Wednesday 25 March 2015

බල ශක්තිය පිරි මසින COOP LIGHT සීඑෆ්එල් බල්බ කලඑළියට

cfl
සීමාසහිත ශී‍්‍ර ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමය ‘COOPFED‘ හා ප‍්‍රයිම් කලර් ටෙක්ස් සමාගම එක්ව COOP LIGHT නමින් CFL බල්බයක් රට පුරා සියලුම සමූපකාර සමිති සංගම් හරහා බෙදාහැරීමේ අලෙවි වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.
“ප‍්‍රයිම් කලර් ටෙක්ස් සමාගම”, සීමාසහිත ශී‍්‍ර ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමය ‘COOPFED‘ සමග එක්ව කොරියානු තාක්ෂණයට අනුව නිපදවන 80%ක විදුලි පිරිමැස්ම සහතික කෙරෙන COOP LIGHT බල්බ දැන් හඳුන්වා දී ඇත. COOPFED ආයතනයේ 25වන සංවත්සරය නිමිත්තෙන් ඇරඹූ ‘බලශක්ති පිරිමැස්ම‘ වැඩසටහන යටතේ මෙම සහන ක‍්‍රමයට CFL බල්බ ලබාදීමේ වැඩසටහනේ අවබෝධාත්මක ගිවිසුම සීමාසහිත ශී‍්‍ර ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමයේ සභාපති රුවන් බණ්ඩාර තෙන්නකෝන් මහතා හා ප‍්‍රයිම් කලර් ටෙක්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එච්. එස්. ෂින් මහතා විසින් පසුගියදා එම සංගම් ප‍්‍රධාන කාර්යාලයේදී අත්සන් කෙරුණි.
මෙම අවබෝධාත්මක ගිවිසුමට අනුව සීමාසහිත ශී‍්‍ර ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමයට සමූපකාර සමිති 315ක් හා එයට අනුබද්ධිත ග‍්‍රාමීය බැංකු 3250ක සාමාජිකයන් ලක්ෂ 70කට පමණ මෙරට වෙළෙඳපොලේ පවතින මිලට අඩුවෙන් පහසු ගෙවීමේ පදනම මත COOP LIGHT CFL බල්බ මිලදී ගැනීමේ අවස්ථාව උදා වේ. කොරියානු තාක්ෂණය අනුව විශිෂ්ට පුහුණු කාර්මික ශිල්පීන්ගේ අනුදැනුම ඇතිව නිපදවෙන මෙම CFL බල්බ සඳහා ශී‍්‍ර ලංකා සුනීත්‍ය බලශක්ති අධිකාරිය විසින් CFL බල්බ සඳහා පිරිනමන ‘තරු 5‘ ප‍්‍රමිති සහතිකය හිමිවීමෙන් එහි ගුණාත්මකබව සහතික කෙරේ. මෙම සහන වැඩසටහන යටතේ ගෘහස්ථ පාරිභෝජනයේදී බහුලව භාවිතා කෙරෙන වොට් 11, වොට් 14, වොට් 14 – දඟර, වොට් 18 හා වොට් 18- දඟර යන මාදිලි පහකින් වෙළෙඳපොළට නිකුත් කර ඇත.
සහනදායි මිල පදනම යටතේ COOP LIGHT CFL බල්බ ලබාදීමේ වැඩසටහන සම්බන්ධයෙන් සීමාසහිත ශී‍්‍ර ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමයේ සභාපති රුවන් බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවේ‘දිවයින පුරා පිහිටි සමූපකාර සමිතිවල සාමාජිකයන් ලක්ෂ 70කට අධික පිරිසකට මෙම වැඩසටහන යටතේ පහසු ගෙවීමේ ක‍්‍රමයට COOP LIGHT CFL බල්බ ලබාදීමට අප තීරණය කළේ නිවෙස්වල විදුලිබිල අඩුකිරීමෙන් පවුල් ආර්ථිකය ගොඩනැගෙන බැවිනුයි. විශේෂයෙන්ම පහසුකම් සහිත නාගරික ප‍්‍රදේශවල ජනතාවට CFL බල්බ එක්වර මුදල් ගෙවා මිලදීගැනීමේ හැකියාව තිබුණත් අර්ධ නාගරීක හා ග‍්‍රාමීය ජනතාව එවැනි වියදමක් එක්වර දැරීම අසීරුයි. එහෙයින් මෙම වැඩසටහනෙන් තම ආර්ථිකයට ගැළපෙන ලෙසින් විදුලි බල්බ මිලදීගැනීමෙන් කදිම මුදල් ඉතිරියක් ලබාගත හැකියි. එමෙන්ම අතිරේක ආදායම් මාර්ග තුළින් මෙරට වූ ග‍්‍රාමීය බැංකු හා සමුපකාර සමිති සවිමත්කිරීම අපේ මෙම වැඩසටහනේ එක් අරමුණක් වන්නා සේම මෙම ගිවිසුම යටතේ ඔවුන්ගේ අලෙවි ඉලක්ක සපුරාගැනීමට සහයෝගය දැක්වීම අපේ තවත් අරමුණක්.‘ යන්න ය.
තම සමාගම විසින් නිපද වූ COOP LIGHT CFL බල්බ ශී‍්‍ර ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමයට සැපයීමේ අවබෝධාත්මක ගිවිසුම අත්සන්කිරීමෙන් පසු ප‍්‍රයිම් කලර් ටෙක්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එච්. එස්. ෂින් මහතා පැවසුවේ‘zවසර 2005 සිට මෙරට ව්‍යාපාරකරණයේ යෙඳෙන අප සමාගම CFL බල්බ නිපඳවීමේ විශිෂ්ටත්වයක් දක්වන කොරියානු තාක්ෂණයෙන් යුත් සමාගමක්. බවයි.
විශිෂ්ට ප‍්‍රමිතිය හා ආරක්ෂාව අරමුණු කරගෙන හඳුන්වාදුන් COOP LIGHT CFL බල්බ සඳහා ශී‍්‍ර ලංකා සුනීත්‍ය බලශක්ති අධිකාරිය පිරිනමන ‘තරු 5‘ ප‍්‍රමිති සහතිකයද ලැබී ඇත. බලශක්ති පිරිමැස්ම කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන ශී‍්‍ර ලංකාවට ඒ සඳහා සහයෝගය දක්වන නිෂ්පාදන කිහිපයක්ම ඉදිරියේදී නිකුත්කිරීමට තම සමාගම මේ දිනවල සැලසුම් කරමින් සිටින බව ද ඔහු පැවසී ය.
අවබෝධාත්මක ගිවිසුම අත්සන් කළ අවස්ථාව. වමේ සිට දකුණට- ප‍්‍රයිම් කලර් ටෙක්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එච්. එස්. ෂින් මහතා හා ශී‍්‍ර ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමයේ සභාපති රුවන් බණ්ඩාර තෙන්නකෝන් මහතා.
අවබෝධාත්මක ගිවිසුම අත්සන් කළ අවස්ථාව. වමේ සිට දකුණට- ප‍්‍රයිම් කලර් ටෙක්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එච්. එස්. ෂින් මහතා හා ශී‍්‍ර ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමයේ සභාපති රුවන් බණ්ඩාර තෙන්නකෝන් මහතා.
 උපුටා ගැනිම http://thecolombopost.net/?p=15473

No comments:

Post a Comment