Wednesday, 8 May 2024

ශ්‍රි ලංකාවේ සමුපකාර ව්‍යාපාරයේ ආරම්භය හා ව්‍යාප්තිය

 

ශ්‍රි ලංකාවේ සමුපකාර ව්‍යාපාරයේ ආරම්භය හා ව්‍යාප්තිය

සමුපකාර යන වවනය ඉතා පුළුල් අරුතින් ගත් කල මිනිසාගේ පැවැත්ම ආරම්භ කල මුල් අවධියේ සිටම මිනිසා සාමුහික හැගිමෙන් යුක්තව සිටි බව දැකිය හැකිය. මුල් යුගයේ දඩයම්කරුවන් ද සිය ගොදුරු සොයාගැනිමට පහසු ක්‍රමය  සාමුහික ක්‍රමය බව දැන සිටියහ. මීට පසු ඇරඹි සංචාරක එඩේරු යුගය හා මුල් ගොවි සමාජය ද ආහාර සොයාගැනිම සදහා සාමුහික වශයෙන් බැදි සිටියහ.

ශ්‍රි ලාංකීය ජන සමාජය ද සමාජිය වශයෙන් සාමුහික හැගිමෙන් කටයුතු කරන ලද බව පැහැදිලි වේ. ගොවිතැනේ දි අත්තම නමින් හැදින් වු සාමුහිකව කටයුතු කිරීමේ  ක්‍රමයට සමුපකාරය යන වචනය ආදේශ නොවුවද පුරාතන ලාංකික සමාජයේ පැවති සමුපකාර පදනමකි. අත්තම් නායකයෙකු සියල්ලන්ගේ කැමැත්ත මත පත්වන අතර සාමුහික තීරණ මත කටයුතු කරනු ලැබීය. මෙම සාමුහික ක්‍රියාකාරිත්වයේ සිත් අලවන ගුණාංගය නම් සමුහයේ නායකත්වය මෙන්ම තීරණ ගැනිමද පොදු සාමුහික හැගිමෙන් යුතුව කටයුතු කිරීමයි. මෙසේ ලාංකිය සමාජය සාමාජිය,ආර්ථික,ආගමික කටයුතු වල දි සාමුහිකව කටයුතු කිරීම දක්නට ලැබේ. මෙම සාමුහිකත්වය එක් බැම්මෙන් බැදතැබිමට සමාජය තුල තීරණ ගැනිමේ ක්‍රියාවලිය කාර්යක්ෂමතාවය ඉතා ඉහලින් බලපානු ලැබිය.

මෙසේ සාමුහිකත්වය මත පදනම්ව පැවති ලාංකිය සමාජය යටත් විජිතවාදයේ  බලපෑම මත බිදවැටිමට ලක්විය. සමාජිය හා ආර්ථික ක්‍රමයෙහි විශාල වෙනස්කම් සිදුවෙමින් පැවති සහ විප්ලවීය වාතාවරණයක් සහිත කාලයක් වු 19 සියවස ආරම්භක භාගයේ යුරෝපීය සම්භවයක් සහිතව සමුපකාර ව්‍යාපාරයේ ආරම්භය වූවා සේ සැලකේ.

ශ්‍රි ලාංකීය ඉතිහාසයේ තීරණාත්මක වෙනසක් ඇති කරනු ලැබියේ ඉංග්‍රිසි ජාතිකයන් විසින්ය. හිරු නොබසින අධිරාජ්‍යයක් ගොඩ නගා ගනිමින් තිබු ඉංග්‍රිසින් හට ශ්‍රි ලංකාව තවත් එක් යටත් විජිතපාලනයක් සහිත දුපතක් නොවිය. වෙලදාමට වඩා යමක් ඔවුන් මෙම කුඩා දුපත තුල දුටීය. මේ හේතුව නිසා ඉංග්‍රිසින් 1815 දි උඩරට රාජ්‍යය ගිවිසුමක් මගින් අත්පත් කරගෙන ක්‍රමානුකූලව සිය ආධිපත්‍යය ලක්දිව ව්‍යාප්ත කලහ. ඉංග්‍රිසි පාලනයේ කටුක බව දත් ඌව වෙල්ලස්ස ජනයා 1817-18 කාල වකවානුයේ සිදුකල වෙල්ලස්ස කැරැල්ල ඉතා කෘර ලෙස මර්ධනය කරනු ලැබු ඉංග්‍රිසින් ඌව වෙල්ලස්ස මුඩු බිමක් බවට පත්කරනු ලැබීය. මේ හේතුවෙන් ඌව වෙල්ලස්ස ජනයාගේ දරිද්‍රතාවය උත්සන්න වි ණය ගැතිභාවය ද  ඉහල යන්නට විය. මේ හේතුවෙන් ඌවේ ගොවින් විසින් එවකට ඌව දිසාපතිව සිටි ඕ.කෙවින් මූර්ති මහතා වෙත පෙත්සමක් ඉදිරිපත් කරන ලදි.ඒ වන විට ඉංදියාවේ බෙංගාලය ආශ්‍රිතව පෙඩ්‍රික් නිකොල්සන්ගේ වාර්තාවක් අනුව  රැපයිසන්    ක්‍රමයේ ණය දෙන සමුපකාර සමිති ආරම්භ කර තිබුණි.

මෙම බෙංගාල සමුපකාර සමිතිවල අත්දැකිම් සහිත ව ඕ. කෙවන් මුර්ති මහතා බෙංගාලි සමුපකාර ක්‍රමය මෙරටට ගැලපෙන බවට නිර්දේශයක් 1908 දි යටත් විජිත ලේකම්වරයාට ඉදිරිපත් කල බවට සටහන් වි තිබේ. මේ අතර 1904 දි පිහිටුවා ගන්නා ආණ්ඩුකාරවරයා සභාපති ධුරය දැරු ලංකා කෘෂිකාර්මික සමිතිය ගම්බද ගොවින් සදහා  ණය ක්‍රමයක් සකස් කරන ලෙස රජයට නිර්දේශ  කරන ලදි. 1906 දි එම කෘෂිකාර්මික සමුපකාර සමිතියේ දුම්බර ශාඛාව ඇසුරු කර ගෙන ණය දෙන සමිතියක් දුම්බර  මිටියාවතේ තෙල්දෙණියේ පිහිටුවා ගන්නා ලදි.

