ලිපි පෙල ගැස්ම

පිවිසුම් මග

Monday, 22 December 2014

සමුපකාර ගීතය.................ප‍්‍රබන්ධය කළේ සරණගුප්ත අමරසිංහ මහතාය. තනු නිර්මාණය කරන ලද්දේ ජේ. කේ. සෙබස්තියන් පෙරේරා මහතාය

සමුපකාර ව්‍යපාරයේ අභිමානය ලොවට කියන අපේ සමුපකාර ගීතය. ( සමුපකාර ගීතයේ පසු බිම - සි.ස මොරවක් කොරලයේ තේ නිපදවන්නන්ගේ සමුපකාර සමිතිය කොටපොල.) මේ විඩියෝව නිර්මානය සි.ස මොරවක් කොරලයේ තේ නිපදවන්නන්ගේ සමුපකාර සමිතිය කොටපොල විසින් සිදුකර ඇත. ඒ පිලිබදව ඌවේ අපි ඔවුන්හට ස්තුතිය පිරිනමමු.

සමුපකාර ගීතය ( Cooperative Song )


මහජන දියුණුව සැලසෙන්නේ
පදනම සහයෝගය වෙමිනේ
සමගි බලේ // / යොදවමිනේ
සිරිලක නිදහස රැුකදෙන්නේ
ජය වේවා සිරිදේවා - සමුපකාරය පැතිරේවා

උස්මිටිකම් අමතක කරදා
දුර හැර ආගම් කුල බේදා
අලස නොවී /// දිරිය යොදා
ලක්මව සුරකිමු අපි සැමදා
ජයවේවා - සිරිදේවා - සමුපකාරය පැතිරේවා

තම තමනට දෙන ආධාරේ
විලස ගැනේ සම උපකාරේ
දිළිඳු දනා /// පෙළ අතරේ
සේවය වෙයි සිරිලක් අඹරේ
ජය වේවා - සිරිදේවා - සමුපකාරය පැතිරේවා

සිය රට ගොඩමඩ ගොවිතැනෙහි
වෙළහෙළදාමෙහි අත්තමෙහි
දියුණුවටා /// මතු දිනෙහි
පිහිටයි සමුපකාරයෙහි
ජය වේවා - සිරිදේවා - සමුපකාරය පැතිරේවා

ජාතික ධනය ද සුදුසු ලෙසේ
පොදු ජනයා හට බෙදන ලෙසේ
සමවාසී /// ලැබෙන ලෙසේ
සමුපකාරයෙන් ඉඩ සැලසේ
ජය වේවා - සිරිදේවා - සමුපකාරය පැතිරේවා

සමුපකාරය බලය යොදා
රට තොට උවදුරු නැති කරදා
අසරණයා // දුකින් මුදා
සැමටම සුබසෙත කරමු උදා
ජය වේවා - සිරිදේවා සමුපකාරය පැතිරේවා

සමුපකාර ගීතය ප‍්‍රබන්ධය කළේ සරණගුප්ත අමරසිංහ මහතාය.
සමුපකාර ගීතයේ තනු නිර්මාණය කරන ලද්දේ
ජේ. කේ. සෙබස්තියන් පෙරේරා මහතාය

No comments:

Post a Comment