකවරයා කටයුතු කිරිමේදි තම විගණනය සදහා පලපුරුද්දෙන් වැඩි සහායකයින් යෙදවිම කල යුතුයි. නවක හා පුහුනුවන සහායකයින් යෙදවිම තුලින් විගණකවරයාට සමුපකාර සමිතියේ අවදානම් විශ්ලේෂණය පිලිබදව අවධානය යොමුකරනවිට වැඩ සහායකයින්ට විගණනය පිලිබදව දැනුම ලබාදිමට සිදුවේ.
පලපුරුද්දෙන් වැඩි සහායකයින් යෙදවිම තුලින් සහායකයින්ගේ දැනුම හා වෘත්තිය පරිචය තුලින් අවදානම් පිලබදව විශ්ලේෂණය කිරිම සිදුකරයි. විගණකවරයාට  ද සහාය විගණකවරුන් සම්බන්ධයෙන් අවධානය යොමුකිරිම වෙනුවට විගණනයේ කටයුතු ද සම්බන්ධයෙන් අවධානය යොමුකල හැකිය.

විශේෂ දක්ෂතා සහිත සහායකයින් යෙදවිම
සමුපකාර සමිතිය යනු විවිධ අවශ්‍යයන් හි සමන්විත ව්‍යාපර විශේෂයකි. විශේෂයෙන්ම ඇතැම් විවිධ සේවා සමුපකාර සමිතිවල ඇති විශේෂ අවසන් විගණනය සිදුකිරිමේදි ඒ පිලිබදව දැනුමක් ඇති අය යොදවා ගැනිම සුදුසුය.උදාහරනයක් ලෙස විමෝල් පවත්වාගෙන  සමුපකාර සමිති නිෂ්පාදන කටයුතු සිදුකරන සමිති දැක්විය හැකිය. මෙවැනි සමුපකාර සමිතිවල විගණකවරයාට මුහුනදිමට සිදුවන විගණන අවධානම සම්බන්ධයෙන් ගත හැකි පියවරක් වන්නේ ඒ පිලිබදව දක්ෂතා ඇති අය සහායකයින් ලෙස යොදාගැනිමයි.

විශේෂඥයින්ගේ වැඩ ප්‍ර යේජනයට ගැනිම
සමුපකාර සමිතිවල විගණනය සිදුකිරිමේදි අවදානම් විශ්ලේෂණය පිලිබදව විගණන ප්‍රමිතිය භාවිතාකිරිමේදි සමුපකාර සමිති විගණකවරයාට සිදුකලහැකි කාර්යයක් වන්නේ විශේෂඥයින්ගේ වැඩ ප්‍ර යෝජනයට ගැනිමයි.
සමුපකාර සමිතියේ කටයුතු ද සම්බන්ධයෙන් විගණකවරයාට වැටහිමක් නොමැතිනම් ඒ පිලිබදව විශේෂඥයින්ගේ සහාය ලබාගත හැකිය.උදාහරන ලෙස ගොඩනැගිල්ලක් ඉදිකිරිම සම්බන්ධයෙන්  අවධානමකදි ඒ පිලිබදව පලපුරුදු ඉංජිනේරුවරයෙකුගේ සහාය ලබාගත හැකිය.

අධික්ෂණය වැඩිකිරිම
මුල්‍ය ප්‍රකාශන මට්ටමේදි ප්‍රමානාත්මක හා වැය ප්‍රකාශ පැවතිමේ අවධානමට ප්‍රතිචාර දැක්විම සදහා විගණන ක්‍රියාපටිපාටි අනුගමනය කිරිමේදි අනුගමනය කල හැකි පියවරකි. විගණකවරයාගේ අධික්ෂණය වැඩිකිරිම තමා යටතේ සිටින සහායකයින්ගේ වැඩ ගැන අධික්ෂණය වැඩකිරිම තුලින් විගණනය අවධානම අඩුකිරිමට කටයුතු කල හැකිය.