ශ්‍රිමත් පෙඩිරික් නිකොල්සන්ගේ නිර්දේශ මදුරාසියේ කෙතරම් දුරට සාර්ථක වි ඇද්දයි සොයා බලා පරික්ෂා කිරීම සදහා කෘෂිකර්ම බැංකු කමිටුව නමින් විශේෂ පරික්ෂණ කමිටුවක් 1908 දි ලංකා ආන්ඩුකාර හෙන්රි මැක්ලම් විසින් පත්කරන ලදි. එම කමිටුවේ සභාපතිත්වයට එල්.එම්.ක්‍රොපඩ් සාමිවරයා පත්කල බැවින් එම කමිටුව ක්‍රොපඩ් කොමිෂම ලෙසද හැදින්විය.  මෙම කොමිෂමේ වාර්තාවෙන් (1910 අංක 08 සැසි වාර්තාව) සමුපකාර ණය දෙන සමිති පිහිටුවීම, ලියාපදිංචිය, පාලනය කිරීම සදහා ඉංදියාවේ 1904 සමුපකාර ණය දෙන සමිති ආඥා පනත වැනි ආඥා පනතක් පනවන ලෙස නිර්දේශ කරන ලදි. මෙම නිර්දේශයන් අනුව යමින් 1911 මැයි මස 05 වන දින 1911 අංක 07 දරණ සමුපකාර ණය දෙන සමිති ආඥාපනත ව්‍යවස්ථාදායකය විසින් සම්මත කිරීමත් සමග මෙරට සමුපකාරයේ නිල ආරම්භය සිදුවිය. 1912 දි අංක 01 යටත්   වැල්ලබඩ පත්තු සමුපකාර ණයදෙන සමිතිය ලියාපදිංචියත් සමග සමුපකාර ව්‍යාපාරය මෙරට අක්මුල් විහිදා ව්‍යාප්ත වන්නට විය. ඌවේ ජනයාගේ ඉල්ලිමක් මත මෙරට ස්ථාපිත වු  සමුපකාර ව්‍යාපාරය ඌව පළාත තුල ප්‍රථම වරට පිහිට වුයේ අංක 15 යටතේ ලියාපදිංචි වු ඌව ණය දෙන සමුපකාර සමිතිය පිහිටුවිමෙනි. ඌව පලාත මෙරට සමුපකාර ව්‍යාපාරයේ සුවිශේෂි ඉතිහාසයක් නිර්මානය කරනුයේ ප්‍රථම  වතුකඩ සමුපකාර සමිතිය 1927 දි පස්සර වතුයාය කම්කරුවන්ගේ සමුපකාර සමිතිය පිහිටුවිමෙනි. 1947 දි පිහිට වු පාලුගම ගොවිද්‍රව්‍ය නිපදවිමේ හා අලෙවි කිරීමේ  සමිතිය ඌව පලාතේ සමුපකාරය ජාත්‍යන්තර තලයට ගෙන යමින් පරමාදර්ශි සමුපකාර සමිතියක් ලෙස ඌවේ වැජඹෙමින් පැවතුනි.

මෙලෙස ආරම්භ වු සමුපකාර ව්‍යාපාරය පහත පරිදි යුග වලට බෙදා වෙන්කර දැක්විය හැකිය.

1)               ආරම්භක යුගය 1911 පෙර යුගය

2)               1911-1942 ණය දෙන සමිති යුගය

3)               1942-1947 පාරි‌භෝගික සමිති යුගය

4)               1947-1957 ගොවිද්‍රව්‍ය නිපදවිමේ හා අලෙවි කිරීමේ  සමිති යුගය

5)               1957-1970 විවිධ සේවා සමිති මුල් යුගය

6)               1970 සමුපකාර සමිති ප්‍රති සංවිධානය හා නුතන විවිධ සේවා සමුපකාර සමිති යුගය

1970 දි ප්‍රති සංවිධානය කල විවිධ සමුපකාර සමිති පසුකල කාලය අනුව එය ද යුග කිහිපයකට බෙදා වෙන් කල හැකිය.

 

                    I. 1970-1977එවකට පැවති රජයේ ප්‍රතිපත්ති අනුව භාණ්ඩ බෙදාහැරිමේ කටයුතු

                 II. 1978 නිදහස් ආර්ථිකය යටතේ සමුපකාර ව්‍යාපාරය

              III. 1989 දි ජන සවිය යුගයේ සමුපාකාර ව්‍යාපාරය

              IV. 1994 දි සමෘද්ධි ව්‍යාපාරය හා බද්ධ සමුපකාර ව්‍යාපාරය

                V. 2005  රාජ්‍ය යන්ත්‍රනයෙන්  භාණ්ඩ බෙදාහැරිම නිදහස් කල පසු ස්වාධින වෙලදාමට යොමු වු සමුපකාර සමිති  යුගය

1970 න් පසු යුගය විවිධ සේවා සමුපකාර සමිතිවල ව්‍යාපාරික කටයුතු හා තිරණ ගැනිමේ දි රාජ්‍ය බලපෑම සෘජුව එල්ල වු යුගයයි. එම යුගයේ සමුපකාර සමිතිවලට සිදුවුයේ රාජ්‍ය ප්‍රතිපත්ති මත භාණ්ඩ බෙදා හැරිමයි. මේ සදහා තොග භාණ්ඩ සතොස මගින් ලබාදෙන අතර රජය විසින් ජනයා වෙත ලබා දි තිබු කෝටාවකට අනුව භාණ්ඩ බෙදාහැරිම සිදුවිය. නමුත් 1978 දි මෙරටට හදුන්වා දුන් විවෘත ආර්ථිකය තුල සමුපකාර ව්‍යාපාරය රජයේ භාණ්ඩ බෙදාහැරිමෙන් මුදාහල අතර එතැන් සිට පුද්ගලික අංශය සමග තරගකාරි ව්‍යාපාරික කටයුතු වල නිරත වන්නට සිදුවිය. මෙය සමුපකාර ව්‍යාපාරයට නවමු අත්දැකිමක් විය. එසේ වුවද 1978 දි සම්මත කරගත් සමුපකාර සමිති විශේෂ විධිවිධාන පනතින් මුලුමනින්ම දේශපාලනියකරණය වු විවිධ සේවා සමුපකාර සමිතිවලට ස්වාධීනව තිරණ ගැනිමේ හැකියාවට බාධා එල්ල විය. එය විවෘත ආර්ථිකයක් සමග නිදහස් වෙලදාමට ප්‍රවේශ වීමට මෙන්ම එයට හැඩගැසිමට තිබු අවස්ථාද අහිමිවීම නිසා විවෘත ආර්ථිකය තුල විවිධ සේවා සමුපකාර සමිති හුදකලා විය.

1989 දි ජන සවිය හදුන්වා දුන් පසු ජනසවිලාභින්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරිම නිසා යම් තරමකට ජවයක් ලත් විවිධ සේවා සමුපකාර ව්‍යාපාරයට 1994 දි සමෘද්ධි ව්‍යාපාරය හා බද්ධ වන්නට විය. එය ද  සමුපකාර ව්‍යාපාරයට යම් වාසිදායක තත්වයක් විය. එසේ තිබියදි 2005 දි සමෘද්ධී  ව්‍යාපාරය සමුපකාර ව්‍යාපාරයෙන් වියුක්ත කිරීම නිසා එය සහනාධාර බෙදාහැරිමේ සංස්කෘතියට අනුගතව සිටි විවිධ සේවා සමුපකාර සමිතිවල මරුපහරක් විය. නමුත් එය ආශිර්වාදයක් කරගත් සමුපකාර සමිති ද විය.

සමුපකාර ව්‍යාපාරයේ පසුබිම

 

සමුපකාර ව්‍යාපාරයේ පසුබිම

පළමු සමුපකාර ව්‍යාපාරය කවදා කුමන ස්ථානයක ආරම්භ වුවේ දැයි විවාදාත්මක තත්වයක් පවතීයි. විවාදාත්මක තත්වය කෙසේ වෙතත් නූතන සමුපකාර ව්‍යාපාරයේ ඉතිහාසය කාර්මික විප්ලවය මත පාදක වන බවට විවාදයක් නැත. කාර්මික විප්ලවය 19 වන සියවසේ දී එංගලන්තය හා ප්‍රංශය මූලික කොට ගෙන පැන නැගිනි. එය එතෙක් පැවති සමාජ ආර්ථික සංස්කෘතික හරයන් වෙත දරුණු බලපෑමක් සිදු කලේය. එය මිනිස් ඉතිහාසය වෙනස් කලේ සමකාලීන මනුෂ්‍ය ජීවිත තුලට දරුණු පීඩනයක් මුදා හරිමිනි. ගොවීන් ගොවිබිම් වලින් ඉවත් කර නාගරික ශ්‍රම බලකාය වෙත පලවා හැරිනි. විරැකියාව උග්‍ර වූ අතර බොහෝ දෙනා නාගරික පරිශ්‍ර තුල රැකියා වියුක්තව  දුගීභාවට පත්විය. මිනිස් ශ්‍රමයේ කුඩා පරිමාණ ගෘහස්ථ කර්මාන්ත වෙනුවට  කර්මාන්තශාලා (Factory) ආදේශ විය. වැඩවසම් සබඳතා වෙනුවට ධනව‍ාදී සබඳතා ආදේශ වෙමින් පැවතිනි. කම්කරු ප්‍රමිතීන් අතිශය ම්ලේජ්ජ වූ අතර දීර්ඝ වැඩ පැය ගණනකට කම්කරුවන්ට ලැබුනේ අතිශය සොච්චම් වැටුපකි. කම්කරුවන්ගේ ඒකරාශීවීම් තහනම් කෙරිනි. මෙම දුක්කිත තත්වයට එරෙහිව සමාජීය සිතන්නන් අතරින් ප්‍රධන ව්‍යාපෘතීන් කිහිපයක් බිහිවූ බව පෙනේ. සමුපකාර ව්‍යාපාරය ඉන් එකක් වන අතර චාට්ස් වාදය, වෘත්තීය සංගම් ව්‍යාපාරය, කම්කරු දේශපාලන ව්‍යාපාරය අනෙක් ව්‍යාපෘතීන් වේ.

පළමු සමුපකාරික ආයතනය ලෙස හමුවන්නේ ස්කොට්ලන්තයේ නැගෙනහිර අර්විෂයාර් හි පෙන්වික් රෙදි වියන්නන්ගේ සමිතියයි (Fenwick Weavers’ Society). 1761 වර්ෂයේදීය. මෙම සමිතිය දේශීය කම්කරුවන්ට සහන මිලට ඕට් ධාන්‍ය පිටි (Oatmeal) අළෙවිකරනු ලැබිණි. අනතුරුව මෙහි සේවාවන් ඉතිරිකිරීම් හා ණය ගණුදෙනු දක්වාත්, විදේශ ගමන් හා අධ්‍යාපන කටයුතු දක්වාත් ව්‍යාප්ත විය. 1810 දී සමාජ ප්‍රතිසංස්කරණවාදී රොබර්ට් ඕවන් හා ඔහුගේ සම චින්තකයන් විසින් ඕවන්ගේ මාමන්ඩියගේ නිව් ලැමාර්ක් මෝල මිලදී ගත් අතර ඔවුන් හොද මට්ටමේ කම්කරු ප්‍රමිතීන් එම වැඩබිමට හදුන්වා දුන්නේය. අඩු මිලැති සිල්ලර වෙළද සැල් මගින් ලාභය කම්කරුවන් අතර බෙදා හැරියේය. ඕවන් සමුපකාරික ව්‍යාපාරයට වැදගත්වන්නේ සමුපකාරය පිලිබඳ අදහස තම රචනාවන් හා ‍දේශනයන් ඔස්සේ වර්ධනය කල පුරෝගාමියා නිසාය. ඔහු සමුපකාරික ප්‍රජාවන් ග්ලැස්ගෝව්, ඉන්ඩියානා හා හැම්ප්ෂයර් යන ස්ථාන වල ස්ථාපිත කලේය. විලියම් කිංග්, සමුපකාරිකයා (The Cooperator) නමින් පුවත් පතක් තුලින් ඕවන්ගේ සිතීම් ඉදිරිපත් කලේය. එසේ නමුත් මෙම ව්‍යාපෘතීන් 1828 දී බිද වැටීමට ලක්විය.

වැඩ වසම් සමාජ ක්‍රමය බිද වැටි ධනවාදි සමාජ ක්‍රමය බිහිවිමේ ප්‍රතිඵලයක් වශයෙන් මතු වු නව සමාජ පන්ති සම්බන්ධතාවය තුල ප්‍රාග්ධනය හිමි පන්තියක් හා වැටුප් ක්‍රමය හිමි පන්තියක් වශයෙන් පැහැදිලි පන්ති විෂමතා ඇතිවීම හේතු කොටගෙන ශ්‍රමය හිමි පන්තිය ගෙන ගිය අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන් සමුපකාරය සංවිධානාත්මක ස්වරූපයෙන් මතු වු බව සමුපකාර ඉතිහාසයෙන් ගම්‍ය වේ.