විගණන පටිපාටින් ක්‍රියාත්මක කිරිමේදි පුරෝකථනය කල නොහැකි ආකාරයට කටයුතු කිරිම

සමුපකාර සමිතිවල විගණනය සිදුකිරිමේදි විණන පටිපාටින් ක්‍රියාත්මක කිරිමේදි පුරෝකථනය කල නොහැකි ආකාරයට කටයුතු කල යුතුයි. මෙහිදි පුරෝකථනයකල හැකි ආකාරය යනු විණනවරයා විසින් සිදුකරනු ලබන කාර්යයන් සමුපකාර සමිතියේ බලධාරින්ට පුරෝකථනය (නිගමනය)කල නොහැකි ආකාරයට සිදුකිරිමයි එනම් විගණනවරුන්ගේ තහවුරු පරික්ෂා කිරිම් තුලින් අනාවරනය කරගත් ඌනතාවයන් පිලිබදව තහවුරු කරගැනිමට අවශ්‍ය වුවහොත් එය සිදුකරන ආකාරය සමුපකාර සමිතියේ බලධාරින්ට උපලේඛනය කල නොහැකි ආකාරයට සිදුකල යුතුයි. උදාහරන ලෙස ග්‍රාමිය බැංකුවේ කලපසු ණය පරික්ෂාවේදි සමුපකාර සේවකයන්ගේ ණය පිලිබදව අවධානය යොමුකල යුතු යැයි හැගේනම් එය බලධාරින්ට හා සේවකයින්ට නොදැනෙන ලෙස සිදුකල යුතුයි.

(2) සැදහුම් මට්ටම
          මෙයින් අදහස් වන්නේ ප්‍රමානාත්මක සාවද්‍ය ප්‍රකාශ පැවතිමේ අවධානමට ප්‍රතිචාර දැක්විමයි. එනම් සැදහුම් මට්ටමේදි විගණකවරයාට ප්‍රමානාත්මක සාවද්‍ය ප්‍රකාශ පැවතිමේ අවධානයට මුහුනදිමට සිදුවේ.


අවදානම් විශ්ලේෂණය පිලිබද විගණක පටිපාටින් විගණන ප්‍රමිතිය සමුපකාර සමිතිවල  විගණනයේදි යොදාගැනිම

අවදානම් විශ්ලේෂණය පිලිබද විගණක පටිපාටින් විගණන ප්‍රමිතිය සමුපකාර සමිතිවල විගණන ප්‍රමිතිය සමුපකාර සමිතිවල විගණනයේදි යොදාගැනිමේදි අවදානම් තක්සේරුව අනුව විගණනයට ඉටුකල හැකි ප්‍රධාන ප්‍රවේශ 2 කි.

තහවුරු පටිපාටි ප්‍රවේශය
සමුපකාර සමිතියේ අභ්‍යන්තර පාලනය ඵලදා යැයි විගණනයට අපේක්ෂා කල නොහැකිවිම එම පාලකයන් පිලිබදව විගණකවරයාට විශ්වාසය තැබිය නොහැක. ඒ නිසා විගණන සාක්ෂි ලබාගැනිමේ ක්‍රමයක් ලෙස විගණන තහවුරු ක්‍රියාපටිපාටි ප්‍ර වේශය ක්‍රියාත්මක කිරිමට විගණක තිරණය කරයි. එහිදි විගණකවරයා පුර්ණ තහවුරු ක්‍රියාපටිපාටි ඉටුකිරිම කල යුතුයි.

ඒකාබද්ධ ප්‍රවේශය
සමුපකාර සමිතියේ අභ්‍යන්තර පාලකයන් ඵලදායැයි විගණන විනිශ්චය කරන විමකදි එමපාලකයන් පරික්ෂාකොට විශ්වාසයක් පාලය මතතැබිය හැකිය. ඒ අනුව සාක්ෂි ලබාගැනිම සදහා පුර්ණ තහවුරුපටිපාටින් ඉටුකිරිමට අවශ්‍ය නොවන අතර ඒ වෙනුවට සිමිත තහවුරු පටිපාටින් ඉටුකිරිමට කරනු ඇත.එවැනි විටකදි තහවුරු පටිපාටින්ට සමගාමිව පාලන පරික්ෂා ද ඉටුකරනු ලබයි

No comments:

Post a Comment