රොච්ඩේල් පුරෝගාමින් 1844 අගෝස්තු 15 වන දින සාධාරණත්වයේ පුරෝගාමින්ගේ සංවිධානය නමින් ඇදුම් නිෂ්පාදනය කරන කම්කරුවන් විසිඅට දෙනෙකු එක් වි මෙම සංවිධානය ආරම්භ කර ඇත. මෙයින් පෙනෙන්නේ සමුපකාර ව්‍යාපාරයේ  පදනම නිෂ්පාදන සාධකයක් වශයෙන් ශ්‍රමය පමණක් හිමි අය එක් වි සිදුකරන ක්‍රියාවක් බවය. මෙය ශ්‍රි ලංකාවේ පස්සර වතු කම්කරුවන්ගෙන් මතුවන ලාංකික සමුපකාර ව්‍යාපාරය තුලින් ද ගම්‍ය වේ. කම්කරුවන් මෙසේ එක්වෙද්දි ජර්මනිය වැනි රටවල ගොවින්ගේ එක්විමෙන් සමුපකාර බිහිවිමෙන් පෙන්නුම් කරන්නේ 1906 ලංකාවේ ගොවින් එක් වි බිහි වු සමුපකාර පිලිබද කථාව වේ. ප්‍රංශය තුල මතු වුයේ ශ්‍රමිකයන්ගේ සමුපකාර වශයෙන්ය. එය ලංකාවේ කම්කරු සමුපකාර වශයෙන් මතු වු අතර 1977 පසු මැන්පවර් සමාගම වුයේ එකී සමුපකාර ක්‍රමය වේ. ඩෙන්මාර්කය තුල කෘෂි කාර්මික සමුපකාර බිහි වු අතර 1940 පසු ලංකාවේ එය ගොවි ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ  හා බෙදාහැරිමේ සමුපකාර වශයෙන් මතු විය. ඒ අනුව පන්තිමය සාධකයක් වශයෙන් කම්කරුවන් ද ගොවින්ද එක් වි සමුපකාරය බිහි කිරිමෙන් සමුපකාරයේ නෛසර්ගික ගුණය මතුකර පෙන්වා ඇත. එමගින් විවෘත හා ස්වේච්ඡා සාමාජිකයන්ගේ එකතුව කුමන පන්ති පදනමෙන් සිදුවිය යුතු ද යන්න තිරණය කළ හැකි පසුබිමක් ඇත. සමුපකාර සංකල්පය තේරුම් ගැනිමේ දි ඉහත කි සමාජ පදනම ද මෙම සංකල්පය සංවිධානාත්මකව බිහි වු පසු ඉදිරිපත් කර ඇති නිර්වචන ද අධ්‍යනය කිරිමෙන් සිදුකල හැකිය. සමුපකාරය සඳහා වු නිර්වචනයන් කිහිපයක් පහත පරිදි දැක්විය හැකිය.

v  ආර්ථික දියුණුව සදහා මිනිසුන් අතර කුලල් කා ගන්නා තරගය වෙනුවට සහයෝගය වැනි සමාජ ගුණධර්ම ඇතුලත් හොද සමාජ පරිසරයක් පදනම් කරගත් එකා සැමටත් සැම එකාටත් සේවය කරන ක්‍රමය සමුපකාර ක්‍රමය වේ.  

රොබට් ඕවන්

v  සමුපකාර සමිතියක් යනු දුබලයන් අතර ඇරඹෙන ඊට අදාල වන ප්‍රමාණයට ඉන් ලැබෙන ඵලය භුක්ති විදින්නාවු සාමාජිකයන්ගෙන් සමන්විත වන සියලු අවස්ථාවන්හිදි ආත්මාර්ථකාමි නොවන හරයෙන් යුක්ත වු ඒකාබද්ධ වෙළදාමේ කටයුතු අරමුණු කරගත්  කිසියම් සංගමයෙකි. –

සි.ආර්.‍ෆේ

v  සමුපකාර සමිතියක් යනු ඒවායේ සාමාජිකයන්ගේ සුභසාධනය ප්‍රධාන ඉලක්කය කොටගත් ආයතනයෝවෙති. බද්ධ ව්‍යාපාර සමාගම් මෙන් ඒවා රැකියා සැපයිම අරමුනු කර නොගනියි. - - ජේමිස් සැමුවෙල්සන්

v  සමුපකාරයයනු ස්වේච්ඡා ක්‍රියා පිළිවෙලකි. ලෝකයේ සියලුම බලවේගයන්ට එය අනිවාර්ය කල නොහැක. එය තමන් සතු බලය හැර අන් කිසිවක් මත යැපෙන්නන් නොවේ                                        - වෛද්‍ය විලියම් කිං.

v  සමුපකාරය යනු ඒවා සිය පොදු අවදානම ඇතුව සහ සියල්ලටම දායක විය හැකි සම්පතක් ද අත දරා සාමුහික ආර්ථික ව්‍යවසායක් තුලින් පොදු අභිප්‍රායන් මුදුනු පමුණුවා ගැනිම සදහා එක්ව කටයුතු කරන ස්වේච්ඡාවෙන් එක් වු සුලු නිෂ්පාදකයන්ගේ සංගමයකි.

ආචාර්ය ජි මිලැඩෙනාෆිස්

v  පුද්ගලයන් සමුහයක් තමතමන්ගේ ආර්ථික තත්වය උසස් කර ගැනිම සදහා සමානාත්මතාවය පදනම් කොටගෙන සිය කැමැත්තෙන්ම එකතුව ගොඩනගාගත් සංවිධානයකි.

එච් කැල්වට්

v  සමුපකාර යනු පොදුවේ ලාභය හෝ පාඩුව විදදරා ගැනිමය අන්‍යොන්‍ය කළමනාකරණය යටතේ තමන් සතු බලය හෝ සම්පත් හෝ යන දෙකම හෝ අනුපුරක ලෙස ප්‍රයෝජනයට ගන්නා වු දිළින්දන්ගේ ස්වේච්ඡා එකතුවකි

.හෙරික්

v  සමුපකාරය යනු ලාභ වේතනාවෙන් හෝ ස්වේච්ඡා හා ආත්මාධාරය මත ක්‍රියාත්මක වන්නාවු මුලු මහත් සමාජයටම ප්‍රයෝජනවත් වු අභිනව නිෂ්පාදන හා වානිජ ක්‍රමයක් ඇති කිරීම වේ.

 ජාත්‍යන්තර සමුපකාර සන්ධානය

v  සමුපකාර සමිතියක් යනු අවශ්‍යවන ප්‍රාග්ධනය සදහා සෑම දායකත්වයක්ම සැපයිම හා ව්‍යවසායේ ප්‍රතිලාභ පමණක් නොව අවධානම පිලිබද සාධාරණ කොටසක් දරන සාමාජිකයන් ක්‍රියාකාරින් ලෙස සහභාගිවන ප්‍රජාතන්ත්‍රවාදි පාලනයෙන් යුත් සංවිධානයක් සකස් කර ගැනිම තුලින් පොදු අරමුණක් ලගාකර ගැනිම පිණිස සිය කැමැත්තෙන්ම එකතු වු පුද්ගලයන් සමුහයකගේ සංවිධානයකි.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය (1969)

සමුපකාරය පිලිබඳ නිල නිර්වචනය

1995 දී ජාත්‍යන්තර සමුපකාර සංධානය මැන්චෙස්ටර් සම්මේලනයේදි සම්මත කරගත් සමුපකාරය පිලිබඳ නිල නිර්වචනය සමුපකාරය යන්න පිළිබදව විශ්විය නිර්වචනය වේ. එය 1995 දි   "සමුපකාර අනන්‍යතා ප්‍රකාශනය" නැමති ලියවිල්ල ඔස්සේ  ප්‍රකාශයට පත්කරන ලදි.

 

"සමුපකාරය"” යන්න සඳහා ලබා දී ඇති නූතන සමුපකාර ව්‍යාපාරය පිලිබඳ නිල නිර්වචනය.

 A co-operative is an autonomous association of persons united voluntarily to meet their common economic, social, and cultural needs and aspirations through a jointly-owned and democratically-controlled enterprise.

සමුපකාරය යනු සාමුහික අයිතියක් ඇතිව ප්‍රජාතන්ත්‍රවාදි පාලනයක් ඇති ව්‍යවසායකයක් මගින් තම පොදු ආර්ථික සමාජිය හා සංස්කෘතික අවශ්‍යතා සහ බලාපොරොත්තු අභිලාශයන්  ඉෂ්ඨ කර ගැනිම සදහා ස්වේච්චාවෙන් එක්වු ස්වාධින පුද්ගල සංවිධානයකි.


රොබට් ඕවන්ගේ නිර්වචනය සලකා බලන විට පෙනෙන්නේ ආර්ථික දියුණුව සදහා මිනිසුන් එකිනෙකා අතර කුලල් කා ගන්නා ආකාරයක් වේ. එය ඔහු පෙන්වා දෙන කුලල් කා ගන්නා තරගය වෙනුවට යන ප්‍රස්තූතය යොදා ගනිමින් ඒ වෙනුවට සහයෝගය වැනි සමාජ ගුණධර්ම ඇතුලත් කර ගැනිම සිදුකල යුතු බවයි. එහි පදනම වශයෙන් එකා සැමටත් සැම එකාටත් යන මුල ධර්මය වශයෙන් එක් කොට ඇත.

සි.ආර් ෆේ ගේ නිර්වචනය අධ්‍යයනය කරන විට ඔහු පෙන්නුම් කරන්නේ දුබලයන් අතර ඇරඹෙන යන්න සදහන් කර තිබිමෙන් මතු වන්නේ සමුපකාරය වටා එක්විය යුත්තේ දුබලයන් බවය. ආර්ථික අතින් ශක්තිමත් මිනිසුන් එකතු වි සමුපකාර ක්‍රමයට සිය ව්‍යවසාය කටයුතු කල නොහැකිද? යන්න මෙහිදි ප්‍රශ්න කල යුතුව ඇත. මෙම දුර්වලතාවය තිබුනත් මෙහි විශේෂත්වය වන්නේ දායක වන ප්‍රමාණයට ලැබෙන ඵලය භුක්ති විදිම යන්න වැදගත් මුලධර්මයකි. එයින් කියන්නේ දායක නොවි ඵලය භුක්ති විදිය නොහැකි බවය. එහි තවත් විශේෂය වන්නේ ආත්මාර්ථකාමි නොවන හරයෙන් යුක්ත මිනිසුන් එකතුවීම වෙනුවට පරාර්ථකාමි මිනිසුන්ගෙන් එක් විය යුතු බව ඔහු දන්වා ඇත. මෙය සමුපකාර සංවිධානයට තවත් සුවිශේෂි සංකල්පයක් බව පෙන්වා දිය හැක. මෙහි තවත් දුර්වලතාවයක් ලෙස දැකිය හැක්කේ ඒකාබද්ධ වෙළදාමේ කටයුතු අරමුණු කරගැනිම යන්නයි. මෙසේ සදහන් කිරිමෙන් සමුපකාරය වෙළදාම සදහා හිරකර තැබිමය. එහෙත් සමුපකාර ක්‍රමයට නිෂ්පාදනය බෙදාහැරිම හා හුවමාරුව හා පරිබෝජනය යන ක්‍රියා කළ හැකිය යන්න ඔහු තේරුම් ගෙන නැත.

ජේම්ස් සැමුවෙල්සන්ගේ අර්ථ කථනය විචාරයට ලක් කිරීමේ  දි ප්‍රධාන ප්‍රශ්නය වන්නේ සාමාජිකයන්ගේ සුභසාධනය ප්‍රධාන ඉලක්කය වන බවත් සමාගම් ව්‍යාපාරය මෙන් රැකියා සැපයිමටඅරමුණු නොකර ගැනිම වේ. සමුපකාර සංවිධාන සමාජිකයන්ගේ සුභසාධනය නොව සාමාජිකයන්ගේ සුබසිද්ධිය උදෙසා බිහිකරන සංවිධානයක් ලෙස මොහු දැක නැත. එපමණක් නොව රැකියා සොයන්නන් නොව රැකියා මවන්නන් බිහිකිරීම සමුපකාරයේ හරය බව මොහු දැක නැත මෙම දුර්වලතා හේතු කොටගෙන සමුපකාර පිලිබද වැරදි අවබෝධයක් මෙහි ගම්‍ය වි ඇත.

වෛද්‍ය විලියම් කිං නිර්වචනය අධ්‍යනය කරන විට පැහැදිලිව දැකිය හැකි හරයාත්මක ලක්ෂන කිහිපයක් එහි ඇත. එනම් ස්වේච්ඡා ක්‍රියා පිළිවෙත යන්න වැදගත් වේ. ස්වේච්ඡාව යනු කිසිවෙකුගේ බලපැමෙන් හෝ කිසිවක් ලබාගැනිමේ අරමුණෙන් සංවිධානය වටා එකතු වීම මොහු බැහැර කර ඇත.එපමණක් නොව යැපිම් මානසිකත්වය බැහැර කර ඇත. ඔහු සාමාජිකයා සතු බලය එකම බලය ලෙස අර්ථ ගන්වා ඇත. මෙම කරුණු ඔහුගේ නිර්වචනය සාධණිය ලක්ෂණ වේ. එහෙත් ලෝකයේ සියලුම බලවේග නිෂ්පාදන බලවේගයන්ට හා නිෂ්පාදන සම්බන්ධතාවයන්ට බැදි කටයුතු කරන බැවින් සමුපකාරය ද නිෂ්පාදන මාදිලියක් වන නිසාය. තවද මෙතෙක් ලෝකයේ බිහි වු සියලුම නිෂ්පාදන බලවේග හා නිෂ්පාදන සම්බන්ධතා වලින් අත්පත් කරගත නොහැකි සංවර්ධනය අත්පත් කරගැනිමේ එකි බලවේගය වන්නේ සමුපකාරය වන නිසාමය.

ජි මිලැඩෙනාෆිස් ගේ නිර්වචනයට අනුව සමුපකාරය තේරුම් ගැනිමේ දි මුලු නිර්වචනයම තුල පොදුවේ ගත හැකි හරයාත්මක වටිනාකමක් ඇත. එනම් පොදු අවශ්‍යතා පිලිබද සදහන් කර ඇති කරුණු ද සියල්ලටම දායක විය හැකි පරිදි සම්පත් සියල්ල ලග තිබිය යුතු බව සමග කියැවෙන සාමුහික ආර්ථික ව්‍යවසාය යන්න ද පොදු අභිප්‍රායන් මුදුන් පමුණුවා ගැනිම සදහා එක්ව ස්වේච්ඡාවෙන් කටයුතු කිරීම යන කරුණු සියල්ල වේ. මෙම නිර්වචනයෙන් ඇති ගුණය මතු කර පෙන්විමට මෙහි ඇති එකම ප්‍රශ්නය වන්නේ සුලු නිෂ්පාදකයන්ගේ වශයෙන් මෙම නිර්වචනයට එක්කර කොටසයි. ව්‍යවසායකත්වය සුලුද?මහා පරිමාණද? යන්න ඒ ව්‍යවසායේ ස්වභාවය අනුව තිරණය කළ යුතු කරුණක් වේ. සුලු වුවත් මහා පරිමාණ වුවත් එය සිදුකරන්නේ එකතුවන අයගේ අයිතිය පාලනය ප්‍රතිලාභ මත නම් ඊට පරිමාව පිලිබද ප්‍රශ්නයක් නැත.

කැල්වට්ගේ නිර්වචනය ද විචාරයට ලක්කරන විට පෙන්නුම් කරන්නේ සමුපකාරයේ සාධනිය ගුණය එනම් පුද්ගලයන් සමුහයක් තම තමන්ගේ ආර්ථිකතත්වයන් උසස් කර ගැනිම සදහන් කිරීම වැදගත් වේ. එහි පදනම ද සමානාත්මතාවය කොටුකිරීම අතිශයින්ම වැදගත් වේ. ඊට හේතුව අසමානතාවය අනෙකුත් සියලු ව්‍යවසායන් තුලින් මේ වන විට ගම්‍ය වි ඇති නිසාය. ඊලග සාධණිය ලක්ෂණය සිය කැමැත්තෙන්ම එකතු වීමයි. හෙරික්ගේ නිර්වචනය විචාරයට ලක්කරන විට පෙන්වන පොදු ගුණය වන්නේ ලාභය හා පාඩුව විද දරා ගැනිම ද කළමනාකරණය පුද්ගලික කලමනාකරණයක්  නොව අන්‍යොන්‍ය කළමනාකරණය යටතේ එනම් එහි ධනවාදි කළමනාකරණ මුලධර්ම හෝ මාක්ස්වාදි කළමනාකරණ මුල ධර්ම නොව සමුපකාර කළමනාකරණ මුලධර්ම වීම අතිශයින් වැදගත්ය.එපමණක් නොව එය තමන් සතු බලය හා සවියක් යන දෙකම ප්‍රයෝජනයට ගැනිම ගැන සදහන් කිරීම වැදගත් වේ. එහෙත් මෙහි දුර්වලතාවය දිළින්දන්ගේ ස්වේච්ඡා එකතුවක් යන්න සදහන් කිරිමෙන් දිළිදුකමට ලක් වු පිරිසට සිමා කිරීම වේ. මෙහි සිදුවිය යුත්තේ දිළිදුකම නැති කිරීම සදහා වු ස්වේච්ඡා එකතුවක් යන්න වේ.

ජාත්‍යන්තර සමුපකාර සන්ධානයේ නිර්වචනය අධ්‍යනය කරන විට නිර්වචන දෙකක් අපට හමුවේ. පලමු වැන්න ජාත්‍යන්තර සමුපකාර සන්ධානය ආරම්භ කිරීම සමග ඔවුන් හදුනාගත් සමුපකාරය සදහා වු නිර්වචනයයි. දෙවැන්න ගෝලිය සන්දර්භයක් තුල ඔවුන් සමුපකාර අනන්‍යතාවය ප්‍රකාශයට පත් කරමින් හදුනාගත් සමුපකාර ක්‍රමය වේ. මෙයින් පෙනෙන්නේ සමුපකාරය ව්‍යවසායක ක්‍රියාවලියක් වශයෙන් සමුපකාර සන්ධානයද පැරණි මතය ඉවත් කොට අලුත් මතය පිළිගෙන ඇති බවයි. එහෙත් සමුපකාර භාවිතය පිලිබද ලෝකය පුරාම සිදුව ඇත්තේ පැරණි දේ අලුත් වුවත් එය අලුත් දෙයක් හැටියට ගෝලිය ක්‍රියාවලියට සම්බන්ධ නොමැති බවයි. මේ අතර ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ද ඉදිරිපත් කර ඇති නිර්වචනය අධ්‍යනය කරන විට සමුපකාර වටිනාකම් කිහිපයක් ඒ තුලින් ද මතුවන බව පෙන්වා දිය හැක. ප්‍රාග්ධනය සදහා සියලුම සාමාජිකයන් දායක වීම ප්‍රතිලාභ පමණක් නොව අවධානමද සාධාරණව බෙදා ගැනිමට හැකියාව තිබිම ප්‍රජාතන්ත්‍රවාදි නියමයන් පරිදි පාලනය ගෙනයාමට හැකියාව තිබිම පුද්ගලික අරමුණක් නොව පොදු අරමුණු ඒ තුල තිබිම ආදි කරුණු මෙහි ඇති විශේෂ කරුණු වශයෙන් පෙන්වා දිය හැක. මේ සියලු නිර්වචන තුල ගම්‍ය වු කරුණු අනුව අප මෙහිදි මුලින්ම පෙන්වා දුන් ප්‍රශ්න දෙකම වෙන් වෙන්ව පිලිතුරු නැත. එනම් සමුපකාරය යනු කුමක්ද? සමුපකාර සමිති යනු කුමක්ද? යන ප්‍රස්තූතයන් දෙක හා බැදුනු කරුණු වේ.

මෙහිදී තවත් සුවිශේෂි කරුණක් පෙන්වා දිය යුතුව ඇත. 1917 දි රුසියාවේ සමාජවාදි විප්ලවය ඇතිවිමෙන් පසු සමාජවාදි ආර්ථිකය තුල ඇති වු සමුපකාරය ඊට පෙර පැවති සමුපකාරය හා සම්බන්ධ වි ඇති ආකාරයන් වෙනස් වි ඇති ආකාරය වේ. මෙහි විශේෂ දේ වන්නේ 1917 දි සමාජවාදි විප්ලවය කාලයේ මාක්ස් පෙන්වා දුන් එංගලන්තයේඇති නොවි රුසියානු සමාජයේ ඇති වෙද්දි 1917 දිම එංගලන්ත සමාජය තුල සමුපකාර පක්ෂය බිහිවීමය. එකි පක්ෂයේ ලියකියවිලි අධ්‍යනය කරන විට ඉතා පැහැදිලි වන්නේ සමුපකාරයට දේශපාලන පක්ෂයක් බිහි වුවත් සමුපකාර දේශපාලන ආර්ථික විද්‍යාවත් මේ වන තුරුත් එකි පක්ෂය මගින් බිහි නොවීමය. එය සමුපකාරයේ නෛසර්ගික ගුණය හරයාත්මක ගුණය අපෝහක ගුණ හා නෛතිකගුණය ද මේ කිසිවකුත් විචාරයට ලක් නොකිරීම න්‍යායාත්මකව පෙන්වා නොතිබිමය.

සමුපකාර ප්‍රතිපත්ති

රොච්ඩේල් මූලධර්ම – Rochdale Principles (1844)

රොච්ඩේල් පුරෝගාමීන් විසින් 1844 දී හදුන්වා දුන් මූලධර්ම යම් යම් වෙනස්කම් වලට  භාජනය වෙමින් අද දක්වාම සමුපකාර ව්‍යාපාරය තුල පැවත එයි. එම නිසා රොච්ඩේල් මූලධර්ම හදුනා ගැනීම වැදගත්වේ.

  1. විවෘත සාමාජිකත්වය Open Membership
  2. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය Democratic control (one person, one vote).
  3. ව්‍යාපාරයේ අතිරික්තය කොටස්කරුවන් අතර බෙදා හැරීම Distribution of surplus in proportion to trade.
  4. කොටස් ප්‍රාග්ධනය සඳහා සීමිත පොලියක් ගෙවීම Payment of limited interest on capital
  5. දේශපාලන හා ආගමික මධ්‍යස්ථතාවය Political and religious neutrality.
  6. මුදලට පමණක් වෙළදාම (ණය අනුග්‍රහයක් නොදක්වයි ) Cash trading (no credit extended)
  7. අධ්‍යාපන ප්‍රවර්ධනය Promotion of education
  8. පිරිසුදු හා නුමුහුන් ද්‍රව්‍ය පමණක් අළෙවිය

1937 දි ජාත්‍යන්තර සමුපකාර සංධානය විසින් රොච්ඩේල් පුරෝගාමීන්ගේ මූලධර්ම වල පිරිසුදු හා නුමුහුන් ද්‍රව්‍ය පමණක් අළෙවිය යන අවසන් මුල ධර්මය ඉවත් කරන ලදි. 1966 දි වියාන සම්මේලනයේදි 5 සහ 6 වන ප්‍රතිපත්ති ද වෙනස්විය. රොච්ඩේල් පුරොගාමීත්වයෙන් වසර 40 කට ඇවෑමෙන් එනම් 1895 වසරේ අගෝස්තු 19 දින ලන්ඩනයේ පැවති සිය පලමු සම්මේලනය ඔස්සේ ජාත්‍යන්තර සමුපකාර සංධානය ඇරඹිනි. මේ සඳහා ආර්ජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, බෙල්ජියම, එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය, ප්‍රංශය, ජර්මනිය, හංගේරියාව, ඉන්දියාව, ඉතාලිය, නෙදර්ලන්තය, රුසියාව, සර්බියාව හා එක්සත් ජනපදය යන රටවලින් නියෝජිතයන් සහභාගි විය. මොවුහු සංවිධානයේ අරමුණු ස්ථාපිත කලහ. මෙම සංවිධානය අද වන විට ලොව විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බවට පත්ව ඇත

මීට අමතරව 1848-1852 කාලයේ දි ජර්මනියේ ආරම්භ වු සමුපකාර ණය දෙන සමිති වල ද  යම් යම් ප්‍රතිපත්ති අනුගමනය කරන ලදි. ජර්මනියේ ආරම්භ වු රැෆෙයිසාන් ක්‍රමයේ සිමාරහිත ණය දෙන සමුපකාර සමිති අනුගමනය කල ප්‍රතිපත්ති මෙසේය.

01. සීමිත බල ප්‍රදේශය.

02 කොටස්වලට දායක  නොවු සාමාජිකත්වය.

03. අතිරික්තය සංචිත වලට මාරු කිරීම.

04.සීමාරහිත වගකීම.

05. සාමාජිකයින් සමග පමණක් ගණු දෙණු කිරීම.

06. නිලධාරි මණ්ඩලය ස්වෙච්ඡා පදනමින් තෝරා ගැනීම.

1906 දි ශ්‍රි ලංකාවේ සමුපකාර ව්‍යපාරය ආරම්භ වීමට පදනම වුවේ මෙම ජර්මානු රැෆෙයිසාන් ක්‍රමයේ සිමාරහිත ණය දෙන සමුපකාර සමිති ක්‍රමයයි. ජර්මානු රැෆෙයිසාන් ක්‍රමයේ සිමාරහිත ණය දෙන සමුපකාර සමිති ආකෘතිය අනුව යමින් සීමාසහිත ණය දෙන සමිති ක්‍රමය නිර්මාණය කල ෂුල්ස් ඩෙලිට්ස් මහතාගේ  ණය දෙන සමිති ක්‍රමයේ දි අනුගමනය කල ප්‍රතිපත්ති මෙසේ විය.

01. බාහිර ආධාර ප්‍රතික්ශේප කිරීම

02  විශාල බල ප්‍රදේශය.

03. ක්‍රියාකාරිාත්වයට අනුව ලාබ බෙදිම

04.කොටස්වලට ඉහල පොලියක් ගෙවීම

05. සීමාසහිත වගකිම

06. ව්‍යාපාර ප්‍රාගුණ්‍යතාව

07. අතිරික්තයෙන් 10% සංචිත වලට බැර කිරීම

මෙලෙස ජර්මනිය මූලික කරගෙන රැෆෙයිසාන් ක්‍රමයේ සිමාරහිත ණය දෙන සමුපකාර සමිති ක්‍රමයය හා ෂුල්ස් ඩෙලිට්ස් මහතාගේ  ණය දෙන සමිති ක්‍රමයේ දි ප්‍රතිපත්ති අනුගමනය කලද  ජාත්‍යන්තර සමුපකාර ප්‍රතිපත්ති නිර්මාණයෙහිලා මූලික වුයේ රොච්ඩේල් පුරොගාමීත්වයෙන් ප්‍රතිපත්තිය. එම ප්‍රතිපත්ති විශ්වීය ප්‍රතිපත්ති ලෙස පිළිගැනේ.

රොච්ඩේල් මූලධර්ම තුලින් නූතන සමුපකාර මූලධර්ම විකාශනය වීම (1937 -1995)

ජාත්‍යන්තර සමුපකාර සංධානය සමුපකාර මූලධර්ම ලෙස රොච්ඩේල් පුරෝගාමීන්ගේ මූලධර්ම වල අටවන ප්‍රතිපත්තිය වන පිරිසුදු හා නුමුහුන් ද්‍රව්‍ය පමණක් අළෙවියඉවත් කර ඉතිරි මුල ධර්ම  1937 දී නිල වශයෙන් පිලිගත්හ.

1966 දී වියානා හී පැවති සම්මේලනයේදී රොච්ඩෙල් පුරෝගාමින්ගේ පස්වන ප්‍රතිපත්ති වන ,

v  දේශපාලන හා ආගමික මධ්‍යස්ථතාවය Political and religious neutrality.

හයවන ප්‍රතිපත්ති වන,

v  මුදලට පමණක් වෙළදාම (ණය අනුග්‍රහයක් නොදක්වයි ) Cash trading (no credit extended)

යන ප්‍රතිපත්ති ඉවත් කර ඒ වෙනුවට හයවන ප්‍රතිපත්තිය ලෙස සමුපකාර ව්‍යාපාර අතර සහයෝගීතාවය ( සමුපකාරය ) Cooperation between cooperatives ප්‍රතිපත්තිය එක් කරමින් පහත පරිදි වෙනස්කම් වලට ලක් කරන ලදී. 

1966 දී වියානා හී පැවති සම්මේලනයේදී පිළිගත් සමුපකාර ප්‍රතිපත්ති

  1. විවෘත, ස්වේච්ඡා සාමාජිකත්වය Open, voluntary membership.
  2. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය Democratic governance.
  3. ස්කන්ධය සඳහා සීමිත ප්‍රතිදානයන් ගෙවීම Limited return on equity.
  4. අතිරික්තය සාමාජිකයන් අතර බෙදාහැරීම Surplus belongs to members.
  5. සාමාජිකයන් සහ පොදු ජනයා සමුපකාර මූලධර්ම පිලිබඳ දැනුවත් කිරීම Education of members and public in cooperative principles.
  6. සමුපකාර ව්‍යාපාර අතර සහයෝගීතාවය ( සමුපකාරය ) Cooperation between cooperatives

නුතන සමුපකාර ප්‍රතිපත්ති (ICA – 1995)

1995 වසරේදී ජාත්‍යන්තර සමුපකාර සංධානයේ ශත සංවත්සරයට සමගාමීව එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර පවත්වන ලද මහ සම්මේලනයේදී සමුපකාර මූලධර්ම පිලිබඳ දීර්ඝ කතිකාවකින් පසු මෙම මූලධර්ම නැවත වෙනස්කිරිමකට ලක් කිරීමක් ජාත්‍යන්තර සමුපකාර සංධානය මගින් සිදු කරන ලදී. එහිදී සත්වන මූලධර්මය ලෙස “ප්‍රජාව පිලිබඳව සැලකිලිමත් වීම” එක්කෙරිනි.

  1. Voluntary and Open Membership විවෘත, ස්වේච්ඡා සාමාජිකත්වය
  2. Democratic Member Control ප්‍රජාතන්ත්‍රවාදී පාලනය
  3. Member Economic Participation සාමාජික ආර්ථික සහභාගිත්වය
  4. Autonomy and Independence ස්වයංපාලනය හා ස්වෛරීභාවය 5
  5. Education, Training and Information අධ්‍යාපනය, පුහුණුව හා සංවර්ධනය
  6. Co-operation among Co-operatives සමුපකාර අතර සහයෝගීතාවය
  7. Concern for Community ප්‍රජාව පිලිබඳ සැලකිලිමත් වීම

සමුපකාර සාරධර්ම (ICA – 1995)

1995 දී අන්තර්ජාතික සමුපකාර සංධානය මැන්චස්ටර් නුවරදි ඉදිරිපත් කල “සමුපකාර අනන්‍යතා ප්‍රකාශනය” තුලින් සමුපකාරය ව්‍යාපාරය සඳහා සාරධර්ම මාලාවක් ප්‍රකාශයට පත් කර ඇත.

ස්වෝපකාරය, ස්වයං වගකීම, ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාවය, සාධාරණත්වය හා සාමූහිකත්වය යන සාරධර්ම මත සමුපකාරය පදනම් වේ. එසේම ඔවුන්ගේ පුරෝගාමීන්ගේ සම්ප්‍රදාය අනුව සමුපකාර සාමාජිකයෝ අවංකත්වය, විවෘතභාවය, සමාජ වගකීම සහ අනෙකා පිලිබඳව ගරුකිරීම යන ආචාර ධර්ම පිලිබඳවද විශ්වාස කරති.

ඒ අනුව සමුපකාර සාරධර්ම පහත  පරිදි දැකිවිය හැකිය.

v  ආත්මාධාරය

v  ස්වයංවගකිම

v  ප්‍රජාතන්ත්‍රවාදය

v  සමානාත්මතාවය

v  සාධාරණත්වය

v  සහයෝගිතාවය

සමුපකාර ආචාර ධර්ම

සමුපකාර නිර්වචනය, සමුපකාර ප්‍රතිපත්ති හා සාරධර්ම මත පදනම් වන සමුපකාර ආචාරධර්ම ලෙස

*අවංක බව *සමාජ වගකිම *විවෘත බව *අන් අය හදුනාගැනිම යන ගුණාංග පෙන්වා දීය හැක.